Sunday, October 27, 2013

අත්තම්මලා'ගේ තේරීම - අත්තානං

ජාතික යෞවන නාට්‍ය උළෙල අවුරුදු පතා පවත්වන්නෙ ජාතික තරුණ සේවා සභාව මගින්.(හැමෝම කටවහරෙ කියන 'යූත්' එක මගින්.) උළෙලේ 1, 2, 3 ස්ථාන ලබන කෙටි නාට්‍ය තුන ' රට වටේ පෙන්නන්න දිස්ත්‍රික්ක 25හේම දර්ශණ 25ක් සංවිධානය කරදීමේ වැඩපිළිවෙලක් යූත් එකෙං පටං ගත්තා 2007'දි. හැම රජයේ වැඩකටම වෙනවා වගේ මේ ප්‍රොජෙට්‍ටුවෙත් අව කැපිලා, ඇස්වහ'කටවහ දුරු වෙලා, තන්ත්‍රයට තැලිල'පොඩිවෙලා, ලොකු පු‍ටු වල ඉන්න බූරු පුත්තුංගෙ ආණ්ඩුවට සල්ලි ඉතුරු කරල දෙන යෝජනා වලිං පෙරිලා එද්දි අන්තිමට ප්‍රතිපාදන'ද මොනවදත් ගොඩක් අඩුවෙලා, දර්ශණ 25ත් 20කට අඩු වෙලා තිබුණ. නාට්‍ය කණ්ඩායම විසින්, දර්ශණයකදි තමන්ට ගෙවන මුදලින් ආහාර සපයා ගැනීම , රංගාලෝක උපකරණ වල කුලිය ගෙවීම ආදී විවිධ වියදම් දරා'ගතයුතු වුනා.

උන්නට වඩා මලා හොඳයි කියන්නා වගේ මුල්'තැන් ලබන යොවුන් කෙටි නාට්‍ය'කරුවොත් 'මොන මොන තර්ක'විතර්ක'යෝජනා ඉදිරිපත් කරලා ඒවා ඉ‍ටු'නොවුනත්, මේ රටපුරා සංචාරෙට එකතු උනා/වෙනවා. මොකද, බඩු පැකට් වෙමින් යන නාට්‍ය'කලාවක් හිමි ලංකාවෙ අලාභයක් නැතුව රට'පුරා කෙටි නාට්‍යක් පෙන්නන්න ලැබෙන එකම නාට්‍ය'කරුවන්ට ලොකු දෙයක් නිසා.

හරකත් 2009දි 'අත්තානං' කෙටි නාට්‍යයෙන් මේ ගමනට එකතු වෙලා ලබපු අත්දැකීම් වලිං බිඳක් ලියල දාන්නයි මේ හදන්නෙ...
අත්තානං
by Harsha Thennakoon

වැඩේ යන්නෙ මෙහෙමයි. යූත් එකේ සංස්කෘතික අංශය මගින් යූත්'දිස්ත්‍රික් කාර්යාල වලට දින ලබා දීල, ඒ ඒ දින'වලදි නාට්‍ය සංවිධානය කරන්න කියලා පවරනවා. අදාල ප්‍රතිපාදන, පොස්ටර්, හැන්ඩ්'බිල් ආදිය වෙන'වෙනම ඔවුන්ට යවනවා. දිස්ත්‍රික් කාර්යාල වලිං මේ'වැඩේ, ප්‍රාදේශීයව තියෙන යෞවන සමාජ වලිං මොකකට හරි දෙනව සංවිධානය කරන්න. ඉතිං ඒකෙ ඵලයක් විදිහට' ජීවිතේ පළමු වතාවට නම අහන්න ලැබෙන හද්ද පිටිසර ගමක' කිසිම පහසුකමක් නැතුව, 'හෝල් එකක ඡායාවක් ගෑවිලා තියෙනවා' කියලා හිතාගන්න පුළුවං මොකක්හරි පාසල් ගොඩනැගිල්ලක නාට්‍ය පෙන්නන්න වෙන අවස්ථා බහුලයි.

කෙටි නාට්‍ය තුන පෙන්නන්න සිද්දවෙන්නෙ මොනවගේ තත්වයක් යටතේද කියන එක මේ සංවිධායකයා මත රඳා පවතිනවා. මේයාලා නාට්‍ය තියා මොන කලාවක් ගැනවත් සංවේදී නැති, තේරුමක්/දැනුමක් නැති ' කොටින්ම මෙලෝ රහක් නැති රජයේ සේවකයො පමණයි. ඉතිං තමංගෙ ජොබ් එකේ කොටසක් විදිහට, කෙසේ හෝ පැවරුනු දේ කරල ඉවර කරන එක ඇරෙන්න' ඊට වඩා දෙයක් මේ සංවිධායකයින්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ.

මේ අතරෙ නාට්‍ය දර්ශණ සංවිධානය කරන්න පැනලා/රික්වෙස්ට්'කරලා බාරගන්න යෞවන සමාජ සාමාජිකයොත් ඉන්නවා. ගොඩක් වෙලාවට එයාලගෙ අරමුණ ඒ පලාතෙ කවුරු'හෝ මන්ත්‍රියෙක් මේකට ගෙන්නගෙන එයාලගෙන් තමන්'ට හොඳ නම ලබාගැනීම , නැත්තං මොකක් හෝ ඉදිරි අරමුණක් සඳහා ගම තුල ප්‍රසිද්ධ වීමේ මොකක්හරි වෙනම ඇජෙන්ඩා එකක්...
ගොඩක් වෙලාවට අපිට දකින්න ලැබුණු දෙයක් තමයි, උදේම හෝල් එකට යද්දි අතුගාල'පිරිසිදු කරලවත් නෑ, වේදිකාවෙ කැඩිච්ච ඩෙස්ක්'පු‍ටු ගොඩ'ගහලා. හැබැයි ඒ හැමතැනකම මල්'වැලුයි, එක එක හුටප්පරයි පුරවගෙන පොල්තෙල් පහන් ලෑස්ති කරන පිරිසක් නං අනිවාර්යෙන් ඉන්නවා. අපි කිව්වට පස්සෙයි උංට ස්ටේජ් එක මතක් වෙන්නෙ...(කොහොමත් ලංකාවෙ ගොඩක් වැඩ එහෙමනෙ.. ඔක්කොමත් හරි ' පොල්තෙල් පහනත් හරි.. පහනට ගිනිතියලා සංස්කෘතිය ‍රැක ගන්නවා මොනවා නැතත්..)
කොහොම'නමුත් මේ සංවිධායකයො අතරෙ ඉතාම හොඳින් නාට්‍ය සංවිධානය කරලා තිබුණු දෙතුන්'දෙනෙකුත් හිටපු බව මතක් කල යුතුයි.

නාට්‍ය දර්ශණ පවත්වන්නෙ' පාසල් දර්ශණයක් සහ මහජන දර්ශණයක් ලෙසයි. පාසල් දර්ශණයට පෙර, පැමිණි පාසල් වල නාට්‍ය හා රංග කලාව හදාරන ළමුන්ට පුංචි වැඩමුලුවක්'ද නාට්‍ය'කරුවන් විසින් කලයුතු වෙනවා.

2009දී මේ ගමනට එකතු'උනේ ගයාන් දේශප්‍රියගේ "කූඩුවට එනකං" , චාමර ගුරුගේ'ගේ "පෙම් යුවලක් සහ පෙම් යුවලක්" , හර්ෂ තෙන්නකෝන්'ගේ "අත්තානං" යන කෙටි නාට්‍ය තුනයි. යූත් එකෙං දිනෙයි වෙලාවයි දුන්නම අපි සෙට්'එක යූත් එකට යනවා. යූත් එකේ ප්‍රවාහන අංශය මගින් අදාල තැනට අපිව එක්ක'යනවා. නාට්‍ය තුනේ සෙට් එක' ලයිට් බඩු ආදිය වෙනම ලොරියක අරං යනවා.

"පළමු වැසි දිනය"
අපරාදෙ කියන්න බෑ' යූත් එකෙං නාට්‍ය කණ්ඩායම ෂෝ'ස් වලට එක්කං ගියේ එයාලගෙ සුඛෝපභෝගීම බස් රථයෙන්. සමහර ආසන වල වාඩි වෙලා යද්දි දැනෙන්නෙ කපු‍ටු කූඩුවක් උඩ යනවා වගේ..වැස්සකට අහු'උන මුල් දවසෙ තමයි දැනගත්තෙ පිටිපස්සෙම ආසන පේලි දෙක වැසි ජලයට ගෝචර බව.. වැහි දින වලදී ඇඟට වැටෙන ජල බිංදු වලිං වහනය'උනු මලකඩ සුවඳ  අපේ ගමනට අමුතු රසයකුත් එකතු කලා. කොහොම'උනත් වැහැපු මුල් දවසෙන් පස්සෙ, වැස්සකටවත් කුඩයක් ඉහලන්'නැති අපේ'උං ෂෝ එකකට යනවනං බස්'එක ඇතුලෙ ඉහලගන්න 'අනිවා ගෙනියනවා කුඩ..
දවසක් බදුල්ලෙ ෂෝ එකට ගිහිං පහුවදාට මොණරාගල ෂෝ එකට යන්න තියෙන නිසා කොහේදෝ'මංද කඳු'පල්ලං'වංගු වැඩි පැත්තක අපි ගිහිං නැවතුනා. පහුවදා උදේම ඩ්‍රයිවර් අයියා බස්'එකේ මොකද්ද ඇටයක් රෙපෙයාර් කරන්න තියෙනවා කියලා ගරාජ්කාරයෙක් හොයාගෙන ගියා බස් එකෙන්ම.. ඉතිං අපි එදා ෂෝ එකට අදාල සංවිධායකයටත් කෝල්'කරලා පරක්කු වෙන බව දන්නලා' ඔන්න බලං ඉන්නව.. සෑහෙන වෙලාවකට පස්සෙ ඩ්‍රයියා'ගෙන් කෝල් එකක් ;
  "මල්ලි අවුල හදාගත්තා. කට්ටිය සෙට්'වෙලා ඉන්න. ආපු ගමං සට ගාල යමු.."
ඕං කට්ටියත් සෙට්'උනා කියමුකො. විනාඩි 20කිං විතර ආපහු ඩ්‍රයියා'ගෙන් අතරමග ඉඳං කෝල්'එකක්..;
  "මල්ලි, ගරාජ්'බාසුන්නැහැගෙ නම්බර්'එක දෙන්නං. පොඩ්ඩක් කතා කරලා මෙතෙන්ට ගෙන්නලා දෙන්නකො. මේ ලබ්බෙ'ස්ටියරිං වීල් එක කැරකෙන්'නැතුව ගියා.
කෙලිං විතරයි යන්න පුළුවං.."
.     .     .     .     .
බඩු ගෙනියන ලොරියත් ඊට හපං.. පාරෙ යද්දි සෙනග උඩ'බිම බලනවා. උං හිතන්නෙ හෙලිකොප්ටරයක් එනවා කියලා. ඒ තරමට සද්දෙ...
ලොරියෙ කොලිටිය නිසාම සංචාරෙ දෙවෙනි දවසෙ ඉඳං ලයිට්ස් ඔක්කොම' නාට්‍ය'ගාල දක්කගෙන යන බස් එකටම පටවගෙන යන්න අපි පුරුදු'උනා.

එක'පාරක් දිඹුලාගල තිබුණු ෂෝ එකට කලිං දවසෙ අපි යන්න පිටත් වෙන්න හදද්දියි දැනගත්තෙ, ලයිට්'බඩු කුලියට ගන්න අයියට කලිං පණිවිඩේ ලැබිලා නැති බව. ඉතිං හදිස්සියෙ කොළඹිං ලයිට් හොය හොයා ඉන්න එක තේරුමක් නැති නිසා දිඹුලාගල ෂෝ එක සංවිධානය කරන කෙනාට කෝල්'කරලා කිව්වා, "එහෙං ලයිට් හයර්'කරන්න , අපි ඇවිත් ගෙවන්නං" කියලා. ඒ පැති වල නාට්‍ය පෙන්නන්න අවශ්‍ය ලයිට් හොයන්න අමාරු'බව දන්න නිසයි, ෂෝ එක කරන්න තිබුණු හෝල් එකේ ශක්‍යතාව අපි දැනන්'හිටපු නිසයි අපි සංවිධායකට කිව්වෙ 'හොඳට එලිය තියෙන අහවල්'අහවල් ලයිට් වර්ග වලිං 4ක් තිබුණොත් හොඳටම ඇති, කලර් පේපර්ස් අපි ලඟ තියෙනව, කොහොම හරි හොයලා තියන්න' කියලා. හැබැයි පොර එහෙ ඉඳං කිව්වා..;
"මල්ලිල බය වෙන්න එපා, නියම බඩු ටිකක් මෙහෙ තියෙනවා. කිව්වම එයාල ඇවිත් සෙට්'කරලා දීලත් යනවා. මං ගානට වැඩේ කරලා තියන්නං"
අපි දිඹුලාගලට යද්දි ගොඩක් රෑ වෙලා තිබුණා. කෝකටත් කියලා පහුවදා පාන්දරම හරකයි, 'කූඩුවට එනකං' නාට්ටියෙ ගයානුයි ගියා වැඩ කරන කෙනෙක්වත් කතා'කරගෙන හෝල් එකට, ගෙනල්ල තියෙන ලයිට්ස් ටික බලන්න. අපි යද්දි හෙන'සෙට් එකක් හි‍ටු කියලා වැඩ... කවදාවත් නොදැකපු අමුතු ගැජමැටික්ස්ස්ස් වගේකුත් හෝල් එකේ තැනින්'තැන තිබුණා. සමහර ගැජට් ඒ වෙනකොටත් බාර්'ගහලා එල්ලලා. මොකුත් හිතාගන්න බැරිඋන අපි, එතන ලොක්ක වගේ හිටපු ඩයල් එකට කතාකලා...
"අයියෙ, මේ මොනවද...?"
"ලයිට්.."
"ලයිට්...???"
"ඇයි මල්ලි අහවල් මහත්තය අපිට ඕඩර් එක දුන්නා උදේම ඇවිත් හයි'කරන්න කියලා.."
"අද තියෙන්නෙ නාට්ටියක්, මේවයිං කොහොමද අ......."
"ඔව් මල්ලි දන්නවා, ඊයෙ මහත්තය කිව්ව නාට්ටියක් කියලා. මේවා අළුත්ම බඩු මල්ලි. උඹලට නියමෙට වැඩේ කරන්න පුළුවං. මේවල වොයිස් රෙකග්නිසං තියෙනවා. ඔයාලගෙ වොයිස් එකට මේ ලයිට් වල රේන්බෝ කලර් ඔටෝ චේන්ජුත් වෙනවා. බය'වෙන්න එපා, අපි කන්සෝල් එක ගාව අපේ එකෙක්ව තියලයි යන්නෙ..."
සංවිධායක'කාරය ඕඩර්'කරලා තියෙන්නෙ ඒ පැත්තෙ මියුසිකල් ෂෝ'ස් වලට ලයිට් දෙන මුදලාලි කෙනෙකුගෙ බඩු වගයක්... අපිට තරු එක්ක රේන්බෝ කලර්සුත් පේන්න ගත්තා...
එවෙලෙම ගත්තා කෝල්'එකක් සංවිධායකට...
"අයියෙ මොනවද මේ ගෙන්නල තියෙන්නෙ ??? මේ ලයිට් වලිං නං නාට්ටි පෙන්නන්න බෑ.. අපිට ඕන කරන්...""
"ඇයි මල්ලි, ඔයාලට මාර කලර්ෆුල් විදිහට නාට්ටිය පෙන්නන්ඩ පුල්ළුවංනෙ. ඔයාල දන් නැති උනාට එයාලගෙ ලයිට් වල අළුත් වැඩ'කෑලි ගොඩක් තියෙනවා.."
ඒ'යකත් ඒකම කියවන්න ගත්තා. අපි කොච්චර තේරුං කරන්න හැදුවත් මිනිහට තේරුනේ නෑ, රේන්බෝ කලර් වලිං මේ නාට්‍ය පෙන්නන්න බැරි බව. අන්තිමට අපි ඒ ගමේ මරණාධාර සමිතියෙං ගෙන්න'ගත්තු හැලජන් 2ක් ගහලයි නාට්ටිය පෙන්නුවෙ.
පෙම් යුවලක් සහ පෙම් යුවලක්
by Chamara Guruge

ගම්'පලාත් වලදි යොවුන් නාට්‍ය බලන්න 60 පැනපු ආච්චිලා'සීයලා සෑහෙන්න එන බව, අපිට ෂෝ'ස් දෙක'තුනක් යද්දි කැපිලා පේන්න ගත්තා. විෂේශයෙන් ආච්චිලා... මේක නුපුරුදු අත්දැකීමක් නිසා අපි මේ වැඩිහිටි උදවිය එක්ක වටිං'ගොඩිං කතා'බහ කරලා හේතුව හොයාගත්තා. යූත් එකෙං පබ්ලිසිටියට ගහන පෝස්ටර්, හෑන්ඩ්'බිල් ඔක්කෝගෙම "අත්තානං" කෙටි නාට්‍ය සඳහා දාල තිබුණෙ මේ ලිපියෙ උඩින්ම තියෙන ෆොටෝ එක... ඒකෙ සිවුර දැකලා බෞද්ධ නාට්ටියක් කියලා හිතාගෙනයි මේ වැඩිහිටියෝ එන්න පෙළඹිලා තියෙන්නෙ...
තේරුං'ගන්න අපහසු ගැඹුරු නාට්‍යක් විදිහට ගොඩක් අය ප්‍රතිචාර දක්වපු "අත්තානං" නාට්‍යය, මේ වැඩිහිටි උදවියත් ඔහේ බලං හිටියා. ඔය'අතරෙ සිවුර දැකලා නාට්ටි බලන්න ආපු ගොඩක් ආච්චිලා "පෙම් යුවලක් සහ පෙම් යුවලක්" කෙටි නාට්‍ය යන'අතරෙදි බැන බැන ගෙදර යනවා. මොකද, මේ නාට්ටියෙ මැද හරියෙදි එක පෙම්වතියක් තමන්ගෙ පෙම්වතාගෙ කම්මුලට කිස් එකක් දෙන තැනක් තියෙනවා. මේක දැකපු සමහර ආච්චිලා තමංගෙ කොටහළු වෙච්ච මිණිපිරීලව ඇදගෙන බැන බැන යන්නෙ හරියට අපි ඒ කෙල්ලව දූෂනය කලා වගේ. දවසක් කිස් එකට හිරි'ඔතප් බිඳුනු ආච්චියෙක් ගමේ කොල්ලො දම්මලා නාට්ටි හැතිකරේට ගස්සනව කියලා නාට්‍යය අතරෙදිම සියළු නරඹන්නන් ඉදිරියේ ශපථ කරලා යන්න ගියා.
ආච්චිලා විතරක් නං බැරියෑ....මේ කාරණේදි වයස් භේදයක් තිබුණෙ නෑ. වයස , ස්ත්‍රී'පුරුෂ භේදයට සාපෙක්ෂව ආපු විවිධ ප්‍රතිචාර බොහොමෙකින් අපිට ප්‍රත්‍යක්ෂ වුණේ බහුතර සාමන්‍ය ජනතාවගෙ උප'විඥානයේ ස්වභාවයයි. වෙන විදිහකට කියනවනං, ලංකාවෙ වැඩි'හරියක් මිනිස්සුන්ගෙ, අවුරුදු 2500ක ශිෂ්ඨත්ව බරෙන් තැලුනු රසවින්දනයේ තරම තමා ඔය...
කොහොමහරි මේ සිද්දි නිසා, අනිත් නාට්‍ය කණ්ඩායම් දෙකෙන් "අත්තානං" නාට්‍ය කණ්ඩායමට වැදුනු සුන්දර 'හින්ට්' එකක් තමයි "අත්තම්මලා'ගේ තේරීම - අත්තානං" කියන්නෙ...

කූඩුවට එනකං
by Gayan Deshapriya
හරක' රට'පුරා යන නාට්‍ය කීපෙකට සම්බන්ධ වෙලා හිටියත්, ඒවා සංවිධානය කරන්නෙ යම්කිසි වෘත්තීය මට්ටමකින් නාට්‍ය සංවිධානය කරන අය විසිනුයි. ඔවුන් ගම්'පලාත් වලට නාට්‍ය ගෙනිච්චත් පෙන්නන්න ‍තෝරගන්නෙ, වැඩිපුර මිනිස්සු ගෙන්න'ගන්න පුළුවං ටවුන් වල තියෙන ශාලා නිසා අහු'මුළු වලට යැවෙන්නෙ නෑ. ඉතිං යූත් එකේ මේ නාට්‍ය පෙන්වීමේ වැඩපිළිවෙල අදහසක් විදිහට හරකට නං ඉතාම වටින දෙයක්. මොකද, සමහර ගම් වලදි කවදාවත් නාට්‍යක් නොබලපු නාට්‍ය ගුරුවරු පවා අපිට මුණගැහුනා. භරතමුණිව ඔළුවට දිය'කරගෙන ශාස්ත්‍රීය ටෝක් දෙන සමහර නාට්‍ය ගුරුවරුන්ට/ප්‍රොෆෙසර්ලට වඩා ළමයි අපිට සමීප වුණා. ළමයි අපි එක්ක කතා'බහ කරලා වගේම ප්‍රායෝගිකවත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒ මොනව නැතත්, කවදාවත් නාට්‍යක් නොබලපු අය නාට්‍යක් බැලුවා. නාට්‍යකට කියලා මනමේ, සිංහබාහු විතරක් බලලා තිබුණු සමහරු, ඊට වඩා වෙනස් නාට්‍යත් තියෙන බව දැනගත්තා.

හැබැයි ඉතිං ලංකාවෙ අනිත් හැම දෙයක්ම සිද්ද වෙන විදිහටමයි මේ වැඩපිළිවෙලත් ක්‍රියාත්මක වෙන්නෙ. අවසාන ඵලයක් දකින්න බෑ. ඒකයි හරකා මේ'වැඩපිළිවෙල අදහසක් විදිහට හොඳ බව උඩදී කිව්වෙ.
ගිය අවුරුද්දෙ(2012) "Reality" කෙටි නාට්‍යයෙනුත් හරක මේ චාරිකාවට එකතු'උනා. 2007දි දර්ශණ 25කින් 20ට බැහැලා පටංගත්තු මේ වැඩේ 2009 වෙද්දි දර්ශණ 15කට අඩු'උනා. නමුත් 2012 වෙද්දි ආපහු දර්ශණ 20ක් දක්වා වැඩි වෙලා තිබුණා. කපු‍ටු'කූඩෙයි හෙලිකොප්ටරෙයි වෙනුවට ඇත්තම බස්'එකක් සහ ලොරියක් ලැබුණා. ඒත් 2009දි ලබපු අත්දැකීම් එක්ක සසඳද්දි අවුරුදු 3ක් ගත'වෙලත් මේ ක්‍රියාවලියෙ නං කිසිම දියුණුවක් වෙලා තිබුණෙ නෑ. වෙලා තිබුණෙ,' නාට්‍යකරුවෝ, ප්‍රේක්ෂකයෝ සහ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන සේවකයෝ යන තුන්'ගොල්ලටම මේක මාර වැඩක් වගේ පේන්න/දැනෙන්න පොලිටිකල් අයිසිං පාරක් වැදිලා තිබුණු එක විතරයි. ඒ මදිවට 2012 වෙද්දි අර යොවුන් පාර්ලිමේන්තුවෙ හිපා‍ටුවොංගෙ ගඳ මේ හැම තැනකම පැතිරිලා තිබුණා. පත්තු කරපු පොල්තෙල් පහන් වලටවත් ඒ රස්නෙ කැපිල'ගියේ නෑ.

"අත්තානං" නාට්‍යත් එක්ක රට'පුරා අහු'මුළු වල රිංගන්න ලැබුණු මේ චාරිකාව, නගරෙ සැපට හැදිච්ච හරකට ජීවන අත්දැකීම් ගොඩක් එකතු කලා. නමුත් අපි හැමෝම ලබපු අත්දැකීම් එකිනෙකාට සාපේක්ෂයි. සමහරුන්ට මේ ගමන ඉතාම සාමන්‍යයි. ඔක්කොටම වඩා සල්ලි කීයක්'හරි එකතු කරගන්න ලැබෙන එක, ගොඩක් අය මේ ගමනට කැමැත්තෙන් එකතු වෙන්න හේතුවක්. ඔය අතරෙ මේ වැඩේ "පට්ට ඩ්‍රැමටික් ආර්ට්" එකක් වුණු දෙතුන්'දෙනෙකුත් හිටියා.
හහ් හා....
ඔහොම තමයි ඉතිං...
සාආආආ....පේක්ෂයි !!!

ප.ලි.

* ලංකාව වගේ රටවල මෙව්වා මේ වගේ උනාට, මනසින් දියුණු මිනිස්සු ජීවත් වෙන රටවල නාට්‍ය යනු අතිවිෂිශ්ට කලා මාධ්‍යක් (High Value Art) බව කරුණාවෙන් සලකන්න.

* Gladiator ප්‍රේමය _ ( නැරඹුවා'ද..??? ) ලිපියේ නාට්‍යක් තත්වාකාරයෙන් රූපගත කරන ආකාරය ගැන කෙටි සටහනක් තියෙනවා. ඒ ආකාරයට නොව, ආධුනික කැමරා ශිල්පියෙක් විසින් රූපගත කල "අත්තානං" නාට්‍යයේ වීඩියෝවක් පහත ලින්කුවෙන් නැරඹිය හැකියි.(එම වීඩියෝවෙන් "අත්තානං" නාට්‍යයේ සැබෑ රූපය සමඟ ගොනු'වූ යටිපෙල ප්‍රක්ෂේපණය වන්නේ අවම වශයෙන් බව සලකන්න.)
"අත්තානං" කෙටි නාට්‍යය


8 comments:

  1. ඇත්තටම ඉරිසියයි බං.අපිත් කැම්පස් එකේ ඔය පොඩි පොඩි නාට්‍ය කළාට මේ වගේ ආතල් එකක් ගන්ඩ ආසයි බං.ඒත් ඉතිං මක් කරන්ඩද?

    ReplyDelete
    Replies
    1. ආතල් නං තමයි. ඒත් පේන තරංම නෑ. මඩුවට එබුනට thanz දිනුක.

      Delete
  2. මම උඹේ මේ ලිපිය කියෙව්වා. මොනවා කියන්නද කියලා හිතෙන්නේ නැහැ. ඒ නිසා මම මීට කලකට පෙර වෙන බ්ලොගක දාපු කමෙන්ට් එකක් මෙතනින් ගෙනත් තියන්නම්.

    arugeadaviya6 August 2013 11:15
    //ඕක අනුකම්පාව ගන්න ඔය ෆීල්ඩ් වල අය කියන කතාවක් කියලයි මට හිතෙන්නේ///////
    මම ඒක එහෙම හිතන්නේ නැහැ.අනුකම්පාව ලබා ගැනීමට වඩා එතෙන කතා කලයුතු ප්‍රශ්න රාශියක් තියෙනවා.රිහසල් වලට තැනක් සොයා ගැනීමේ සිට(ඉස්සර වගේ පොඩි ඉස්කෝලයක් හොයාගන්නත් අමාරුයි.)මහජන ප්‍රදර්ශණය දක්වාම.මේක දකුණු ආසියානු නාට්‍යකරුවාගේ අභාග්‍යය ද මන්දා.Colombo International Theatre Festival සංවිධාණය කරන්න ගිහිල්ලා S.M සෆීර් කාපු කට්ට ගැන මෑතකදි කියවන්න ලැබුනා.නාට්‍ය අණු මංඩලවල සභාපති පුටුවල පාලු කපන චක්‍රවර්ති නලුවන්ටවත් මේවා ගැන කිසිම උවමනාවක් නැහැ.මහා සමයං නටනවා හැරෙන්න.
    හරියට මාකට් කරනවා කියන එක මට එච්චර තේරුනේ නැහැ.නාට්‍ය පැත්තකට දාන්නකො.නිකිනි වැස්ස ෆිල්ම් එකට මොකද වුනේ?එතන තිබිච්ච මාකටින් අවුල මොකද්ද?නාට්‍ය කරුවාගේ රාජකාරිය නාට්‍ය නිර්මාණය මිස පොලේ තියාගෙන විකුනන එක නොව බව වගකිවයුත්තන් තේරුම් නොගැනීමයි අවුල.ක්‍රමවේදයන් හී ඇති බරපතල අඩුපාඩු කතා කරන්නේ අනුකම්පාව ලබා ගැනීමට නොවේ. වැඩිපුර මිනිස්සු බලපු නැති බුඩීගේ මාතා ෆිල්ම් එක ආන්ඩුවේ සල්ලිවලින් අරන් නිකන් පෙන්නන්න මර්වින් සිල්වා දීපු ට්‍රයි එක දකින්න ඇතිනේ පහුගිය දවස් වල?

    ReplyDelete
    Replies
    1. කොහේදෝ තිබිලා කියවපු දෙයක් මතක් උනා.
      "Art is a mirror which reflects the color of society."
      පිරිහුනු සමාජෙක කලාව විතරක් හොඳ වේවි කියලා කොහොමත් බලාපොරොත්තු වෙන්න බෑ. සෆීර් අයියා International Theatre Festival එකක් ලංකාවෙ පැවැත්වීම සහ අවුරුදු පතා පවත්වාගෙන යාමට ගන්න උත්සාහය ඉතාම අගය කල යුතුයි. හරි නං මේව වෙන්න ඕනෙ රාජ්‍ය අනුග්‍රහයෙන්. උලෙළේ යම් යම් අඩු පාඩු තිබුණා. නමුත් එවැන්නක් සංවිධානය කිරීම සයිවර් කඩේක දෙන short'eats plate එකෙන් වඩයක් ‍තෝරගෙන කනව වගේ සරලයි කියලයි ගොඩක් අය හිතන්නෙ. සමහර කලා කරුවො කියලා හිතන් ඉන්න උං ඒ උලෙළ ගැන කතා කලේ තව කෙනෙකුට ගිහිං බලන්නවත් නොහිතෙන විදිහට... එවැනි අදහස් දැක්වීම් වල තිබුණෙ ඇත්තටම උලෙළේ තිබුණු අඩුපාඩු ගැන කතා කිරීමක් නොව M.සෆීර් යනු පුද්ගලිකව ඔවුන් අකමැති චරිතයක් වීම වැනි ඉතාම ප්‍රාථමික පහත් හේතුවක්.. මම සෆීර් අයියාගේ නාට්‍ය කණ්ඩායම නියෝජය කරන්නෙක් නෙමෙයි, නමුත් උලෙළට සහභාගී වූ කෙනෙක් හැටියට මං ඒක අත්දැක්කා...
      අනේ මංදා ඉතිං... මිනිස්සු මානසිකව දියුණු නොවන තාක් ඔහොම තමයි.

      ඔබේ කොමෙන්‍ටුවට thanz අරූ...

      Delete
  3. // වෙන විදිහකට කියනවනං, ලංකාවෙ වැඩි'හරියක් මිනිස්සුන්ගෙ, අවුරුදු 2500ක ශිෂ්ඨත්ව බරෙන් තැලුනු රසවින්දනයේ තරම තමා ඔය...//

    ලිපියේ වැඩියෙන්ම හිත ඇදිලා ගියේ ‍මේ කතාවට...
    කෙටිනාට්‍ය සංකල්පයට මමත් කැමතියි..ඒත් කොළඹ ඉන්න අපටවත් ඒවා හරියකට දකින්න නැති එක ගැන නම් කණගාටුයි..

    හරකා මේ ක්ෂේත්‍රයේ ඉන්න නිසා අළුතෙන් එන නාට්‍ය ගැන විස්තර කියන්න විජට්ටුවක් එල්ලගත්තොත් නරකද?

    ReplyDelete
    Replies
    1. මඩුවට එබුනට thanz රූ....

      බුකියේ නං මම MY NOTICE BOARD නමින් එහෙම වැඩක් කරගෙන යනවා. ඒකට දාන posters බ්ලොග් එකෙත් ඉබේම වැටෙන විදිහට දාන්න පුළුවං, මෙමරියත් අඩුවෙං යන විජෙට්‍ටුවක් ගැන දන්නවනම් මට කියන්න. thanz
      මට ඒ ගැන ලොකු දැනුමක් නෑ. slideshow විදිහට MY NOTICE BOARD එක tag කරන්න පුලුවං උනත් ඒ'විදිහට දැම්මොත් ලොකු මෙමරියක් යනවා lord වෙන්න.

      Delete
  4. මට මතක් වුනා ඉස්සර සණස සමිතියෙන් නාට්ටි වලට ගිය කාලේ ,,

    ReplyDelete