Saturday, October 5, 2013

ජීවිතය ජාල'ගත කර කෙලවා'ගැනීම : Disconnect

ගාල්ල-කොළඹ අධිවේගී මාර්ගය විවෘත වෙලා මාස දෙකකට විතර පස්සෙ මුල්'වරට හරක ඒ පාරෙන් ගාලු ගියා. යන අතරමගදි මනුස්සයෙක් අඩි දෙකක්වත් උස නැති යකඩ වැටෙන් පැනලා එළුවො තුන් දෙනෙකුත් පන්නගෙන, දක්කගෙන පාර මාරු උනා. අපි සාමන්‍යයෙන් පාර මාරු වෙද්දි එන වාහනේට නවතින්න අතින් සංඥා කරනවා වගේ, මේ මනුස්සයත් හරකට අත දික්'කරගෙනයි පාර මාරු උනේ.

ලෝකෙ කොහේ උනත් අලුත් දෙයක් සමාජගත වෙද්දි, ඒ වෙනස සාමාන්‍යකරණය වෙන්න ටික කාලයක් ගතවෙනවා. ඒක හැටි. හැබැයි ලංකාව වගේ රටවල ඛේදවාචකය තමයි සියළු අලුත්වීම් සිදුවෙන හැම අවස්ථාවකදිම, මිනිස්සු(සමාජය) ඒ වෙනසට මුහුණදිය හැකි මානසික මට්ටමට හා දැනුම් මට්ටමට වඩා දශක කීපයක් පි‍ටුපසින් සිටීම.
උඩිං කියපු සිද්දිය වගේ සිද්දි ඕන'තරං මේකට උදාහරණ විදිහට දක්වන්න පුළුවං. අධිවේගී මාර්ගය විවෘත කරපු දවස් වල ඒකෙ'යන වාහන වලට ගල් ගහපු මිනිස්සුත් හිටියා. ඒ වගේ සිද්දි දිහා බලද්දි'නං හිතෙන්නෙ අපි දශක ගානක් නෙමෙයි, අවුරුදු සිය'ගානක් පිටිපස්සෙන් ඉන්නව කියල.
" ඇයි එහෙම වෙන්නෙ ? " කියන ප්‍රශ්නෙට තියෙන්නෙ වචන 3ක් උනාට, උත්තරේ නං මලලසේකර ඩික්ෂ්නරිය පුරවන්න තරං දිගයි. ඉතිං හරකට ඕනෙ ඒ ගැන කියන්න නං නෙමෙයි.

පහුගිය දවසක හරක Disconnect කියන ‍ෆිල්ම් එක බැලුව. මේ වෙනකොට ලෝකයේ සිටින්නේ තාක්ෂණය සමග ජීවත් වෙන මිනිස්සු නොව තාක්ෂණය තුල ජීවත් වෙන මිනිස්සුයි. සයිබර්'අවකාශය අපේ ජීවිතයේ එක් කොටසක් වෙනවාට වඩා, අපි සයිබර්'අවකාශය තුල ජීවත් වෙන පිරිසක් වෙලා. ඒ වගේ ජීවිත තවත් අයගේ ගොදුරු බවට පත්වෙන්නෙ කොහොමද කියන එක, ඉතාම සංවේදීව Disconnect ඇතුලෙ කතාබහ කරනව. මේ ‍ෆිල්ම් එක මහා සිනමා කාව්‍යක් නෙමෙයි. බලන අය රූප'භාෂාවේ හරඹ හෝ රූප කියවන ආකාරය දැනගෙන ඉන්න ඕන නෑ. හරකට අනුව මේක ඉතාම වැදගත් චිත්‍රපටියක් වෙන්නෙ ඒ'නිසයි. බලන අය බුද්ධිමත්ව ඒක තමන්ගෙ ජීවිතයට අදාල කරගන්න. කිසිම දෙබසක් මග අරින්න එපා. ඒවගේම තිරයේ දිස්වෙන chat lines සියල්ල කියවන්න.(ඉක්මණින් කියවන්න අමාරු නම් pause කරමින් හෝ..) මොකද ඒ කතාව ඇතුලෙ ඉන්නෙ අපි'අපිමයි. ඒ අපේ ජීවිතයයි.

තවමත් ලංකාවෙ වැඩි පිරිසක් සයිබර්'අවකාශය හෝ සමාජ ජාල පාවිච්චියෙන් තොරයි. හැබැයි තව අවුරුදු කීපයක් තුල ඒක කනපිට හැරෙන බව නං සහතිකයි. මේ ලිපියෙ මුල්'හරිය වෙන විදිහකට ලියවුනෙත් ඒ නිසයි. Discunnect'හි කතාකරන ඛේදවාචකය, ඉස්සරහට අපේ සමාජය ඇතුලෙ දහ'දොලොස් ගුණයක් වඩා බරපතලව සිද්ද වෙන්න පුළුවං බව හරකට හිතෙන්නෙත් ඒ මුලිං කියපු කරුණු නිසාමයි.

මෙන්න Disconnect චිත්‍රපටියේ torrent link එක.
හැමෝම බාගෙන බලපල්ලා...
  • Disconnect (867mb bluray copy)
  • Disconnect (382mb copy) : (මේ පිටපත හොඳද කියල නං දන් නෑ. හැමෝම මේ ‍ෆිල්ම් එක බැලීම වඩා වැදගත් නිසා මේ ලින්ක් එකත් දැම්මා. උඩ එක බාන්න ලෝබයි වගේ නං මේකවත්  බාගෙන බලන්න)



23 comments:

  1. අනෙ හරකො දැන් ෆිල්ම් බලන්නෙම නැති ගානයි

    ReplyDelete
    Replies
    1. එහෙමද... එහෙනං අර අන්තිමට දාපු 380වෙ කෑල්ලවත් අරං බලමුකො...
      පාඩුවක් වෙන් නෑ...sure...
      ඇවිත් ගියාට ස්තුතියි !

      Delete
  2. watched this film. what u say s true malli, I get to experience this everyday whn I wrk wit my students.

    ReplyDelete
    Replies
    1. thanz akka.
      also thanking u to take a time to comment after watch the film. it might b a motivation for others.

      Delete
  3. වෙන්න පුළුවන්. එහෙම කිව්වට දැනුත් වෙලාද මංද!

    ReplyDelete
    Replies
    1. ඔව් දැනටත් බඩු පැකට් වෙච්ච උං ගොඩක් ඉන්නවා බං.

      Delete
  4. වැඩිහිටි පරම්පරාවෙ එකෙක් හැටියට මට ඔය ලෝකේ එච්චර හුරු නැහැ. හුරු උනා නම් මටත් ඔහොම වෙයි. අපේ දරුවෝ දැක්කම හිතෙනවා හැම දෙයක්ම සයිබර් නේද කියලා. යුනිවසිටිවල සියලුම වැඩවල ඉඳන් පවුමේ දෙකේ ටේක් අවේ එක ඇවිත් දොරට තට්ටු කරන එක දක්වා සයිබර් වෙලා. මටනම් සමහර විට කේන්ති යනවා හරකෝ.

    ReplyDelete
    Replies
    1. dear අරූ,
      මං හිතනව වැඩිහිටියො අනිවාර්යෙන් මේ film එක බලන්න ඕනෙමයි කියල. අනිවා බාගෙන බලන්න.

      Delete
  5. බාන්ඩ නං බෑ හරකෝ , වෙන විද්හක් බලමු

    ReplyDelete
    Replies
    1. අපොයි...
      කොහොමහරි හොයාගෙනවත් බලහං....

      Delete
  6. Replies
    1. අඹ යාළුවෙක් comment එකක් දැම්මමයි...
      ඇවිත් ගියාට thanz bro..

      උඹ මරු කිව්වෙ ලිපියද ? film එකද ?
      මං හිතන්නෙ උඹ තවම බලලා නෑ... ඉක්මනට බාගෙන බලහං.

      Delete
  7. ෆිල්ම් බෑවොත් ඔක්කොම කොරලා හමාරයි...

    හරකාගේ බ්ලොග් එකට ආවමයි තිලිණයෝ

    ReplyDelete
    Replies
    1. :( හ්ම්ම්ම්....
      එහෙනං කොහෙංහරි හොයාගෙනවත් බලන්න අනිවාර්යෙන්...

      ඇවිත් ගියාට thanz රෙහානි

      Delete
  8. හිටහං බලන්ඩ කවුරු හරි බාපු එකක්වත් තියෙනවද කියලා.

    ReplyDelete
  9. ඔන්න මාත් ආව හරකෝ ....:)

    මේකයි බං අපේ රට ගත්තොත් මම නම් කැමතියි ඒක දියුණු නොවී මේ තියෙන විදිහටම තියෙනව නම්.මෙමෙ මෙහෙම කියන්නේ මගේ රටට තියෙන ආදරය නැතිකම නිසා නෙවේ, ඔන්න මං ගැන වැරදියට හිතන්න නම් එපා ඕං...

    අපේ රටේ මිනිස්සුන්ගේ ස්වභාවය , කාලෙක ඉඳල (අපි අනිත් ජාතීන්ට යටත් වුනු කාලේ ) ඉඳල අපි පුරුදු කරගෙන අපු දේවල් නිසා මේ රට ක්ෂණිකව දියුණු වුනොත් , අපිට දකින්න පුළුවන් වෙයි කාන්තාරකරණය වුනු රටක් , විනාස වුනු රටක්..

    "කාන්තාරෙක තනි වුන මිනිසෙක්ට පොකුණක් හමු වුවොත් , ඔහු එයින් ඇති පදම් ජලය බොයි.කොහෙන් හරි බෝතල් ටිකකුත් හොයාගෙන එව්වත් පුරවගනී. තව මිනිසුන් සියයක් ඔය විදිහට කලොත් පොකුණ සිඳෙයි ...කාන්තාරය කාන්තාරයක්ම වෙයි.!"
    - මේක මට කිව්වෙ ලංකාවේ කුමණ කැලේ මැද්දේ තනියම ජිවිතේ ගෙවන ස්වාමීන්වහන්සේ කෙනෙක්....

    උඹේ අනිත් පොස්ට් ටිකත් කියවන්න ඕනි හිමින් සැරේ .. අර ෆිලිම් එක නං බැලුව,, ඒක සුපිරි ගනයේ එකක් , මමත් හිතන්නේ එක තේරෙන්න නම් අනිවා ඉංගිරිසි සබ් ටයිටල් හරි ඕනෙ....

    ReplyDelete
    Replies
    1. දියුණුව ගැන කියලා තියෙන දේ, ඔබේ අදහස... හැබැයි ඒක මේ ලිපියෙ තියෙන කරුණු එක්ක ගැලපෙන්නෙ කොහොමද කියලා මට තෙරෙන් නෑ.

      අදහස් දැක්වුවටයි, මඩුවට එබිල ගියාටයි ස්තුතියි විදුර.

      Delete
  10. බලන්න ආස හිතුණා විස්තරේ කීවාම ,, ඔයාගේ උදාහරනේ නියමයි

    ReplyDelete
    Replies
    1. :) බාගෙන බලන්නකෝ...
      ඇවිත් ගියාට thanz ඔමා.

      Delete