Friday, August 30, 2013

නිවන් සැප ලැබේවා...! _ (2 කොටස)

කාලෙකට කලිං, ලංකාවෙ හොඳම ස්වභාවික පානීය ජලය තිබුණු ප්‍රදේශයක මිනිස්සුන්ට මේ'දවස් වල සල්ලි දීල වතුර ගන්න සිද්ද වෙලා. ඉතිං ඒ ප්‍රදෙශයේ මහත්මයෙක් තමංගෙ පුද්ගලික මුදලින් ලක්ෂ 12ක් වියදම් කරල, වතුර පිරිසිදු කරන මැෂින් 2ක් ගෙනත් සවිකරල, හැකි'පමණින් ඒ'පැත්තෙ මිනිස්සුන්ට පානීය ජලය නොමිලේ දෙනව කියල නිවුස් එකක් දැක්කා. එය කාර්ය්‍ය ඉතාම අගය කල යුතු දෙයක්. ඒ මහතා එහෙම කරන්නෙ තමන්ගෙ මියගිය පියාට පිං පිණිසලු.

හරකගෙ ඥාතියෙක් මේ ලඟදි මාසයක් තිස්සෙ බේත්'කරල පිලිකාවකින් සුවය ලැබුවා. නම අගට මොනවදෝ ඉංග්‍රිස් අකුරු ගොඩක් ගහ'ගත්ත මහත්තුරු පිරිසක් "තව මාසෙකට වැඩිය ජීවත් වෙන් නෑ, අපිට පුළුවං ට්‍රයි කරන්න විතරයි" කිව්ව මේ රෝගියව, සුව කෙරුවෙ වෙද'මහත්තයෙක්. එතුමා මේ'වෙද්දි පිලිකා රෝගීන් එකසිය'විසි'ගානක් සුව කරලා තියෙනවා. සුව'කරන්න බැරිවුන අයත් ඇති...කොහොම උනත් කිසිම මුදල් අය'කිරීමකින් තොරව එතුමා කරන මේ කාර්ය්‍යට හරකා ගොඩක් ගරු කරනවා.
මේ වෙද'මහත්තය වෙද'මහත්තයෙක් නෙමෙයි. වෙන මොකක් හෝ රස්සාවක් කරගෙන හිටපු කෙනෙක්. නමුත් තමන්ගෙ බිරිඳ පිලිකා රෝගයකින් මියගිය නිසා එතුමියට පිං පිණිස, මෙතුමාට තිබෙන කුමක් හෝ දැනුමක් පදනම් කරගෙනයි මේ'වෙදකම කරගෙන යන්නෙ...

උඩින් කිව්ව සිද්දි 2 වගේ ලංකාවෙ වුන/වෙන සිද්දි ලියනවනං ලක්ෂ'ගානක් ඇති. මේවා මහා පරිමාණෙන්, සුළු පරිමාණෙන්, එහෙමත් නැත්තම් ඇති'හැකි පමණින් තමන්ට'හරි වෙන'කාටහරි පිං පිණිස කරන දේවල්...
ඉතිං සරලවම බැලුවොත් මේ 'පිං' කියන්නෙ, හොඳ වැඩ කියලා අර්ථ දක්වන්න පුළුවං දේවල් කරන්න මිනිස්සුන්ව පොලඹවන පට්ට සංකල්පයක්.

හැබැයි...,
අර මනුස්සයගෙ තාත්ත මැරුණෙ නැත්තං, වතුර පිරිසිදු කරන මැෂින් 2ක් ඒ පලාතට ගෙන්වන එකක් නෑ නේද කියලා හරකට හිතෙනවා...
ඒ'වගේම අර වෙද'මහත්තයගෙ බිරිඳ මිය නොගියා නං, අර සුව'වුනා කිව්ව රෝගීන් අද මිය ගිහිං වෙන්න පුළුවං නේද කියලත් හරකට හිතෙනවා...
ඒ'ගැන තවදුරටත් හිතනවනං, සමහරවිට, ඒ'මහත්තයගෙ බිරිඳ පිලිකාවකින් නැතුව වෙන මොකක්'හරි ලෙඩකින් මියගියා නං, ඒත් අර සුවය ලැබූ පිලිකා රෝගීන්ට මේ'වෙද්දි බඩු පැකට් වෙලා වෙන්න පුළුවං.
පිං කියලා දෙයක් තිබුණෙ නැත්තං, මේ පිං කරන මිනිස්සුන්ගෙන් කී'දෙනෙකුට ඇත්තටම මේ' සත්ගුණවත් දේවල් කරන්න හිතේවිද ??? කියන එක ප්‍රශ්නයක්...

ඉතිං , මේ පිං පිණිස කරන හැම'දෙයක්ම ඉතාම අගය කල'යුතු දේවල් වුනත් ඒක එහෙම්ම'මත් නෙමෙයි...
හරකට නං, බහු'ජාතික සමාගම් ලංකාව වගේ රටවල් වල තියෙන පිච්චියත් පුළුවං හැම ක්‍රමේකින්ම අදිනවා වගේ, නරුම ඩීල් එකක් තමයි - හොඳ'වැඩ/පිං'අතේ වැඩ කියලා මිනිස්සු එක'එක පුණ්‍ය කටයුතු කරලා තමංගෙ අධ්‍යාත්මය ඇතුලට පිං අදින එක...
හැමෝම මේ දේවල් කරන්නෙ, අභිධර්මයේ සිත ගැන හෝ සූත්‍ර දේශනා වල පිං'පව් ගැන හෝ කරන විග්‍රහයන්  මනාව දැනගෙන කියලා හරක හිතන් නෑ. ඒවා දැනගෙනම සියල්ල කල'යුතුයි කියලා හරකා හිතන්නෙත් නෑ.
නමුත් සංකල්පයක් විදිහට හිත'යට නිවන් යන්න අදහසකුත් තියාගෙන සැප වෙනුවෙන් හැමෝම පිං කරනවා...

හරක කිසිම ආගමක් අදහන්නෙ නෑ. ආගමක් අදහන මිනිස්සු තමං කැමති ආගමක් අදහන එකෙත් කිසිම වරදක් නෑ.
නමුත්, අපි හැමෝම තමංගෙ ජීවිතේ හොඳිං ගත'කිරීම සඳහා පිළිපදින/අදහන මොකක් හෝ ආගමකින්, තමන් තුල ජීවත් වෙන මුග්ධ'ආත්මාර්ථකාමී මිනිහව අඳුනගන්න තියෙන ඉඩ වහගෙන ඉන්නවනං..,
මොකද්ද බං මේකෙ තේරුම..... ?

ප.ලි.

* මම මේ ලිපියෙන් කතා කරන්නෙ පොදුවේ වැඩි පිරිස ගැන...
ලිපියේ මුලින් කියන සිද්දි 2ට අදාල දෙන්නගෙ නම් දැම්මෙ නැත්තෙත්, වැඩි'දෙනෙකුට අනුව, මගේ අදහස ඔවුන්ට අගෞරව කිරීමක් විය හැකි නිසා... මටත් එහෙම අරමුණක් නෑ.

* ලිපියට අදාල නොවුනත් පළමු ඡේදයට අදාල පෝස්ට් එකක් ධනංජය අයියා දාල තිබුණා. මෙන්න...


* නිවන් සැප ලැබේවා...! _ (1 කොටස) 


4 comments:

  1. අත්දැකීම් තමයි මිනිස්සු පූර්ණත්වයට පත් කරන්නේ.. පව පින කියන දේත් සාපේක්ෂයි. නමුත් මේක අගය කරන්න තරම් වචන නොමැති, සමාජ සත්කාරයක්... විශේෂයෙන් නොමිලේ දෙන එක...

    ReplyDelete
    Replies
    1. මම හිතනවා ආගමක් මිනිහව අද්‍යාත්මයේ ඉන්න කෙන අඳුන ගන්න ඉඩ දෙන්නේ නෑ. මොකද ඒක අඳුන ගත්ත දාට ආගමට පැවැත්මක් නෑ. හැබැයි බෞද්ධ දර්ශනය (ගොඩ දෙනෙක් ඔලුවෙ ටියන් වදින පිං රැස් කරන එක ගැන නෙමෙයි මම කතා කරන්නේ )අද්‍යාත්මයේ ඉන්න යකා විතරක් නෙමෙයි, ඉන්නවනම් දෙවියත් අදුන ගන්න ඉඩ සලසනවා. ඒක විනාස වෙමින් යනව.
      comment කරන්න බැරි තරම් දේවල් මෙක ගැන කියන්න තියනවා.

      Delete
    2. @ Sudesh//මම හිතනවා ආගමක් මිනිහව අද්‍යාත්මයේ ඉන්න කෙන අඳුන ගන්න ඉඩ දෙන්නේ නෑ. මොකද ඒක අඳුන ගත්ත දාට ආගමට පැවැත්මක් නෑ//

      මම ලියන්න හිතපුදේ සුදේශ් ඉතා කෙටියෙන් සරළව කියලා තියෙනවා.මේක තමයි මම දකින ඇත්ත.

      Delete
    3. @ sudesh ;
      "මම හිතනවා ආගමක් මිනිහව අද්‍යාත්මයේ ඉන්න කෙන අඳුන ගන්න ඉඩ දෙන්නේ නෑ."

      බුදුදහම දර්ශනයක් විදිහට තෙරුම්'ගන්න/පිලිපදින්න උත්සහ ගන්න අය ඉන්නෙ බොහොම ටික දෙනයි. අනිත් බෞද්ධයෝ ඔක්කොම සවිඥානිකව හෝ අවිඥානිකව ඇදහීමක් තමා කරන්නෙ. ඉතින් පොදුවේ සියලුම ආගම් අදහන අයගෙන් වැඩි පිරිසකට වෙලා තියෙන්නෙත් ආගම නිසා තමාව miss වෙලා තියෙන එක...
      මේ ලිපියෙන් මම කියාගන්න දඟලපු දේ Sudesh එක වාක්‍යකින් කියලා තියෙනවා.
      ස්තුතිය් !

      Delete