Friday, July 26, 2013

හොටැන් ස් පයිසි ප්ලයිං පිෂ්

අතවරයක් වෙලා උසාවි ගියාම, වෙච්ච සිද්දියට වඩා ඇඳං හිටපු ඇඳුම ප්‍රශ්නයක් වෙන රටක්නෙ මේක... ඕනම දේකදි ප්‍රධාන කාරණාව පස්සට දාල වෙන සුළු සුළු කාරණාවල් මුලට අරං පිස්සු කෙලින එක ලංකාවෙ අපි වැඩිදෙනෙකුට පොදු ගතියක්. අපේ ජීවිත ඇතුලෙ හෝ සමාජීයව හෝ දේශපාලනිකව , මේ ගතිය එක එක ස්වරූප වලින් අඳුන ගන්න පුලුවං.
කොටින්ම හරකට හිතෙනව මේ ගතිය ලංකාවෙ සංස්කෘතික කාරණාවක් කියල.

හරක Flying Fish බැලුවා. ITN මෝඩ ජෝක් එක ගැන ලියන්න ඕන උනත්, ලියන්න අළුත් දෙයක් නැති ගානටම ඒ'ගැන ලිපි ලියවුනා. ඉතිං ඔක්කොම ලිපි වල ලින්ක්ස් එක තැනකට අරං පොඩි ලයිබ්‍රි පෝස්ට් එකක් දාන්න හිතනකොටම කතන්දර'කාරයා(කොටන්න) ඒ වගේ ලිපියකුත් දැම්ම. දැං මොකෝ කරන්නෙ..?@^#!.. නැට්ට වන වන ඉන්න අතරෙ ඕං නිමිත්තක් පහල උනා.

සංජීව අයිය (සංජීව පුෂ්පකුමාර) FB එකේ පෝස්ට් එකක් දාල තිබුණ. (හරක ලිපිය ලියන වෙලාව වෙද්දි ලින්ක් එක හොයාගන්න නෑ, might be deleted...)
මේ , ඒ post එක ;
"මට දැන් ඇති වේදනාව අන් කිසිවක් නොව මගේ සිනමාපටයේ නමවත් හරියට නොදැන කරනා ලිපි රචනා ගැනයි. මම පියාඹන මාළුවන් නමින් සිනමාපටයක් හදා නැත. අශෝක හදගමගේ සිට මගේ සිනමාපටයේ නම පියාඹන මාළුවන් යැයි කියනවිට ITN එකේ අය ගැන මට ඇතිවන්නේ ගෞරවයකි.මන්ද ඔවුන් චිත්රපටය නොබලා වුවද අඩුම තරම්න් මගේ චිත්රපටියේ නම ඉගිල්ලෙන මාළුවෝ (Flying Fish) යැයි හරියට කියයි. ඉගිල්ලෙන මාළුවන්(Flying Fish) උළෙලකදී බැළුවා යැයි කියා ලියන අශෝක හදගමගේ ලිපියට වඞා මට මගේ සිනමාපටයේ නම හරියට කියන එක වටීන්නනේය. මගේ මිතුරන් මෙ අදහසට උරන නොවත්වා.ඔබත් සිනමාපටයක් හැදු කළ කිසිවෙකු එහි නම වැරදියට කියන කළ පමණක් ඔබට මේ වේදනාව දැනෙු ඇත." 

 මේක කියෙව්වම හරකට දෙකක් හිතුන.
  1. මේක , ප්‍රතිපත්තියක් නැති තුප්පහි මාධ්‍ය හීනියට කොනිත්තපු කදිම උපහාසයට ලක්කිරීමක්.
  2. මේක , අවුල පැත්තක තියෙද්දි නමක් අල්ලගෙන වෙන මොකද්ද ඇරියස් එකක් කවර් කර'ගැනීමක්. 
සංජීව මේ පෝස්ට් එක දැම්මෙ (1.) නිසා කියල, හරක 99%'ක්ම විශ්වාස කරන් නැති නිසා හරකට ඕනේ (2.) ගැන කතා'කරන්න.

ජාතික ගීය වෙනුවට හිංදි ගීතයක් දැම්ම වගේම, කලා කෘතියක නම වැරදියට කීම හෝ සඳහන් කිරීම ලොකු අවුලක් තමයි. නමුත් සංජීව, ‍ෆිල්ම් එකේ නම වැරද්දීම ගැන කතාකිරීමෙන් නොනැවතී ITN ගැනත් තව කාරණා මේ post එකට ඇතුල් කරනව.

හරක හඳගම'වාදියෙක් නෙමෙයි. ඒත් Flying Fish සිද්දිය ගැන මේ වෙද්දි ලියවිලා තියෙන ලිපි වලින් හරකට නං හොඳම එක හඳගමගෙ ලිපිය.
හේතුව ;
ලංකාවෙ සිනමා'කරුවෝ සහ සිනමා'රසිකයෝ කියන දෙගොල්ලොගෙන්'ම averagely වැඩි පිරිසක් තාම ළිං'මැඩියො සහ ළිං'මැඩියො බව නොදන්න ළිං'මඩියො. (ළිං'මැඩි කතාව සාපේක්ෂයි : හරකත් ඇතුලුව හැමෝටම..) ඉතිං.., මොළය ස්වල්පයක් තියනවනං , ඕන හරකෙකුට Flying Fish ‍ෆිල්ම් එකට ලඝු නොවී සකල'සිනමාව ගැනම යම් ආකල්පමය වෙනසක් ඇති'කරගන්න පුළුවං විදිහට සහ කියෙව්වම තේරෙන විදිහට හඳගමගෙ ලිපිය ලියවිලා තියෙනව.
( 'කියෙව්වම තේරෙන විදිහට ලියනවා' කියල හරක කියන්නෙ , යටගිය දවස බරණැස්'නුවර ටයිප් එකට හෝ නව්‍ය පශ්චාත්නූතනවාදී සහවාසයේ යෙදීම් හා තුල්‍ය වන ප්‍රොකෘස්තියානු වෙස්ගත් අහවල් Xඑකේ ටයිප් එකට නොලියා ' ඕන හරකෙක්ට තේරෙන විදිහට ලියන එකටයි. )


මිනිස්සුන්ගෙ ඔළු හැදෙන්න කරන්න පුළුවන් දෙයක් කරනව මිසක් ඒක ඇහිරෙන විදිහට මත, හිතුවිලි ඉදිරිපත් කරන්න යන එකෙන් තව'තවත් වැඩිවෙන්නෙ, අපි පට්ට ආඩම්බරෙං කතා කරන ලංකාවෙ සාක්ෂරතාවය. මුලිං සන්ජීව'ගෙ පෝස්ට් එක බලල, ඊටපස්සෙ හඳගමගෙ ලිපිය ඇතුලු අනිත් ලිපි කියවන අය ඒව කොහොම කියවයිද කියල, හරකගෙ මේ ලිපියෙ පළවෙනි ඡේදෙ බැලුවම අදහසක් ගන්න පුළුවං වේවි.
ඒ නිසයි සංජීවගෙ මේ පුංචි පෝස්ට් එක ගැන හරක ලොකුවට අවුල් වෙන්නෙ.

කාලෙං කාලෙට මොකක්හරි ඉලව්වක පිට පොත්ත අල්ලගෙන නියම 'හොටැන් ස්පයිසි ෆන්' එකක් දෙන්න මේ රටේ තුප්පහි මාධ්‍ය හොඳට දන්නවනෙ... ජාතික රූපවහිනියත් ඕං 'විනිස' වැඩසටහනෙන් ෆන් එක ඩබල් කරන්න සෙට් වෙලා...

රාජාන්ඩුවකුයි, බත්'බැලයොයි, ණයට කහින ජනතාවකුයි පිස්සු කෙලින මේ ධර්මද්වීපෙ ඇතුලෙදි, නමක් එහෙ මෙහෙ උනා කියලා හිත රිද්දගන්න එපා බං ...

සංජීව අයියෙ , මේක ලංකාව...

 
ප.ලි.

(කොටන්න)

* ITN News එක




* හඳගමගෙ ලිපිය
බොහෝ දියුණු රටවල් චිත්‍රපට කිරීම මෙන්ම නැරඹීම ද තම තම රිසි පරිදි කරගැනීම සඳහා නිදහස දී තිබෙයි. එසේ නිදහස් රටවල සිනමාව කර්මාන්තයක් මෙන්ම කලාවක් ලෙසද දියුණුවී තිබෙයි. ආණ්ඩු චිත්‍රපට දැක කලබල වන්නේ නැත.

* මම කියවපු තවත් වැදගත් යයි හැ‍ඟෙන ලිපියක්...

 ජගත් චමිලගේ ගෙයි බිත්තියට මුවා වී සංජීව පුෂ්පකුමාරට වෙඩි තැබීම

4 comments:

  1. ඕක මොකක්ද බන්. කන පැලෙන්න හිනා වෙන්න ඕන නම්. උදේ 6.00 ට ජාතික රූපවාහිනිය බලපන්. කොන්ඩෙ කර්ල් එකෙක්, බඩු කෑල්ලකුත් පැත්තකින් තියාගෙන, විදෙස් විත්ති විචාරයක් කරණවා, මට දුක ඌ එක්සත් ජාතීන්ගේ සංවිධානේ මහ ලේඛම් කමට දාන්නෙ නැත්තෙ ඇයි කියලා. ඇමරිකාවේ එකෙක් පඩයක් ඇරියත්. ඌ කියන්නේ, හිරෝෂිමාවට බොම්බ දැම්මා වගේ කේස් එකක් විදියට.

    ReplyDelete
  2. චිත්‍රපටියේ නම මොකක් උනත් උඹේ හම බේරගනින් සංජීව කොල්ලො.රටේ ඕනර්ස්ලාට හොඳටම කේන්ති ගිහිල්ලා.

    ReplyDelete
  3. මේ ලිපියත් එකතු කළෙමි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කකා...!

      Delete