Sunday, November 17, 2013

නෝනිසාලංකාරය...

දැන් හැමෝම ක්‍රිස් නෝනිස් ආතල් එක අරං හිතේ හැටියට ඉවර ඇතැයි කියල හිතන නිසයි මේ ටික ලියන්නේ (කොහොමත් ඔය චුවිංගම් එකෙන් අපිට ආතල් එකකට කියල ඉතුරු වුණේ සිරිකොතේ ත්‍රාසජනක සටන් ජවනිකාවයි, නෝනිස් මහත්තයගෙ පට්ට කඩ්ඩයි විතරයි.)

ක්‍රිස් නෝනිස් කියන්නේ තානාපතිවරයෙක්. ඔහුගේ රාජකාරිය කොන්දේසි විරහිතව සිය මාතෘ භූමියේ ප්‍රතිපත්ති, විවේචනයෙන් ආරක්ෂා කිරීම. ඔහු ඒ රාජකාරිය අන්තිම විශිෂ්ට මට්ටමින් කළා. ඒකෙ සැකයක් නෑ. නමුත් ඔහුගේ කතාව දහ-දොළොස් පාරක් අහද්දී දැනෙන සරලම දේ තමා, LLRC කමිටු වාර්තාව ඇරෙන්න ඔහුට වෙන කියන්න දෙයක් නැති බව. මේ පාරට අර මනුස්සයාගේ හැකියාව නිසා බේරුණාට, මින් ඉස්සරහට නම් අපේ උන්දෙලාට ජාත්‍යන්තරයට පෙන්නන්න මීට වඩා දෙයක් කරල තියන්න වෙයි.

සාකච්ඡාව ගැන කියනවා නම්, ඉතුරු ටික ඉතිං නිවේදකයාගේ මොට්ටකම. සිය සම්පත් දායකයා (සිය අතීත යටත් විජිතයකින් ආපු) කල්ලෙක් වීම නිසාම, ඔහුට කඩ්ඩ බැරිය, ඔහු වෛද්‍යවරයෙක් වීම නිසාම ඔහු නීතිය/දේශපාලනය දන්නේ නැතිය කියල උපකල්පනය කරලා ඔහු අවතක්සේරු කිරීමේ ආනිසංසය තමා, සුද්දා ට්‍රේනිං ගිය කාලේවත් අහල නැති මට්ටමේ කඩ්ඩෙන් කන්දෙක පිරෙන්න අහගන්න ලැබීම.

ඊළඟ පට්ටම ආතල් එක තමා දැන් ක්‍රිස් නෝනිස් මහත්මයාව උඩ දාගෙන පුම්බන බොහෝ දෙනා, ඔහු එංගලන්තයේ උගත්, බටහිර අධ්‍යාපනය ඉහළින්ම ලැබූ, සිංහල කතෝලිකයෙක් බව නොදැනීම. සිංහල වෙන්න නම් බෞද්ධ වෙන්ඩ ඕනේ, කතෝලිකයෝ සිංහලයෝ නෙමෙයි කියල කෑගහන, ඉංග්‍රීසි දැනුම සහ සුද්දගෙ දැනුම තුට්ටුවට දාල කතා කරන, "කැම්පස් ලොකු නෑ / බටහිර විද්‍යාව ලොකු නෑ" කියල කියන "ජාතිකවාතකාර" උන්දෙලා, (දොර-මඩ-ලා ගන්න ප්‍රෝග්‍රෑම් වලදි බටහිර අධ්‍යාපනයට එරෙහිව කෙස්පැලෙන විචාර දෙන ගමන් තමන්ගේ දරුවන්ට ඉහළින්ම බටහිර අධ්‍යපනය දෙන මහැදුරුතුමන්ලාත් ඇතුළුව) දැන් මොකද කියන්නේ? බටහිර අධ්‍යාපනය ලද, කතෝලික, කඩ්ඩෙන් කතාකරන, ආදී ජෝසපියන් කෙනෙකු වන ක්‍රිස් නෝනිස් මහතා සිංහල ද? නැද්ද? දීහල්ල බලන්න උත්තර.

ඊළඟට: විදේශයක ඉගෙන ගත්තු කතෝලික ක්‍රිස් නෝනිස් මහතා අපේ රට වෙනුවෙන් ලොව ඉහළම ප්‍රවෘත්ති නාලිකාවක් වන CNN සමග වාග් ප්‍රහාරයක ඉඳිද්දි, අපේ රටේ පැරණිම දේශපාලන පක්ෂයක් වන, සංකේතය පවා සිංහල බෞද්ධ සංකේතයක් වන, නමට "ජාතික" කෑල්ල අලවගත්තු, හොඳ සිංහල නමක් තියෙන පක්ෂ මූලස්ථානයක එක්රැස් වෙච්ච අපේ රටේම මිනිස්සු, චැනල් 4 කියන ටැබ්ලොයිඩ් ගණයේ නාලිකාවකට පේන්න "යුද අපරාධ" වලට සාක්ෂි රැගත් ඡායාරූප ප්‍රදර්ශනයක් තියනවා. දැන් කවුද දේශප්‍රේමියෝ, කවුද දේශද්‍රෝහියෝ? සිංහල බෞද්ධ ලකුණක් දරන පක්ෂය ද, අර බටහිර හැදී වැඩුණු කතෝලිකයා ද?

ඊළඟට: යුධ අපරාධ ගැන අපෙන් ප්‍රශ්න කරන නාලිකා දෙකක් මේ සතියේ අපි දැක්කා, සමගාමීව. එකක් CNN, අනික චැනල් 4. චැනල් 4 විරෝධයට වැඩියේ බුද්ධ චීවරය ඇඟේ දාගෙන ඉන්න ස්වාමීන් වහන්සේ නමක්. CNN එක්ක හැප්පුණේ කතෝලික ගිහියෙක්. දැන් මේ දෙකෙන් වඩා සාර්ථක වුණේ කවුද? අසාර්ථක වුණේ කවුද? එක්කෙනෙක් නිසා ජාති ආගම් භේදයකින් තොරව රටක් ආඩම්බර වෙද්දී, අනිකා නිසා බෞද්ධයන්ට පාරේ බැහැල යන්න බැරි මට්ටමට ඇවිල්ල තියෙනවා. දැන් අපි තෝරාගන්න ඕනේ කාගෙ ප්‍රතිපත්තිය ද?

මෙන්න සරලම සමාලෝචනය: "පිරුණු කළේ - දිය නොසැලේ".

ප.ලි: තව පොඩ්ඩෙන් අමතක වෙනවා. සිරිකොත සිද්ධිය ගැන එක්තරා මහාචාර්යවරයකුගේ පැහැදිලි කිරීම ලබන සතියේ පුවත්පතේ යන්නේ මෙහෙමයි.

"ගැසීම යන ක්‍රියාපදය තුළ, ගසන්නෙක් සහ ගුටි කන්නෙක් ඉන්නා බවක් අදහස් වේ. හරියටම වැටෙනවා කී විට ඉබේම 'උඩ/යට' යන සංකල්ප ඇතුලත්ව ඇත්තා සේ ය. මෙකී පහර දෙන්නා සහ පහර කන්නා වශයෙන් ද්වියාර්ථයක් ඇත්තේ බටහිර ග්‍රීක් යුදෙව් ක්‍රිස්තියානි ද්විකෝටික තර්කන ක්‍රමය තුළ ය. අපට අනුව නම් ඕක ද්විකෝටිකය නොව චතුෂ්කොටිකය විය යුතුය. එනම්, ගැහුවා, ගැහුවේ නෑ, ගැහුවේ නැත්තේ නෑ සහ ගැහුවේ නැතුව නොහිටියේ නෑ වශයෙන් අවස්ථා හතරක් පවතී. දැන් අපි ගැසීම යන පදය මෙසේ විභේදනය කරනු දුටුවිට මෙරට අනුකාරක පඬියන් සහ බටහිරින් ගෙන්වා බෙදාහරින පුස්කාච්ච දැනුම් ඇන්කරයන්, ගැහුවා නම් කවුරු කාටද කියා විමසන බව අපි දනිමු. ගසන්නෙක් හෝ නොගසන්නෙක් හෝ, නොගසා ගසන්නෙක් හෝ, නොගසා නොසිටින්නෙක් වශයෙන් පුද්ගල පඥ්ඥප්තියක් ඇත්තේ ඊශ්‍රායලයේ මෝසෙස් ගේ ඊනියා හීබෘ-දේවවාදී බටහිර රේඛීය චින්තනය තුළ මිස, අපේ දේශීය සිංහල බෞද්ධ චක්‍රීය චින්තනය තුළ නොවේ. අපට අනුව මෙතැන සත්ත්ව පුද්ගල පඥ්ඥප්තියක් නැත. ඇත්තේ පංචස්කන්ධ පමණි. එසේ සත්ත්වයෙක් සිටිනවා, එනම් ගසන්නෙක් සිටිනවා ය කීම මනසේ නිර්මාණයක් වෙයි. මනස ද මනසේ නිර්මාණයක් ම බැවින්, මා එකදාස් නවසිය බරගණන් වල 'මගේ මෙවුවා එක' නම් පොතේ අහවල් පිටුවේ යට දාරයේ විස්තර කර ඇති ආකාරයට, මෙහි ගත යුත්තක් හෝ විභේදනය කළ යුත්තක් නැතිව යයි. මෙය සම්බන්ධයෙන් අප එතරම් කලබල නොවිය යුත්තේ එබැවිනි. එහෙත් අප කලබල විය යුතු දෙයක් ද තිබේ. එනම්, මේ හරහා පරාජිත විදුලි වසන්තය, රතුපස්වල ජල වසන්තය, වෙනුවට (අනාගත ක්‍රිකට් වසන්තය එනතුරා) ගුටි වසන්තයක් බිහිකරගන්නට සහ එමගින් මේ දේශප්‍රේමී ආණ්ඩුව පෙරළා දමන්නට කැස කවන, දෙමළ වෙල්ලාල ඩයස්පෝරාවේ ඩොලර් කාක්කන්ගේ රූකඩ බවට පත්ව සිටින, ඇමරිකාවේ නූල් සූත්තර අනුව නැටවෙන, දේශද්‍රෝහී කාලකන්ණි බලවේග සූදානම් වෙමින් සිටින බව පෙනේ. අප මේ මොහොතේ සියලු විවාද පසෙක ලා අපේ අතිගරු ජනපති තුමා මෙකී බලවේග වලින් බේරාගෙන රැකගත යුත්තේ එබැවිනි. "


-චමීර දෙද්දුවගේ-
(Sunday , 17/11/2013)
(https://www.facebook.com/cjdrox)


[ සහෘදයෙක් විසින් ලියන ලද ලිපියකි ]

10 comments:

  1. හිටාන් ආයේ කියෝලා එන්නම් ඔලුව මොනාද වුනා , :)

    ReplyDelete
  2. නලින්ද සිල්වාNov 17, 2013, 1:36:00 PM

    ගුදමග මිසක් මට වෙන විකුනන්ඩ දෙයක් නෑ.

    ReplyDelete
  3. පට්ට පට පට. වෙන කියන්ඩ දෙයක් නෑ. රිදෙන්නම දීල තියෙනවා කස්ටියට! ජයවේවා!!!

    ReplyDelete
  4. එකම එක දෙයයි කියන්න තියෙන්නේ හරකෝ... මේ ආණ්ඩුව අසමත් කියලනේ කිව්වේ. දැන් පෙන්නුවා ඉතාම අසමත් කියලා. සිංහල බෞද්ධ කසාය වැඩියෙන් බීලා දැන් බඩ යනවා.

    ReplyDelete
  5. //ක්‍රිස් නෝනිස් කියන්නේ තානාපතිවරයෙක්. ඔහුගේ රාජකාරිය කොන්දේසි විරහිතව සිය මාතෘ භූමියේ ප්‍රතිපත්ති, විවේචනයෙන් ආරක්ෂා කිරීම. ඔහු ඒ රාජකාරිය අන්තිම විශිෂ්ට මට්ටමින් කළා.//

    මං මේක එෆ් බී එකේදි කොහෙ හරි කියෙව්වනෙ බං .. :O

    ReplyDelete
  6. ෆේස්බුක් එකේ අපේ අය උඩ දාගෙන ඕක ෂෙයාර් කලාට, ඔහුගේ ව්‍යක්ත ඉංග්‍රීසිය ඇරෙන්න මතවාදී ලෙස විශේෂයෙන් සඳහන් කරන්න තරම් සාර්ථක පිළිතුරු ඔහු දුන්නේ නැහැ. ඒ කියන්නේ බටහිරට දෙන්නේ ඕනේ මට්ටමේ පිළිතුරු ඔහුට තිබ්බේ නැහැ. හැබැ‍යි මා නම් ඉතාමත් කැමතියි ඔහු වැනි රාජ්‍ය තාන්ත්‍රිකයන් අපට සිටිනවාට. මේ, රටේ රජය විසින් ඔහුව දමා ඇති තත්වයට, ඔහු අපේ බොහෝ රාජ්‍ය තාන්ත්‍රිකයන්ට වඩා ඉතා හොඳින් මුහුණදුන් අවස්ථාවක්. මානව හිමිකම් ගැන සැබෑ උවමනාවක් යම් පමණකින් හෝ රජයට තිබුණා නම් මොවුන්ගේ හැකියාවෙන් ඉහළම ප්‍රයෝජන ගන්න තිබ්බා. බටහිරට ගරහන, බටහිර දෑ ඉවත දැමිය යුතුයි වගේ අදහස් වල ඉන්න අයට නම් මෙයින් පාඩමක් ඉගෙනගන්න පුළුවන්... මොකද අද ඔවුන්ට ආඩම්බර වෙන්න වෙලා තියෙන්නේ ශ්‍රී ලාංකිකයෙක් සුද්දටත් වඩා හොඳින් ඔවුන්ගෙ බස හැසිරවීම පිළිබඳව නිසා... ආගම් පිළිබඳ අදාලත්වයක් මට නම් මෙතැන පේන්නේ නෑ... එක අයෙක් උගත් බුද්ධිමත් රාජ්‍ය තාන්ත්‍රිකයෙක්... අනෙකා සිවුරක් පොරවා ගත් මැරයෙක්...

    ReplyDelete
    Replies
    1. +++++++

      ක්‍රිස් නෝනිස් “ ලස්සනට ලිස්සලා ගියා...”

      Delete
  7. මම එතරම් ඉංග්‍රීසි දන්නේ නැත..අපේ දුව මම තරම් දේශපාලනය දන්නේ නැත. ක්‍රිස් නෝනිස් ඉගෙනගත්ත රටේම ඉගෙනගත් අපේ දුව ඇහුවේ....ඉංග්‍රීසි දැන ගත් පමණින්ම සාර්ථක රාජ්‍ය තන්ත්‍රිකයෙකු විය හැකිද යන්නය. ඇය සිනාසුනාය. දුරකථනය විසන්ධි විය..මම හඬනගා සිනාසුනෙමි. වෙන කියන්න දෙයක් නැත.

    හිසේ ගිනි ඇවිලෙතේ
    පසේ බුදුවරු ඇතේ
    ඇසේ තෙත ඇත හිතේ
    කියන්නේ කාටදෝ......

    ReplyDelete
  8. කොමෙන්ට් වලට පිළිතුරු නොදුන්නේ මේ ලිපිය ලිව්වේ හරකා නොව, මගේ පාසල් මිතුරෙක් වන "චමීර දෙද්දුවගේ" විසින් නිසයි. ලිපිය කියවපු/කොමෙන්ට් කරපු ඔබ සැමට ස්තූතියි !
    ලිපිය ගැන කතා කරන අතරතුර චමීර විසින් කියූ දෙයක් අවසන් වශයෙන් ලියන්නම්.

    "මේ තියෙන්නෙ අපේ රටේ මිනිස්සුන්ගෙ දෙබිඩි'කම. තමන්ට වාසි දේවල් කියනකම්/කරනකම් ඌ අපේ එකා. නැත්තම් ඌ පර'දෙමලා, හම්බයා, කුරුස'කාරයා"

    ReplyDelete
    Replies
    1. එහෙමද හරකෝ ,, එයා දක්ෂ කතා කාරයෙක් කියලා ඔමා කිවුවා කියන්න

      Delete