Saturday, December 21, 2013

හූනා චිකයි...

ටික'කාලෙකට කලිං හරක The Babymakers කියල ‍ෆිල්ම් එකක් බැලුව. දරුවො නැති විවාහක යුවලක්, තමංගෙම දරුවෙක් හදාගන්න ගන්න උත්සාහයයි කතාවෙ තියෙන්නෙ. ඒකෙ, හරකගෙ හිතට වැදුනු දෙබසක සිංහල අනුවර්තනයයි මේ..,
"යකෝ තොට පිස්සුද ?
අපි අඳින ජංගියෙ ඉඳං හැම ඇටයක්ම හදන්නෙ උං. මට නං මේ made in china මගුල් ඇති වෙලා.
රෙද්ද... දැං උං අපිට ළමයිනුත් හදලා දෙනවද ?"

දවස් කීපෙකට කලිං BBC news වල කියපු දෙයක් නිසයි හරකට මේ දෙබස මතක් උනේ..
චීනය විසින්, මහා බ්‍රිතාන්‍යයේ ඩොලර් බිලියන 6ක් ආයෝජනය කරන්න එකඟ උනාලු. ඒ'ගැම්මටම බ්‍රිතන්‍යය ඩොලර් බිලියන 4ක ණය'කුත් අරං චීනෙං. චීන්නු පහුගිය අවුරුදු 30හේම ආයෝජනය කලාට වඩා වැඩි මුදල් ප්‍රමාණයක්, පහුගිය මාස 18 ඇතුලත බ්‍රිතාන්‍යයේ ආයෝජනය කරලා කියලත් ඒ'එක්කම කියවුනා.

ලෝකෙ දෙවෙනියට ලොකුම ආර්ථිකේ තියෙන්නෙ චීනෙට. යුක්රේනයේ භූමියෙන් 5%ක ප්‍රමාණයක් අවුරුදු 50කට බද්දට ගන්න චීන්නු, ගිය සැප්තැම්බර් මාසෙ ඒ රටේ රජයත් එක්ක ගිවිසුමක් ගැහුව. ඉතියෝපියාව, තායිවානය, ඉන්දුනීසියාව, කොංගෝව, සුඩානය, ඉන්දියාව වගේ ලෝකෙ පුරාම රටවල් ගොඩක(ලිව්වේ එක සැරේ මතකයට ආපු රටවල් පමණි. තව ගොඩාආආආරියක් ඇත.) මේ'වෙනකොට චීනෙට අයිති කෘෂිබිම් තියෙනව. ඕස්ට්‍රේලියාවෙ තිබුණු ලොකුම කපු ගොවිපොලත් ගිය'අවුරුද්දෙ චීන්නු සල්ලි දීල ගත්ත. 2030 වෙද්දි ලෝකය තුල සිද්දවෙන ආයෝජන වලිං 30%ක්ම කරන්නෙ චීනෙ බවට ලෝක බැංකුව ගණං'බලලා තියෙන බවත් හරක මාස කීපෙකට කලිං නිවුස් එකක ඇහුව. ඒ'විතරක්යැ.. චීන සමාගම් විශාල ප්‍රමාණයක් විවිධ නිෂ්පාදනත් එක්ක ලෝකෙ පුරාම පැතිරිලා. අපි පාවිච්චි කරන ගොඩක් දේවල් "made in china" බව හැමෝම දන්නවනෙ...("ලාබ බඩුවෙ හිලක්" කියලා අපේ මුත්තෙක් කිව්වෙ පාහියන් ලංකාවට එන්නත් කලිං කියලත් හැමෝම දන්නවනෙ..)

හැබැයි ඉතිං අපේ දේසෙ පාලනේ කොරන උගත්,බුද්ධිමත් මහත්තුරු ටික නං චීනා ගැන හිතං ඉන්නෙ, චීනාට චීනෙ ඇරුනම රටකට තියෙන්නෙ ලංකාව විතරයි කියලද කොහෙද.. ඒත්, ඉතාම සරල කාරනා අධ්‍යයනය කරල බැලුවත්, චීනා ගහන්නෙ පට්ට ගේමක් බව ඕන හරකෙකුට තේරෙනව..

ඕං පොඩි අතීත කතාවක්;
නපුංසක චීන සෙන්පතියාගේ ලංකාවේ පාලකයා කුදලන් යෑම
( මොහොතක් හිතන්න.මේ වැළලුනු අතීතයයි )
ඒ වසර ක්‍රි.ව 1405 ය. ලංකාව තුළ ප්‍රධාන දේශපාලන ඒකකයන් දෙකක් මේ වන විට පැවතිනි. ඉන් ප්‍රධාන රාජධානිය ගම්පොල වූ අතර එහි පාලකයා වුයේ 5 වන බුවනෙකබාහු අවෑමෙන් 1391දී ගම්පොල රජ වන වීරබාහු කුමාරයා ය. මේ වන විට රයිගම ප්‍රදේශයේ විරබාහුගේ සොහොයුරු 11වන වීර අලකේශ්වර ප්‍රාදේශීය පාලනයේ නිරත විය.නමුත් ඔහු ගම්පොල පාලකයා ගේ ආධිපත්‍ය නොසැළකුවෙක් විය. එනිසාවෙන් ම 1396 පමණ කාලයේ වීරබාහු, අලකේශ්වරට පහර දෙන අතර අලකේශ්වර ඉන්දියාවට පලා යයි. ඒ අනුව මිට පෙර නිශ්ශංක අලගක්කෝනාර සෙනවියා විසින් සෑදු කෝට්ටේ බලකොටුව තම පාලන මධ්‍යස්ථානය කරගන්න වීරබාහු, එහි සිට රාජ්‍ය විචාරයි.
මේ අතර වාරයේ 1405 දී පමණ චීනයේ යුං - ලෝ අධිරාජ්‍යයාගේ දේශපාලන බලය ඉන්දියන් සාගර කලාපයට ව්‍යාප්ත වීම ඇරඹේ. තම අන්ත:පුරය භාරව සිටි විශ්වසනීය නපුංසක සෙනවියකු වූ චෙං - හෝ සෙනවියා මෙම බලව්‍යප්තියේ මුලිකයා වේ.
සුමාත්‍රාව - මලයදේශය පසුකරමින් ඉන්දියන් සාගරයට පිවිසෙන චෙං - හෝ දකුණු ඉන්දියාවේ තොටුපළවල් හරහා යද්දී ලංකාවටද ගොඩබට වග චීන මුලාශ්‍ර වල දැක්වේ. නමුත් වැඩි යමක් ඒ ගැන සඳහන් නොවේ.
මේ අතර ඉන්දියාවට පලා ගිය වීර අලකේශ්වර 1409 දී යලි පැමිණ වීරබාහු මරා දමා රයිගම යලි රජ වෙයි.
1409 දීම චෙං - හෝ ගේ දෙවන ලංකාගමනය ද සිදුවේ.
මේ අවස්ථාවේ ලංකාවේ පාලකයන්ට තුටු පඬුරු ද බුදුරදුන්ගේ ආගමික ස්ථානයකට පිදීමට පුද පඬුරු ද ඔහු ගෙනවිත් තිබේ. නමුත් මේ මොහොතේ රයිගම පාලකයා වූ අලකේශ්වර චීන සෙනවියා කෙරෙහි යහපත් ප්‍රතිචාරයක් දක්වා නැත. ඒ නිසාවෙන් චෙං හෝ සෙනවියා දකුණේ දෙවිනුවර උපුල්වන් දෙවොලට ඒ පුද පඬුරු පුද දී පර්සියන් - චීන - ද්‍රවිඩ යන භාෂාවන් ගෙන් යුක්තවූ සුප්‍රසිද්ධ "ත්‍රයිභාෂා" සෙල්ලිපිය කරවා යළි චීනයට පිටව යයි.
නමුත් 1411 දී චෙං - හෝ යළි පැමිණේ.
3000කට අධික සේනාවක් ද සමඟිනි. චීන මුලාශ්‍ර දක්වන ආකාරයට 15000ක පමණ සේනාවක් ද සමඟින් වීර අලකේශ්වර යුද්ධයට සුදානම් වී ඇත.නමුත් ඔහුගේ යුධ සුදානම ගැන චීන සෙනවියාට මෙරටින් ම ලැබෙන ඔත්තුවක් අනුව වහා ක්‍රියාත්මක වන චෙං - හෝ ප්‍රථමයෙන් පහර දී දින 6ක යුද්ධයකින් පසුව අලකේශ්වර හා ඔහුගේ පවුලේ පිරිස සිරභාරයට ගනී.
ඉන්පසුව ඔවුන්ව චීනයට රැගෙන යයි.
මේ වන විට සෙන්කඩගල (ගම්පොල ) පාලනය ගෙනයමින් උන්නේ සේනාලංකාධිකාර ප්‍රභූ පවුලට නෑ ඇති "පරාක්‍රම ඈපා" නම් කුමාරයෙකි.
යුං -ලෝ අධිරාජ්‍යයා විසින් අලකේශ්වර ඇතුළු පිරිසට ජිවිතදානය දී යලි ලක්දිවට එවන අතර මෙරට පාලකයා ලෙසින් පරාක්‍රම ඈපා නම් කරයි.එම නම් කිරීමේදී අලකෙශ්වරගෙන් ද නමක් ඉල්ලු බව දැක්වේ.
මෙම නාමකරණයේ දී නියතවම චෙං - හෝ සෙනවියා ගේ උපදෙස් ද අධිරජු ලබාගන්නට ඇත. ඒ අනුව චීන අධිරජු පරාක්‍රම ඈපා නම් කිරීම තුළ ම අලකේශ්වර සම්බන්ධ ඔත්තුව දීමේ සැකය පරාක්‍රම ඈපා වෙත එල්ල වෙයි.
කෙසේ නමුදු එතැන් පටන් ලංකාවේ පාලකයෝ චීනයට යටත් පඬුරු ගෙවීමක් සිදු කොට තිබේ. 1416, 1421, 1430, 1432, 1433, 1436, 1445, 1459 යන වර්ෂ වල ඒ අනුව තුටු පඬුරු රැගත් ලාංකේය දුත පිරිස් චීනයට ගොස් තිබේ.
අවසාන වශයෙන් මෙතුවක් පමණක් කියමි.

" වර්තමානයේ හා අනාගතයේ සිදු වන සෑම ක්‍රියාවක් ම අතීතයේ සිදු වී අවසන් ය. මේ මොහොතේ එකම වෙනස, සිදුවීමේ මුහුණුවර ම පමණි. සිදු වන්නේ එකම දෙයකි "

~ නුතන ~ 
(02.11.2013)
----------------------------------------------

පහලින් තියෙන්නෙ ලංකාව රටක් විදිහට දියුණු වෙන්න අනිවාර්යෙන් බලපාන අංශ කීපයක් සඳහා 2014 අයවැයෙන් වෙන්කරා කියන මුදල් ප්‍රමාණයන් ;


  • ළමා සංවර්ධනය හා වනිතා කටයුතු                             රු. බිලියන 1.24
  • සංස්කෘතික හා කලා කටයුතු                                       රු. බිලියන 1.48
  • විදුලි සංදේශ හා කාර්මික තාක්ෂණය සඳහා                රු. බිලියන 0.957
  • විදේශ සේවා ප්‍රවර්ධනය හා සුබසාධක කටයුතු           රු. බිලියන 0.58


නමුත්, පසුගියදා විවෘත කරපු කොළඹ-ක‍ටුනායක අධිවේගී මාර්ගය සඳහා
එක කිලෝමීටරයකට වැයකර ඇති මුදල                               රු. බිලියන 1.80

ඒ'විතරද... ලබන අවුරුද්දටම..;
  • අධ්‍යාපනය සඳහා                                                       රු. බිලියන 38.84
  • වාරි හා ජල සම්පත් කලමණාකරණය සඳහා               රු. බිලියන 41.2
  • කෘෂිකර්මය සඳහා                                                      රු. බිලියන 44.47
  • උසස් අධ්‍යාපනය සඳහා                                              රු. බිලියන 29.5
  • විදිලිය හා අනෙකුත් බලශක්ති සඳහා                          රු. බිලියන 23.74

නමුත්, දිගින් කිලෝමීටර් 25.8ක් පමණක් වන කොළඹ-ක‍ටුනායක කෙටි අධිවේගී මාර්ගය සඳහා
මුළු වියදම                                                                           රු. බිලියන 45.7 

දැං හරක කියන්න හදන්නෙ අධිවේගී මාර්ගය එපා කියල හරි, ඒක වර්ජනය කරමු වගේ දේශප්‍රේමී අදහසක් නෙමෙයි. හරක ඉන්නෙ මෙවැනි මාර්ග රටට අවශ්‍යයි කියන තැන. නමුත් මේක හදන්න සල්ලි වැඩිපුරත් එක්ක වියදම් කරත්, මීට වඩා ගොඩක් අඩු වියදමකින් මේක හදන්න තිබුණු බව දන්නෝ දනිති. මේවට අදාල තාක්ෂණික කාරනා පැහැදිලි කරා කියල මිනිස්සු ඒව තේරුං ගන්නෙත් නෑ, තේරුංගන්න දැනුමකුත් පොදුවේ වැඩි පිරිසකට නෑ. සරලවම කියනවනං අධිවේගී මාර්ග සඳහා මේ වෙනකොට ලෝකෙ පාවිච්චි කරන තාක්ෂණයට සාපේක්ෂව මේක පලමු පරම්පරාවේ පාරක්. හැබැයි අපිට තව කාලයක් යනකං චීනා'ට ගෙවන්න ලොකු පොලියකුත් එක්ක ණයක් නං ඉතුරු වෙලා තියෙනව.(වැඩියෙන් වියදම් වූ මුදල් වැ‍ටුනේ චීනාගේ සාක්කුවට පමණක්' නොවන බවද සලකන්න)

මේ පැත්තකින් තියෙන්නෙ චීනෙ බෙයිජිං නගරෙ රථවාහන තදබදය නිසා ශ්‍රමිකයන්ගෙ කාලෙ අපතේ නොයන විදිහට ගමන් කරන්න අලුතෙන් හඳුන්වාදෙන්න ප්ලෑන් කරල තියෙන බස් වලිං එකක්(මේconcept එකක් විදිහට එලියට එන්නෙ 2010දි). චීනෙ කරන්න හදන ඒවා මෙහෙ කොරන්න බෑ තමයි. නමුත් ලංකාව වගේ සංවර්ධනය වෙමිං තියෙනවා කියන තුන්වෙනි ලෝකෙ රටවල් වල සංවර්ධනය සඳහා කරන ව්‍යාපෘති, චීනා විසින් කරන්න බාරගන්නෙ, චීන්නු විසින්ම ඒ රටවල් වලට දෙන ණය මුදල් වලිං. හැබැයි උංගෙ තාක්ෂණෙං 1/8ක්වත්(අරික්කාලක්'වත්) මේ ව්‍යාපෘති වල ගෑවිලාවත් නෑ.
CHOGM පටන්ගන්න කලිං ඒකෙ කටයුතු අධීක්ෂණයට ලංකාවට ආපු පිටරට උදවිය කියලා තිබුණා, චීනා හදපු නෙළුම් පොකුණ රඟහලේ, ප්‍රභූවරුන්ට ගමන් කිරීමට සුදුසු සෝපන තියෙන්නෙ එකයි, ඒ නිසා ඒක නුසුදුසුයි කියලා... ඊට පස්සෙ නැට්ට ගිනිඅරං අපේ කට්ටිය අලුතෙං සෝපාන හදන්නත් කටයුතු කරලා තිබුණා. (හරක නං හිතන්නෙ, ප්‍රභූන්ට කියලා වෙනම සෝපාන ඕන නැ.., හදනවනං ඒ සියල්ල ප්‍රභූන්ට මෙන්ම සාමන්‍ය මිනිස්සුන්ටත් සුදුසු විය යුතුයි කියලා.) හැබැයි හරක කොහොම හිතුවත්, ආසන 1228ක් තියෙන රඟහලකට ප්‍රභූන්ට කියල තියෙන්නෙ එක සෝපානෙ නං, මේක හදන්න ප්ලෑන් කරපු ඉංජිනේරුවෝ කියන එවුං මොලේ උඩ වාඩි වෙන එවුංද කියලයි හරකට අහන්න වෙන්නෙ...


හරකට මෙහෙම ප්‍රශ්නෙකුත් අහන්න තියෙනවා. ලංකාවෙ කොමඩ් ෆ්ලෂ් කරන කෑල්ලෙ ඉඳං අධිවේගී මාර්ග වෙනකං ඔක්කොම චීනට හදන්න බාරදීල තිබුණට, මේ හැම තැනකම ඒවා අධීක්ෂණේට ලංකාවෙ ඉංජිනේරු මහත්තුරුත් ඉන්නවනෙ. මුන්ට මේව පේන්නෙ නැද්ද ? නැත්තං
තේරෙන්නෙ නැද්ද ? අඩුගානෙ රිපෝට් එකක් ලියන්නවත් කොඳුනාරටියක් නැද්ද ? නැත්තං කොඳු කඩල'දාලද ? ඒ'ඔක්කොමත් නෙමෙයි නං, ලංකාවෙ ඉංජිනේරු මහත්තුරු කියන එවුං දන්නෙත්, අපි වගේම කුරුංබැට්ටියට ඉර‍ටු ගහලා මැෂිමක් හදන්න විතරද ???
චීන්නු නං දැං හඳට චන්ද්‍රිකා එහෙමත් යවනවා, හැබැයි උංට හදන්න දීල තියෙන, ලංකාව පුරා ක්‍රියාත්මක වෙන ව්‍යාපෘති හැම එක
ක්ම වගේ හැදෙන්නෙ, චයිනීස් ෆෝන් වගේ පිට ඔපේට විතරයි. ඒ පිට ඔපෙත් තියෙන්නෙ පරම්පරා කීපෙකට පිටිපස්සෙං බව ගොඩක් අය දන්නෙ නෑ.

පට්ට අලාභයක් තියෙන හම්බන්තොට වරාය ව්‍යාපෘතියට චීන්නුංගෙං ගත්තු ණය වල පොලියත්, ඕං චීනා තව 5%කින් වැඩි කරලා. කොහොමිං'කොහොම හරි ලංකාව චීනාට පොලියත් එක්ක ගෙවන්න තියෙන ණය(ඉස්සරහට ගන්න නියමිත ණය හැර) තව පරම්පරා ගානක් යනකං ගෙව'ගෙවා ඉන්න වෙන බව නං පැහැදිලියි. ආණ්ඩුව පරසක්වල ගහලා කොළඹ වරායෙ අලුතෙන් හදාගත්තු ජැටියත් 2042 වෙනකං අයිති අපිට තියා අඩුගානෙ මහින්ද මාමට'වත් නෙමෙයි, චීනෙට..
හරකා ලංකාව ගැන වැඩිපුර කියෙව්වට, අපි වගේම චීනා'ව ලං'කරගෙන ඉන්න හැම රටක්ම චීන ගුන්ඩු වල රහ බලමිනුයි ඉන්නෙ. ජාත්‍යන්තර ප්‍රවෘත්ති වලට ඇහැ'ගහගෙන, කන'දීගෙන ඉන්නවනං මේ'වෙන දේවල් තේරුං ගන්න මොලය ස්වල්පයක් හොඳටෝම ඇති.

හූනා ලෝකෙටම චිකාගෙන යනවා..
අනේ.. අපිට මොකෝ.. අපේ මොකෝ.. නේ..
මේ හුරුබුහුටි දිවයිනේ ආශ්චර්ය විඳගෙන දැහැමෙන් සෙමෙන් දිවි ගෙවන අපිට නං..,
පුංචි ළිඳේ වතුර රහයීඊඊඊඊ...

ප.ලි.

* ලිපියේ සමහර තොරතුරු තිසරණී ගුණසෙකර'ගේ "Children Of A lesser God" යන ලිපිය ඇසුරෙනි.
* අතීත කතාව බුකියේ මිතුරෙක්(දෙසවන් සමීර දයාරත්න) තැබූ සටහනකි.

15 comments:

  1. හ්ම්ම්

    ReplyDelete
  2. දැං ඉතිං අපි මොනාද මේකට ලියන්නෙ.. මේවා යන්න ඕනෙ පත්තර වල හරකෝ.. කොහෙද.. පත්තර වල යන්නෙ හිරෙන පැනල මිනිස්සු මරපු කතායි, දේවාල කතායි, පුනුරුප්පත්ති කතායි...අර කතායි මේ කතායි විතරනෙ... මිනිස්සු කතා කියෝලා මරු පත්තරේ කියනව මිසක් මේවා දැනගන්නෙ නෑ.... අනිත් එක සිංහ කොඩියෙත් මේඩ් ඉන් චයිනා ගහලා තිබ්බ කියල නිකටෙ අත ගහ ගත්තට හොය හොය ගිහින් ගන්න වෙලා තියෙන්නෙත් මේඩ් ඉන් චයිනා කෑලිම තමයි.... මොකද අද වේල පිරිමහ ගන්නවා මිසක් කාලාන්තරයක් පාවිච්චි කරන්න වෙන බඩුවක් ගන්න වියදම් කරන්න මිනිස්සුන්ට සල්ලි තියෙනවයැ...

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කා, වියදම පිරිමහගන්න නං අපි වගේ සාමන්‍ය මිනිස්සුන්ට සමහර දේවල් වලදි චයිනීස් බඩු හැර වෙන විකල්පයක් නෑ. අනික බ්‍රෑන්ඩඩ් බඩුමුට්‍ටු පාවිච්චි කරන තරංම කාලයක් පාවිච්චි කරන්න පුලුවං බාල' හැබැයි ලාබ චයිනීස් බඩුත් ඕන තරං වෙලඳපොලේ තියෙනවා. ඒත් ඉතිං ඒව කොයිවෙලේ කැඩෙයිද , වැඩකරන්නෙ නැතුවයයිද කියලා කිසිම ෂුවර් එකක් නෑනෙ.
      .
      ආආආපෝ..... පත්තර බලද්දි නං බඩ යන්න එනවා.. :(
      හැබැයි පත්තර වලට එහෙම වෙලා තියෙන එකෙන් පේන්නෙ ඒවා කියවන ලංකාවෙ මිනිස්සුන්ගෙ උපවිඥානෙ තරම තමයි.

      Delete
  3. කෙන්යාවේ මංතීරු අටක් සහිත ඒ දුරම අධිවේගි මාර්ගයක් හදන්න චීනා ගත්ත සල්ලිවලින් අපිට හදලා තියෙන්නේ තීරු හතරක මාර්ගයක් කියලා දේශපාලන සංවාදයකදි ඇහුනා. මේ සල්ලි කොහාටද යන්නේ?

    ReplyDelete
    Replies
    1. හරියට හරි අරූ, ඔය සීන් එක මේක ලියනකොට මට මතක් උනේ නෑ. ඒ "තිකා සුපර් හයි වේ" කියල නම් කරපු කෙන්යාවෙ මංතීරු 8කින් යුතු දිග 50km හයිවේ එකක්. හැබැයි ඒක හදන්න 1km සඳහා ලන්කාවෙ මුදලින් බැලුවොත් වියදම රු. මිලියන 975ක් විතර... මේ වැඩිපුර මුදල් වලිං වැඩි හරියක් අපේ දේශපාලුවන්ගෙ සාක්කු වලට යන අතරෙ කොටසක් චීනෙටත් කොමිස් විදිහට යනවා. අනික හැදෙන්නෙත් ඉතාම බාල තාක්ෂනයකින් යුත් පාරවල්. මේ සල්ලි ආපහු ගෙවන්නෙ අපේ රටේ මිනිස්සුන්ගෙ දාඩිය මහන්සියෙන්. අපිට තියෙන කැක්කුමට මේවා කියෙව්වට වැඩක් නෑ අරූ... රට කරන උංට වඩා හරක් අපේ මිනිස්සුනෙ. මේවයෙ බරපතල කම වැඩි පිරිසකට තේරෙන්නෙ නෑ. මිලියන සහ බිලියන අතර වෙනස ගොඩක් අය දන්නෙත් නෑ, කොටින්ම ගොඩක් මිනිස්සු හිතං ඉන්නෙ මිලියනයක් කියන්නෙ ලක්ෂයක් කියලනෙ..

      Delete
  4. අපේ දේස පාලුවොත් මෙව්වට සම්බන්ධයි. එකෙන්ම.

    ReplyDelete
  5. හරකා මචං මං හිතන්නේ උඹ ජෝර්ජ් පර්කින්ස් ගේ confession of an economic hitman කියන පොත කියවලා ඇති.ඒක කියෙව්වනං තේරෙනවා මොකක්ද මේ වෙන්නේ කියලා

    ReplyDelete
    Replies
    1. නැහැ, මම ඒ පොත බලල නෑ දිනූක. අනිවා හොයං බලන්නං. thanz ඔත්තුවට...

      Delete
  6. eunuch warriors ඉතිහාසේ තවත් සමහර තෑන් වල තියනව නේ? Fiction වල නම් Game of Thrones වලත් ඉන්නව. සින්හල බාසාවට නම් ඒක oxymoron වගේ

    ReplyDelete
    Replies
    1. ඇවිත් ගියාට තෑන්ක්ස් Jay.
      හැබැයි ඔබ කියන දේ නම් මට තෙරුනේ නෑ. Game of Thrones යන නමිං ටීවී සීරීස් එකක් තියෙන බව විතරයි මං දන්නෙ. oxymoron කියන්නෙ මොකක්හරි ක්‍රාෆ්ටින්ග් වලට සම්බන්ද දෙයක්ද...? කොහේ හෝ කියෙව්වා වගේ මතකයි, හරි දැනීමක් නෑ.

      Delete
  7. මේ වනවිටත් "චී" ලංකාවෙ ක්‍රියාත්මක වෙන ප්‍රමුඛ චීන ඉදිකිරීමක චීන සමාගම නියෝජනය කරන ඉන්ජෙක් මි.මේවා ඉතා බාල තාක්ෂනය සහ බාල පිරිවිතර වලට අනුව සිදුවීම මහා ඛේදයක් බව සෑබෑයි.නමුත් මේවා අනුමත කිරීම් සිදු කරන්නාවූ 100%ක් "චී" ලාංකික ඉංජිනේරු උපදේෂන සමාගම් වල ඇස් ගෙඩි වලට හෙන ගෑහිලද හිතෙන්නේ අපි පෙන්වන දුර්වලතාවයන් වත් ඔවුන් නොදෑක්කා ලෙසින් අනුමත කිරීමෙන්.

    ReplyDelete
    Replies
    1. ක්ෂේස්ත්‍රයට අදාල කෙනෙක් විදිහට ඔබ දැමූ කමෙන්‍ටුව ගොඩක් වටිනවා වදන් මල්ලි. තෑන්ක්ස්.
      තියෙන කැක්කුමට මොන දේ කලත් මෙහෙ ඉන්න බුද්ධිමත් හරක් ඒවා පයිසෙකට ගනන් ගන් නැති බව ඇත්ත. නමුත් මේ වගේ දේවල් ගැන ඔබ වැනි අය දීර්ඝව හෙලි කරනවානම්(පත්තර හෝ බ්ලොග් ලිපි මගින්'වත්) සාමන්‍ය මිනුස්සුන්ගෙන් කවුරුන් හෝ සිදුවෙමින් තිබෙන දේ ගැන දැනුවත් වෙවි.

      Delete
  8. ළමයින්ට උගන්නලා රජ කරන ඇත්තන්ට ඇති වැඩේ මොකක්ද? ඒ වගේද හයි වේ. එක අඩියකින් කීයක් කියලා සන්තෝසම් ලැබෙනවද?

    ReplyDelete