Friday, August 23, 2013

නිවන් සැප ලැබේවා...! _ (1 කොටස)

භානු අයියා ගියා...
ඒ සරල සුන්දර මිනිහ ගැන මොනවහරි කුරු‍ටු ගාන්න ඕන'උනත් , ඔහුගේ සමීපතම මිතුරෙක්(ධනංජය කරුණාරත්න) ලිව්ව ලිපියක් උපුටලා දාන'එක ඊට වඩා ගොඩක් සුදුසුයි කියල හරක හිතුවා...

තමන්ට සමීප කෙනෙක්, හිතවතෙක්, එහෙම නැත්තං මොනයම් විදිහකින් හෝ තමන්ට ලින්ක් එකක් තියෙන කෙනෙක් මියගියාම තමන්ට දැනෙන හැඟීම අපි එක එක විදිහට එලියට දානවා. එහෙම වෙලාවට නිවන් සැප පතන එක, වැඩි පිරිසක් බෞද්ධයො වෙච්ච ලංකාවෙ බොහෝ දෙනෙකුගෙ පුරුද්දක්. සමහර බෞද්ධ නොවන අයත් මියගිය හිතවතා බෞද්ධයෙක් නං, නිවන් සැප පතන හැටි හරක දැකල තියෙනවා. අපි හැමෝම ජීවිතේ ගැන මොන මොන අදහස් දැරුවත්, මත ප්‍රකාෂ කලත් මේවගේ වෙලාවට ඇතිවෙන හැඟීම එක්ක එන ප්‍රතික්‍රියා ඉතාම සාධාරණයි. සමහරු නිවන් සැප පතන්නෙ ඒගැන හරි අදහසකින් නොවුනත් ඒවා අවංකයි.

හරක පොඩි කාලෙ මලගෙදරකදි ආච්චි'අම්මගෙන් ඇහුවා "ඇයි ආච්චි අර බැනර් වල 'ඔබට නිවන් සැප ලැබේවා' කියල තියෙන්නෙ..? මැරුණු කෙනාට ඒක පේන් නෑනෙ" කියලා. එතකොට ආච්චි'අම්ම කිව්ව "පුතේ මැරුණු කෙනාගෙ ආත්මය මල ගෙදර සැරි සරනවා, ඒ දිහා බලං ඉන්නවා. එතකොට එයාට ඒව පේනවා" කියලා. සමහරු මලගෙවල් වල බැනර් දාන්නෙ එවැනි අදහසකුත් ඇතුව බව මිනිස්සු අතරෙ තියෙන සමහර විශ්වාස ගැන හොයල බලද්දි පේනව.
කොහොම උනත් හරකගෙ ජීවන අත්දැකීම් අනුව නං, බැනර් හරි වෙන මොන විදිහකින් හරි මැරුණ කෙනාට නිවන් සැප පතන ගොඩක් අය එහෙම කරන්නෙ, මැරුණ කෙනා ගැන තමං කොච්චර කෙයා කරනවද කියලා හෝ එයා එක්ක තමන්ටත් ලින්ක් එකක් තිබුණු බව හෝ නොමරුණු අයට පෙන්වන්න.

දැං කාලේ නං මෙහෙම අවස්තාවක් ආවම FB එකෙත් පෝස්ට් එකක් හරි කමෙන්ට් එකක් හරි දාල නිවන් සැප පතන එක සාමන්‍ය දෙයක්. හරක කලිනුත් කිව්ව වගේ තමන්ගෙ හිතවතෙක් මියගියාම දැනෙන හැඟීම අපි එක එක විදිහට ප්‍රකාෂ කරනවා, ඒකෙ කිසි වරදක් නෑ.
නමුත් පොඩි මෙව්ව'එකක් තියෙනවා...

අවුරුදු හතලිස් ගානක ජීවිතේ ඇතුලෙ භානු අයිය කරපු, කියපු හෝ කරන්න හිතං හිටපු කිසිම දෙයක් කලේ නිවන් සැප ලබන්න හිතාගෙන කියල නං හරක විශ්වාස කරන් නෑ. භානු අයියව අඳුනන හැමෝම ඒගැන දන්නව. ඉතිං එහෙව් මනුස්සයෙක්ට නිවන් සැප පතන එක මොනතරං අසාධාරණද කියල හරකට හිතෙනව. ඒ අවුල වැඩිපුරම දැනුනෙ භානු අයියගෙ FB පි‍ටුවෙ [page 1 , page 2 (කොටන්න) ] තිබුණු post & comment තොගේ දැක්කම.. අනික, ආයෙ කවදාවත් භානු අයියගෙ ආත්මය ඇවිත් FB එකේ සැරිසරන්නෙත් නෑනෙ.
(ඒ අතරෙ නිවන් සැපෙන් තොරව දාපු පෝස්ට් කීපෙකුත් තිබුණා)

අනේ'මංදා ඉතිං......
කෙනෙකුගෙ ජීවිතේට ආගමික කාරණාවක් මත තීරණයක් දෙන්න පුළුවන්ද කියන එක හරකට ප්‍රශ්නයක්...
කොහොම උනත් ,
මිනිස්සු තමං කැමති ආගමක් අදහන එකේ අවුලක් නෑ. සරලව බැලුවොත් මිනිස්සු එහෙම කරන එකේ මූලිකම අරමුණ තමංගෙ ජීවිතේ හොඳිං ගත කිරීම'නෙ.
හැබැයි, හිතවතෙක් මියගියාම කෙනෙක් දක්වන ප්‍රතිචාරය වගේ සරල දෙයක් ' ගැඹුරට ඇනලයිස් කරං'ගියොත්.., උඩින් අන්ඩර්ලයින් කරපු දේ අනිත්'පැත්ත , ඒ'කියන්නෙ ආගම නිසා තමන්ගෙ ජීවිතේ තමන්ට කොච්චර මිස් වෙලාද කියලා නං තේරුම් ගන්න පුළුවං.

ප.ලි.

* මටත් ආසයි කී දෙනෙකුගෙ පිනෙන් මට නිවන් යන්න පුලුවන්ද කියලා බලන්න. කවදහරි මං මැරිලා දවස් 7කට විතර පස්සේ, විනාඩි 20කට විතර ආපහු ඇවිත් FB ලොග් වෙලා යන්න පුලුවං ක්‍රමයක් දන්නවනං කියපල්ලා....තෑන්ක්ස්.

* නිවන් සැපටම අදාල, වෙන්'කරලා ගන්න පුලුවං තව කාරණා ටිකක් වෙනම ලිපියක්(2 කොටස) විදිහට ලියන්න හිතුවා, මේකෙ දිග වැඩි'වෙන නිසා...මෙතන කොටලා ඒකත් බලන්න.

නිවන් සැප ලැබේවා...! _ (2 කොටස)

5 comments:

  1. ඒ කොයි හැටි වෙතත් හරකෝ , එහෙම පාර්ථනා කරන කෙනාගේ හිතේ තියන දුක තූනී කරගන්න පුළුවන්නේද එහෙම කරන එකෙන්

    ReplyDelete
    Replies
    1. පොදු අර්ථයකින් හිතනවනම් , ඔව් ඒක හරි.

      Delete
  2. නිවන් පැතීම කරන්න පුළුවන් බෞද්ධයෙකුට. ඒ කියන්නෙ බෞද්ධයා විශ්වාස කරන්නෙ "නිවන" උතුම්ම ‍සැපය කියලනේ. අන්‍යාගමිකයෙකුට උනත් කියන්න පුළුවන්. (ප්‍රාර්ථනා කලාට නිවන් ලැබෙන්නෙ නැතිවීම වෙනම දෙයක්)

    ReplyDelete
  3. //භානු මුදල් සහ ජනප්‍රියත්වය ලැබෙනවිට පිළිවෙලක් වෙන්න කලබල නොවුන වර්ගයේ එකෙකි.//
    භානු යනු ඉතා සුන්දර මිනිහෙක් බව මම අසා ඇත්තෙමි.

    ReplyDelete
  4. නිවන ගැන කියන්න මම නිවන් ගිහින් නෑ. අනික ගොඩක් අය හිතන් ඉන්න විදිහට මලහම නිවන් යන්නෙත් නෑ. බුදුහාමුදුරුවො කොහෙ හරි මැරුණහම නිවන් යනව කියල තියනවනම් මමත් ඉක්මනට මැරෙණවා. හැබැයි නිවනට යන්න බුදු හාමුදුරුවො කියල දුන්න දර්ශනේට මම ගරු කරනවා.
    කුලප්පු වුනු අශ්වයෙක්ට තෝන් ලණුවක් තියනවනම් හොදයි කියල මම හිතනවා.
    නිවනක් නොදන්න කෙනෙක්ට නෙමෙයි නිවන ගැන හොදට දන්න ( හෝ දන්නවා කියල හිතන් ඉන්න කෙනෙක්ට )නිවන පැතීමෙන් ගන්න බෑ කියල විතරක් මම හොඳටමන්නවා.

    ReplyDelete