Saturday, July 20, 2013

ප්‍රසිද්ධිය කන්නද ඕයි !!!

J.Lo...
තවමත් කීදාහකගෙ නං හීන කුමරියද...
හරකත් නාඹර වෙන්න පටන්ගත්ත කාලෙ පිස්සු වැටිලා හිටියා. තාමත් හීනියට ඒ පිස්සුව තියෙනවා. ලිංගික ආකර්ශනේ ගැන කතා කරන්න නම් මරු අකුරු තුන...J.Lo.

පහුගිය දවසක FB එකේ රස්තියාදු ගහනකොට දැක්ක J.Lo'ගෙ fan page එකෙන් ෆොටෝ එකක් දාල. ඒ වෙද්දි අප්ලෝඩ් කරල මිනිත්තු 37යි. 77262 දෙනෙක් like කරල තිබුණ. ආයෙ ටික වෙලවකින් බැලුව. මිනිත්තු 44යි. like 83171යි.
(හරකගෙ කැල් එක කිව්ව..;)
  • 37mnts  -  77262 likes
  • 44mnts  -  83171 likes
  • 5909 likes within 7mnts
  • Average -  1890 likes per'mnt / 31 likes per'sec.
    J.Lo

මේ වගේ දේවල් ඕනතරම් සයිබර්'අවකාශගත උනාම හොයාගන්න පුලුවං. හැබැයි මේක වෙනස්.
මේක මිනිස්සු 80,000ක් විතර ‍රැස් වෙච්ච පිට්ටනියක J.Lo'ගෙ ෆොටෝ එකක් පෙන්නලා ඡන්දෙ ඉල්ලනව වගේ දෙයක් නෙමෙයි. සෙක්ස් හරි, සින්දු හරි, ‍ෆිල්ම් හරි, වෙන මොන'මගුලක් හින්ද හරි ලෝකෙ පුරා එක එක වැඩ වල නිරත වෙලා ඉන්න එක එක විදිහෙ මිනිස්සු ගොඩක් සුලු වෙලාවක් ඇතුලත තනි ෆොටෝ එකකට තමන්ගෙ අවධානෙ දෙනව...

හරකට මේක දැකපු වෙලාවෙ මතක් උනේ ලංකාවෙ ඉන්න විකල්ප කලා කාරයො සෙට් එක.

පහුගිය අවුරුදු 5ක විතර කාලෙදි එක එක අහු'මුලු වල රිංගල ලැබුනු අත්දැකීම්, දැකපු, අහපු, කියවපු දේවල් වලට අනුව නං...,
හරකට හිතෙන්නෙ මේ විකල්ප සෙට් එකන් ,
(මොන ටෝක්ස් දුන්නත්) ,
  • කොටසක්, 'විකල්ප'. ඒත්, mainstream එක ගැන උවමනාවක් නෑ.
  • කොටසක්, mainstream එකට යන්න බැරුව 'විකල්ප' වෙලා ඉන්න අය.
  • කොටසක්, mainstream එකේ ‍රැඳිල ඉන්න බඩු මදි නිසා 'විකල්ප' වෙලා ඉන්න අය.
  • කොටසක්, මෙලෝ තේරුමක්, රහක් නැතුව ඔහේ කරන්නන් වාලෙ එක එක ඒව කරන අය. කරන ඒව mainstream එකේ වැඩ වලට සෙට් නැති නිසයි මෙයාල 'විකල්ප'.
    (mainstream එකත් මෙහෙම බෙදුවොත්, වැඩ නිසා විකල්ප 'නොවන' මේ ජාතියෙම සෙට් එකක් ඉන්නවා)
මේ කොටස් හතර ඇතුලෙ, තව ප්‍රභේද ගොඩකට මේව කඩන්න පුලුවං.
[ හරක මෙතන 'විකල්ප' කලාව කියන්නෙ drama හෝ film වගේ එක දෙයක් ගැන නෙමෙයි. කලාවක් කියල සලකන හැම දේකම තියෙන වෙන් කරගන්න පුලුවන් 'විකල්ප(වෙනස්)' කොටසට... (out of box) ]

කොහොමහරි, මේ විකල්ප කට්ටියගෙන් වැඩි පිරිසකට තේරිල නැති හෝ තේරුම් ගන්නෙ නැති කාරණයක් තියෙනවා.

තමන් මොන කලාව මොන විදිහට කලත් ඒක වැඩි පිරිසක් අතරට යන තරමටයි ඒකට තේරුමක් තියෙන්නෙ. එහෙම නැතුව, කරන දේවල් විකල්ප සෙට් එක අතරෙම බෙදාගෙන උන් අතරෙම පොරක් උනාට ඒකෙ වැඩක් නෑ.

උත්තරේ තමන්ගෙ වැඩේ කරන අතරෙම mainstream එකටත් පනින එක.
සිංහලෙන් කියනවනං hit වෙන එක.
හැබැයි ලංකාවෙ mainstream එක දිහා බැලුවම, ගෙදරට වෙලා බුදියගත්තනම් හොඳයි කියල මන් වගේ තව හරක්ට හිතෙනවනම් ඒ'කත් සාධාරණයි.
ඒ'කොහොම උනත් මේ' විකල්ප උදවිය ටිකක් මොලේ කල්පනා කලොත් mainstream එක ඇතුලෙ තමන්ගෙ දේටත් ඉඩක් හදාගන්න 'පච නොවී' කරන්න පුලුවං පොඩි පොඩි 'සීන්'කෝන්' තියෙන බව තේරුම් ගන්න පුලුවන්.

කවුරු මොනවා කිව්වත් ,
හරකට තේරෙන විදිහට ලංකාවෙ විකල්ප සෙට් එක ඇතුලෙ මරු ඔලු ටිකක් , ටැලන්ට් තියෙන කොල්ලො කෙල්ලො ටිකක් ඉන්නව. සිස්ටම් එක ඇතුලෙ ඉඩ නැත්තං.., ඉඩ දෙන්නෙත් නැත්තං.. ඉඩ ගන්නත් ඕනෙ අපිම බව උඹලා,අපි තේරුම් ගන්න ඕනෙ.
තව විදිහකට කිව්වොත්,
කෙමිකල් ගහල පුරවපු සැමන් තියෙනකං විතරක් වටින ' දිලිසෙන ටින් ගොඩකුයි , මනාව උගත් වංශ'කතා කාරයො ටිකකුයි පිස්සු කෙලිද්දි ' උඹලා,අපි අපිටම කරගන්න කලා කෙරුවාවල් වැඩක් නෑ කියලයි හරකට හිතෙන්නෙ...

ප.ලි.

** මාතෘකාව පප්ප'ගෙ ටෝක් එකකින් අනුවර්තනය කොරා...

** කතා කරන්න ලේසි නිසා mainstream , out of box කියල බෙදා ගත්තට මේ ඔක්කොම එකයි කියලයි මට හිතෙන්නෙ. ඒත්ත්ත්......,
ලක්ෂ ගනන් මිනිස්සු මැරෙද්දි කට,පුක වහං හිටපු ' හරක් නිසා මරාගන්න මිනිස්සු ඉන්න රටක ...,
මොන mainstream ද , මොන out of box ද ...

** හිතවතෙක් (Denis Perera) FB පෝස්ට් එකක් දාල තිබුණා.
ඒකෙ මුලින් කියන ස්ථාන දෙකේම අදාල දින වලදි මමත් හිටියා. 95% 'ක් එකඟයි. මෙන්න ලින්ක් එක..

18 comments:

  1. machan umabata gelapena niyama nama dagaththa eka gena santhosai


    -a friend

    ReplyDelete
  2. හොඳ ලිවිල්ලක්. වෙනස්ම දැක්මක්. කෙටි සරළයි, දිගටම ලියන්න පුළුවන් නම්, අනාගතය පැහැදිලියි...

    ReplyDelete
  3. Go to ... Settings, Posts and Comments, Show word Verification and change it to "No"...

    ReplyDelete
    Replies
    1. Thanz අයියා... මන් settings වලින් ඒක හැදුවා.

      Delete
  4. Dear friends ,
    blog 1 බලපු සහ comment කරපු හැමෝටම thanz.
    මම තවම blog කෙරුවාවට අලුත්. blog 1 කේ technical අවුල් හෝ වෙන ගැටලු තියෙනවනම් මට කියන්න.
    thanz all !
    -තිලා-

    ReplyDelete
  5. අවුට් ඔෆ් බොක්ස් සංකල්පයේ දිග පලලා තීරණය වෙන්නේ මේන්ස්ට්‍රීම් එකේ දිග පලල අනුවම තමා , ඉතාම සරලව ගත්තොත් යකාගේ හැටියට තමා විමානේ . එතකොට ලංකාවේ අවුට් බොක්ස් කට්ටියත් වෙන තැනකට සාපේක්ෂව "බොක්ස්" එකක් ඇතුලෙ ඉන්න අය වෙන්න පුලුවන්. හේතු මහ ගොඩක් නිසා අපේ මෙන්ස්ට්‍රිම් එක අනාථ වෙලා තියෙන්නේ , එතකොට බලාපොරොත්තු වෙන්න පුලුවන් වෙන්නේ ඒ අනාථ බාවයට සාපේක්ෂ අවුට් ඔෆ් බොක්ස් එකක්

    මගේ රසය හැමදාමත් මේන්ස්ට්‍රිම් එකත් එක්ක තමයි ,පිස්සු වැටිලා නැතිවුනත් , ජෙනි නෝනගේ ෆොටෝව දැක්ක නම් මගෙත් ලයික් එකක් ඔය පොටෝවට වැටෙනවා !

    ReplyDelete
    Replies
    1. 100% එකඟයි.

      අහා... අනිවා... මමත් දැක්ක ගමන් මුලින්ම කරේ like කර 1 තමා...

      Delete
  6. මාත් දුවලා ගිනින් ලයික් එකක් දාලා එන්නම්...

    ආ... එළට ලියලා තියෙනවා!...දිගටම ලියන්න..ජය!!!!

    ReplyDelete

  7. මේ Followers ගැජට් එකත් එකතු කරන්න
    Layout -> Add a Gadget -> go to more Gadget Tab scroll down select last Gadget

    …සුබ අනාගතයක් !

    පෙට්ටගමේ ලොකු ජෝන්

    ReplyDelete
  8. අද ඔන්න මමත් මෙහෙ ආවා...

    දැක්මක් සහිත පෝස්ට් එකක්. ජය වේවා....

    ReplyDelete
  9. එල කිරි හරකෝ.... උබ මූණු පොතේත් ඉන්නවනෙ.... එල එල.... තව ඉස්සරහට කරගෙන පල... අපේ පැත්තෙත් ඇවිල්ල ගියාට තරහ වෙන්නෙ නෑ...

    http://jeevithayasundharai.blogspot.com

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete