Saturday, September 7, 2013

Lotto... - ඔටෝ ' පෝසත් වෙන්න කැමති අයට...

හරක පොඩි'කාලෙ හරකගෙ නෑදෑයො , ගෙවල් පැත්තේ ඉන්න සමහර අය' එහෙම හරකට කියලා ලොත‍රැයි ටිකට් ගෙන්න'ගන්නවා. එයාලට විශ්වාසයක් තිබුණා හරක හරි වාසනාවන්තයි කියලා. එහෙම හිතුවෙ ඇයි'ද කියලා නං දන් නෑ. හැබැයි තවමත් ඉඳලා'හිටලා හරක ලව්ව ටිකට් ගන්න අය ඉන්නවා. දන්නා තරමින් කාටවත් ඒව ඇදිලා නං නෑ. ඇදිලා' නොකියපු අය ඉන්නවද දන්නෙත් නෑ. කොහොමහරි මේක පොඩි'කාලෙ ඉඳලම සිද්ද'උන නිසා හරක ගන්න ටිකට් ඇදෙන්න වැඩි'ඉඩක් තියෙනවා කියල අදහසක්, නොදැනුවත්වම හරකගෙ හිතෙත් තැන්පත් උනා. ඉතිං සමහර වෙලාවට හරකා, යාළුවන්ගෙ උපන්'දින වලට එහෙම birthday present එක විදිහට ලොත‍රැයි ටිකට් එකක් අරං ලියුම්'කවරෙක දාලා දෙනවා. ඒ'වැඩෙන් හරකටත් ලාබයි , ඇදුනොතිං යාළුවට පට්ට ලාබයි. මේ'නිසා ගෙවල්'පැත්තෙ සමහර යාළුවො'ගෙන් හිනා'වෙවී බලු'බැනුම් අහගෙනත් තියෙනවා. හැබැයි බැන්නට උං එකෙක්වත් තෑග්ග රිටර්න් කරලත් නෑ...
ඒ'ඇරුනම ලොත‍රැයි ගන්න පුරුද්දක් හරකට නැති'උනත්, සමහර ලොත‍රැයි විකුණන අය දැක්කම එන ෆීලිං එකත් එක්ක සමහර දවස් වල ටිකට් අරං තියෙනවා. ගොඩක් වෙලාවට ඒව ඇදුනද කියලා බලන්නත් අමතක වෙනවා. හැබැයි මෙච්චර කාලෙකට බලන්න මතක්වුනු ඒව'ගෙන් නම් 5000කුයි 1000කුයි 20සෙ කෑලි 2කුයි ඇදිලා තියෙනවා... අනිත් ඒව ඇදිලා නෑ... ඒ'තමා හරකගෙ ලොත‍රැයි පිළිබඳ අත්දැකීම...

ලොත‍රැයි තියෙන්නෙ ලංකාවෙ විතරක් නෙමෙයි. ගොඩක් රටවල පුද්ගලික කොම්පැනි විදිහටත්, රාජ්‍ය මට්ටමෙනුත් ලොත‍රැයි විකිණීම සිද්ද'වෙනවා. හරක නං මේ ලොත‍රැයි දකින්නෙ, නැති'බැරි මිනිහගෙ තුට්‍ටු දෙකට විදින්න බිහිවුණු තවත් එක් ක්‍රමයක් විදිහට..(රජය විසින් නීත්‍යානුකූලව මුදල් මංකොල්ල කෑම - හරියට සමහර බදු වගේ...)
ඒ'කොහොම වෙතත් නැති'බැරි අය විතරක් නෙමෙයි, සමාජෙ සියළුම ස්ථර අතරෙ ලොත‍රැයි මිලදී'ගන්න අය ඉන්නවා. කවුද ඉතිං අකමැති ඔටෝ පෝසත් වෙන්න...

හරකට අනුව නං, කැමති කෙනෙක් කැමති විදිහකට ලොත‍රැයි ගත්තාවෙ... කිසි අවුලක් නෑ. මොකද, ගන්න'නොගන්න තීරණය තමුංගෙ... කාට'උනත් ඇදුනොතිං නරකයැ...
හැබැයි, මේ' ලොත‍රැයි ගන්න ගොඩාක් අය (හරකට හිතෙන විදිහට 90%ක්'වත්..) තමං ගන්න ලොත‍රැයියට පළමු තෑග්ග ඇදෙන්න තියෙන සම්භාවිතාව ගැන , එහෙම නැත්තම් මොන'විදිහක හෝ දිනුමක් ඇදෙන්න තියෙන්නෙ මොන'වගේ ඉඩක්ද කියලා හරියට දන්නෙ නෑ. ඒ'ගැන හැකි'තරම් සරලව කියන එක තමා අද හරකගෙ ලිපියෙ අරමුණ...

අපි නිකමට හිතමු මල් 100ක් තියෙනවා..(රතු මල් 1යි , සුදු මල් 99යි)
මේ මල් 100යෙන්, 50ක් ගෝනියකට දාල, බලන්නෙ නැතුව අත'දාල 1'මලක් ගන්න කියනවා. එහෙම ගන්න මල, රතු'පාට මල වෙන්න පුළුවන්ද ? "ඔව්", පුළුවං.. එහෙම වෙන්න ඉඩ'තියෙනවා... හැබැයි රතු මල තියෙන්නෙ ගෝනියට දාපු නැති මල් ගොඩේ නං.. ?????
මේ 'මල්' උදාහරණෙත් එක්ක, ඊළඟට කියන දේවල් තේරුම්'ගන්න ලේසි'වෙයි කියලා හරකා හිතනවා...

ගණිතයේ එන "ක්‍රමාරෝපිත ගණනය කිරීම" ගැන, ගණං'කාරයො නං දන්නවා. හැබැයි ඒකෙ මූලික අවස්ථාවන් තේරුම් ගන්න ඕනම කෙනෙකුට පුළුවං, හරි ලේසියි. ගණං'කාරයෙක් වෙන්නම ඕන නෑ.
අපි හිතමු, ලොත‍රැයියක් ගහනවා අංක 3ක් තියෙන.. ඒකෙ අංකයක් සඳහා පාවිච්චි කරන්නෙත් 0,1,2 කියන ඉලක්කම් විතරයි කියලා හිතමු.
දැං අපි බලමු 0,1,2 යන ඉලක්කම් පාවිච්චි කරලා අංක රටා කීයක් හදන්න පුළුවන්ද කියලා. පහල තියෙන්නෙ එහෙම හදන්න පුළුවං රටා ටික...
0,0,0          1,0,0          2,0,0
0,0,1          1,0,1          2,0,1
0,0,2          1,0,2          2,0,2

0,1,0          1,1,0          2,1,0
0,1,1          1,1,1          2,1,1
0,1,2          1,1,2          2,1,2

0,2,0          1,2,0          2,2,0
0,2,1          1,2,1          2,2,1
0,2,2          1,2,2          2,2,2

අංක රටා 27ක් හදන්න පුළුවං. ඒ'කියන්නෙ අපි උදාහරණයක් විදිහට උඩිං ගත්ත ඉලක්කම් තුනේ ටිකට් එකෙන්, අපිට එකිනෙකට වෙනස් ටිකට් 27ක් ප්‍රින්ට් කරන්න පුළුවං කියන එකයි. ලියලා බලන්නෙ නැතුව මෙන්න මේ විදිහට ගණනය කලොත් අපිට ටිකට්'පත් ගණන ලබා'ගන්නත් පුළුවං.
දැං අපි 'මහජන සම්පත' වගේ ටිකට් එකක් උදාහරණයක් විදිහට අරගෙන ඒකෙ අංක රටා කීයකින් ටිකට් ප්‍රින්ට් කරන්න පුළුවන්ද කියලා බලමු.
තව උදාහරණයක් විදිහට අර ලග්න තියෙන ටිකට් එක'කත් අංක රටා කීයක් තියෙනවද කියලා බලමු.
එක දිනුම් වාරයක් සඳහා ලොත‍රැයි'පතකට ඇතුලත් කල'හැකි අංක රටා ගණන හොයා'ගන්න විදිහත් , ලොත‍රැයි'පතේ අංක,අකුරු හෝ රුප භාවිත කරන ප්‍රමාණය අනුව එම රටා ගණන අඩු'වැඩි වෙන බවත් දැං තේරෙනවා ඇති.
හරක දන්න තරමින්, ලංකාවෙ එක දිනුම්'වාරයක් සඳහා එක ලොත‍රැයි වර්ගයකින් ටිකට්පත් ලක්ෂ 20ත් 40ත් අතර ප්‍රමාණයක් ප්‍රින්ට් කරනවා. මොකද ඒ'තමයි සාමන්‍යයෙන් ලංකාවෙ එක ලොත‍රැයියකින් විකිණෙන ටිකට් ප්‍රමාණය... ඉතිං දැං ඔයාලට හිතාගන්න පුළුවං, 'සුපිරි ත්‍යාගය' කියන 'රතු මල' වැඩිපුරම තියෙන්න ඉඩ තියෙන්නෙ ගෝනියෙන් පිට බව. කොහොමත් ලෝකෙ කිසිම ලොතරයියක, එක වාරෙකදි ප්‍රින්ට් කරන්න පුළුවං සියළු අංක රටා භාවිත කරල ඔක්කොම ටිකට් ටික ප්‍රින්ට් කරන්නෙ නෑ. ප්‍රින්ට් කරන්නෙ යම් සීමාවකට විතරයි. ඒ වගේම, එකම අංක රටාව සහිත ටිකට් දෙකක් ප්‍රින්ට් නොකර ඉන්නත්
ඒ ඒ කොම්පැනි වග බලා ගන්නවා. මොකද, නිකං'හරි ඇදුනොත් සුපිරි ත්‍යාග දෙකක් දෙන්න වෙනවනෙ... සුපිරි ත්‍යාගය ඇරුනම අනිත් ත්‍යාග සඳහා සම්භාවිතාවත්, ඊට වඩා ඕන'නං දශම ගානක් වැඩියි... එච්චරයි.

හරකගෙ ලොත‍රැයි පාඩම නං ඉවරයි. හැබැයි තව දෙයක් කියන්න තියෙනවා.

2008'දි, ඒ වෙනකොට තිබුණු සියළු ලොත‍රැයි වල මිල රු.10 සිට රු.20 දක්වා වැඩි කලා. ටිකට් ගන්න අයට මතක ඇති, මේ මිල වැඩි'කිරීමත් එක්කම ජැක්පොට් එකත් වැඩි'උනා. හරකට මතක විදිහට ඒ කාලෙ ජැක්පොට් එකට රු. කෝටියක් දුන්නෙ මහජන සම්පත ලොත‍රැයියෙ විතරයි. අනිත් ඒ'වල ලොකුම තෑග්ග ලක්ෂ 10ක් හෝ 20ක් තමයි උනේ. නමුත් 2008දි ටිකට් වල මිල වැඩි'වෙනවාත් එක්කම හැම ටිකට් එකේම වගේ ජැක්පොට් එකත් රු. කෝටිය දක්වා වැඩි'උනා. ඉතිං වැඩි'උනු ජැක්පොට් එක ගැන මාර මාර වර්ණනා එක්ක TV, radio, පත්තර ඇඩ් 'වලිං ඒ'කාලෙ පිරිලා තිබුණු බව ටිකට් ගන්න අයට වගේම නොගන්න අයටත් මතක ඇති.
හැබැයි, ඒ ඇඩ්ස් වල කියවුනේ නැති කාරණයක් තියෙනවා...

කලිං ;
අංක රටාව:  00 00 00 00 විදිහට තිබුණු ටිකට් වලට ජැක්පොට් එක වැඩි'වෙන ගමන්, තව ඉංග්‍රීසි අකුරක් හෝ ලග්නයක් හෝ සුපිරි අංකයක් හෝ මොකක්හරි මගුලකුත් එකතු'උනා.
කලිං ;
අංක රටාව: A 0 0 0 0 0 විදිහට තිබුණු ටිකට් වලට ජැක්පොට් එක වැඩි'වෙන ගමන්, අංක ඩබල් උනා..(00)

 හැබැයි, මෙහෙම පොඩියට ඉලක්කමක් හෝ අකුරක් වැඩි උන ගමන්, අංක රටා ගණන නං වැඩි වෙන්නෙ පොඩියට නෙමෙයි, ලක්ෂ'කෝටි ගණනින්.. නමුත් ප්‍රින්ට් කරන්නෙ වෙනදා ගහන ගානමයි.. ඒ බව ගොඩක් අය දන්නෙ නෑ, ලොත‍රැයි ගහන උං කියන්නෙත් නෑ.

අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ ,
ලොත‍රැයියක් ඇදෙනවා කියන්නෙ, ඇත්තටම ඇදුනු කෙනා හැබෑම වාසනාවන්තයෙක්... හැබැයි ඒ වාසනාවයන්තයට ලැබෙන්නෙත්, එයා වගේම වාසනාව උරගාල බලුපු තවත් මිනිස්සු දහස් ගානකගෙ සල්ලි සහ හීන වල වටිනාකමයි.

ප.ලි.

* ලංකාවේ, එක් ලොත‍රැයි වර්ගයකින්, එක් දිනුම්'වාරයක් සඳහා ප්‍රින්ට් කරන ටිකට් ගණන, 'දන්නා තරමින් ලක්ෂ 20ත් 40ත්  අතර ගණනක්' ලෙසයි සඳහන් කලේ. නිවැරදිම ගණන හොයා'ගන්න උත්සාහ කලත් බැරි'උනා. හොයාබලන්න දමිත්, ක්‍රිෂානි, මාතලන්, සාරංග මල්ලී උදව් උනා.
හරිම ගණන දන්න කෙනෙක් කමෙන්ට් කරපල්ලා...තෑන්ක්ස්.

* අර පිං'පොං බෝල උඩ'දාල දිනුම් අදින ලොත‍රැයි වල, බෝල එක'සයිස් උනාට, බර වෙනස් කරල හදලා ජැක්පොට් එක සූක්ෂමව පරක්කු කරන්න, ඕනෙ'නං මණ්ඩලේට පුලුවං. මොකද ප්‍රින්ට් කරන සියලු අංක ඔවුන්ගේ දත්ත ගබඩාවෙ තියෙනවනෙ... ඉතිං එහෙම කරනවද දන්නෙත් නෑ... හැබැයි ඒ කාරණේ නං මං කියන්නෙ වගකීමකින් නෙමෙයි. නිකං හිතුනු දෙයක්...

* මේ ලිපිය ලියන්න හිතුනෙ "සෑම්'s BLOG" එකේ සැමා ලියපු ලිපි 2ක් දැකලා. ඒ දෙකත් කෙ‍ටුවොත් බලන්න පුළුවං.
post 1 , post 2

18 comments:

  1. මමත් පුරුද්දක් හැටියට ස්වීප් ගන්නවා මෙහෙ එකක් රු 120ක් විතර වෙනවා පලවෙනි තෑග්ග රු කොටිම 12ක් විතර ජැක්පොට් එක ආවොත් කොටි 30කින් පටන් අරන් වැඩි වෙනවා දිගටම ...... අප්පා මට කලන්තේ වගේ ....

    ReplyDelete
    Replies
    1. මටත් කලන්තෙ වගේ... o.O

      Delete
  2. ඒක තමා මේ රෙද්දවල් ඇදෙන්නෙ නැත්තේ ,

    අකුරු ටිකක් ලොකුකරලා ලියහන්කෝ , අර ඩූඩ්ලා , විචාරකලා , සරත්ල , නලින්ලා , හැලපයියලට ඇස්පේනවා හොරයි.

    ReplyDelete
    Replies
    1. අනේ අටමෝ.. උඹ කියන 1 හරි... මමත් මේ ගැන හිතුවා... හැබැයි මේ post ලියන්න තියෙන මගුලෙ අපිට ඕන ගානට අකුරු ලොකු කරන්න බෑනෙ බං... උඹලා ලියන font size 1යි, මං ලියන size 1කෙයි අතරමැද ගානකට අකුරු ලොකු කරගන්න ක්‍රමයක් දන්නවනං කියලා දියංකෝ... Thanz
      -හරකා-

      Delete
    2. large එකේ ලියන්න.... ලියනකොට ලොකු උනාට publish කරාට පස්සේ නියම ගාන....

      Delete
    3. අර අටමගේ ලිස්ට් එකට තව එකෙක් ඉන්නවා හරි බයානක එකෙක් .....මාතලන් .....!!!!

      Delete
    4. @ මැලේ රාල;
      thanz මචන්..
      ආයෙ ලියද්දි මං ඒ විදිහට කරලා බලන්නං.

      Delete
    5. @ අටම් පහුර
      අටමෝ...
      ගොඩක් thanz මචන් මේ ගැන mail කරලා කියලා දුන්නට...මං මේ ගැන කලිං මොකුත්ම දැනං හිටියෙ නෑ...
      මං උඹ කිව්ව විදිහට කලා... මං කැමති ගානට අකුරු ලොකු කලා...
      මං හිතනවා දැං තියෙන size 1 ඇස් පේනවා අඩු අයටත් අවුලක් නැති වෙයි කියලා...
      එල... thanz again...
      -තිලා-

      Delete
  3. ඌබ ඒ ලෙවල් වලට සංකරන සංයෝජන කලාද කියහං ඔක්කොටම කලින් ?

    ReplyDelete
    Replies
    1. ඒනං සංවර්ධන වාසනාවෙ ගණනය කිරීම වැරදියි :P

      12*100*99*98*97 .... විදියට යන්නෝනි.

      මොකද ප්‍රතිස්තාපන රහිතයි :) එකම තැනකින් ගන්නෙත්... එනං වෙනම බෝල සීයෙ සෙට් නෑනේ.. සමහර විට උඹ කට්ටියට තේරුං කරන්න ලේසියට ඒම සරල අණනය කිරීමක් කලාද දන්නෙත් නෑ :)


      අනික මචං මං දන්න තරමින් එතන බෝල 100ක් නෑ.. තියෙන්නෙ පනස් ගානක් හරි හැට ගානක් හරි :) එතකොට අවස්තා කෝටි 120ක් නම් කොහොමටවත් එන්නෙ නෑ..

      මොනව උනත් මේක තනිකරම ප්‍රෝඩාවක් බං :) තෑන්ක්ස්

      Delete
    2. තනිකරම ප්‍රෝඩාවක් කිව්වෙ මේ පෝට් එක නෙමේ :D ලොටරි ඈ :D

      Delete
    3. ඔව් සමී, උඹ හරි.
      හරියටම ගාන හදනවනං එහෙම තමයි කරන්න ඕනෙ. හැබැයි මේ ගැන කිසිම දෙයක් නොදන්න කෙනෙකුට ඒ විදිහට තෙරුම් ගන්න අමාරු නිසයි ආසන්න අගය අරං ගාන හදලා දැම්මේ...
      උඹටත් මේ ගැන අත්දැකීම් ඇති, සමහර මිනිස්සු ඉන්නවනෙ බං ලක්ෂෙට එහා ගණං කරන්නවත් දන්නෙ නැති...

      උඩ'දාන බෝල ගොඩෙත් බෝල 100ක් නං නෑ තමයි. මටත් ඒක මීටර් වෙලා තිබුණෙ නෑ මීට කලිං.
      මේ comment 1ට thanz.

      Delete
  4. ඔය අංක විජ්ජාවක් නෙව.. අංක 70 ක පිංපොං බොල උඩ දාන කොට ඒකේ අංක 4 ක් නිවරැදි වීමේ සම්භාවිතාව හරිම පොඩි අගයක්..

    උසස් පෙල ගනං වලට ඕවා කියල දෙනව නෙව..

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නං දේශකයා...
      මේ ලිපියෙ තියෙන මුළු බයිලාවම නැතුව , උඹ කියන පොඩි කාරණේ ගැන හිතුවත් ඇති මේක තෙරුම් ගන්න... ගොඩක් අය හිතන් නෑ බං.
      කොහොමත් මිනිස්සුන්ගෙ ආර්ථික අමාරුකම්, හීන , fantacy මීට වඩා ගොඩාක් ලොකුයි. ඉතින් මේව කල්පනා වෙන් නෑ...
      අනික් අතට ටිකට් 1ක් ඇදුනොත්' ඇදුන කෙනා හැබෑම වාසනාවතයෙක් කියල ලිපියෙ අන්තිම හරියෙ මං කිව්වෙත් , මෙහෙම අංක විජ්ජාවකට / ප්‍රෝඩාවකට දැන හෝ නොදැන මැදි වෙලා ටිකට් 1ක් ඇදෙනවා කියන්නෙ ඉතිං ' ඒකට කියන්න වෙන්නෙ වාසනාව කියලම තමයි.

      Delete
  5. ගත්තේ නැත්නම් ඇදෙන්නේ නැහැ.
    ගත්තත් ඇදෙන්නේ නැහැ.
    ගන්නද?
    නොගන්නද?

    ReplyDelete
    Replies
    1. අරං තෑගි දෙන්න.
      :)

      Delete