මාලඹේ රාහුල බාලිකා පාසලේ ළමයි මනමේ නාට්‍ය කරපු නිසා, නාට්‍යයෙ වර්තමාන අයිතිකාරයගෙ නැට්ට ගිනි'අරං කියල සයිබර් අවකාශෙ කීප තැනකම චූටි නිවුස් එකක් තියෙනව දැක්ක. අද හරකගෙ ලිපියට මුල් වෙන්නෙ පහල ලින්ක් එකේ තිබුණු ඒ නිවුස් එක...(කොටන්න)
හොරණ ශ්‍රීපාලි කැම්පස් එකේ,
2009 බැච් එකේ නාට්‍ය හදාරන කොල්ලො'කෙල්ලො ටික
2011 වසරේ එයාලගෙ final year production එක විදිහට කරල තිබුණෙ අමාලි බොරලුගොඩ විසින් පරිවර්තනය කල ස්පාඤ්ඤ නාට්‍යකරු
Federico García Lorca'ගේ '
යෙර්මා' නාට්‍යයේ පිටපතක්. නිෂ්පාදනය කලේ
තරිඳු ජයමුතුගේ. මේ'ගොල්ලො නාට්‍ය
2012 ජාතික යෞවන නාට්‍ය උළෙලටත් ඉදිරිපත් කරලා අවසාන වටයටත් තේරුණා. යෞවන නාට්‍ය උළෙලේ ෆයිනල් ෂෝ එකට ලයිට් ඩිසයින් කරන්න බාරගත්තු හරකත් ෂෝ එකට කලිං අන්තිම දවස් පහේ ශ්‍රීපාලි කැම්පස් එකට ගියා රිහසල් වලට. මාස කීපෙක ඉඳං කොල්ලො'කෙල්ලො ටික උදේ 'රෑ වෙනසක් නැතුව අනිත් වැඩ ඔක්කොමත් බැලන්ස් කරගෙන රිහසල් කලේ, කැම්පස් එකේ තිබුණු තද දුඹුරු පාට පොඩි මඩුවක් වගේ චූටි හෝල් එකක.
ළමයිට කැම්පස් එකේ නාට්‍ය ශාලාව දීල නෑ , පාලන අධිකාරියට ලිඛිත පරීක්ෂණ පවත්වන්න නාට්‍ය ශාලාව ඕන'වෙනවලු....
කොහොමහරි ෂෝ එකට කලිං දවසෙ රෑ
8 විතර වෙද්දි කට්ටිය එකිනෙකාට සුභ'පතාගෙන අන්තිම ලාස්ට් ෆයිනල් රිහසල් එක පටංගන්න හදනකොටම ඔන්න ලලිතා සරච්චන්ද්‍ර'ගෙන් නිෂ්පාදක තරිඳු ජයමුතුගේ'ට කෝල් එකක් ආව.
|
ලලිතා'ත් හරියට ආණ්ඩුව වගේ...නෙ ? |
මීට පෙර 'යෙර්මා' නමින් ඇය එම නාට්‍ය නිෂ්පාදනය කර තිබෙන නිසා, එනමින් වෙනත් කෙනෙකුට එම නාට්‍යය නිෂ්පාදනය කල නොහැකි බවත්, කරන්නේ නම් මුලින්ම තමාට ඒ බව දැන්විය යුතු බවත්, හෙට දිනයේ නාට්‍යය පෙන්වනවානම් වෙනත් නමකින් නම් කොට වේදිකාගත කරන ලෙසත්, නොකලහොත් ඒ පිළිබඳව නීතිමය පියවර ගන්නා බවත් ලලිතා විසින් තරිඳුට ඉතා සුහදව තර්ජනාත්මක ස්වරයෙන් කියා තිබුණා. අවශ්‍ය නම් 'යෙර්මා නොහොත් වඳ ගැහැණිය' ලෙස නම් කර නාට්‍ය පෙන්වන ලෙස තව දුරටත් යෝජනා කල ඈ තමා විසින් මේ ගැන, මේ මොහොතේම ජාතික තරුණ සේවා සභාවත්, නාට්‍ය උළෙලේ විනිශ්ච්ය මණ්ඩලයත් අමතා නම වෙනස් කිරීමට අදාල පියවර ගන්නා ලෙස දන්වන බවත් කියා, පසුදින නාට්‍ය බලන්න එන බවත් ප්‍රකාශ කලා.
හරක හැමෝගෙම මූණු වලින් දැක්කෙ, කට්ටියටම බඩු පැකට් වුන ස්වරූපයක්. මේ සිසුන්ට මේ වගේ සිද්දියකදි ප්‍රතිචාර දක්වන විදිහ ගැන ජීවන අත්දකීම් නෑ. ඒ වගේම මෙවැනි තත්වෙකදි නීතිමය කාරණා බලපාන විදිහ දන්නෙත් නෑ. කට්ටියගෙම හිත් හොඳටම අවුල් වෙන්න කලිං, 'මේ වැඩේ ඉවරකරලා ඒ ගැන හිතමු' කියලා තරිඳු රිහසල් එක පටංගත්ත. රිහසල් එක යන අතරෙ 'යෙර්මා නොහොත් වඳ ගැහැණිය' ලෙස නම වෙනස් කරාද කියලා තහවුරු කරගන්න ලලිතා කීපසැරයක්ම කෝල් කලා. මේ අතරෙ ජාතික තරුණ සේව සභාවෙ, නාට්‍ය උළෙල භාර නිලධාරියත් කෝල් කරල නාට්‍යයෙ නම වෙනස් කරන්න කියලා ඉල්ලා සිටියා. ඒ විදිහට එදා රෑ කීපදෙනෙකුගෙන්ම කෝල්ස් ආව. ලලිතා සරච්චන්ද්‍ර කියන්නෙ "ලලිතා මැඩම්" නිසාත් තරිඳු ජයමුතුගේ කියන්නෙ "අර තරිඳු කියන කෙනා" නිසාත් කෝල් කරපු හැමෝම විචාර බුද්ධියකින් තොරව තරිඳුට කිව්වෙ 'නාට්‍යයෙ නම වෙනස් කරන්න, එතකොට කිසි ප්‍රශ්නයක් නෑනෙ' කියල.
ලලිතාගේ තර්කයට අනුව බලද්දි, García Lorca ආපහු යෙර්මා කරනවනං මිනිහටත් ලලිතා'ගෙන් අවසර ගන්න වෙනවා. ඒ නිසා මොන මගුලක් උනත් කිසි වෙනසක් නොකර කරපු විදිහටම නාට්‍යය කරනව කියල කතා වෙලා කොල්ලො'කෙල්ලො ටික එදා රෑ විසිරුනා. හැබැයි හැමෝම විසිරුනේ හිත් වල ලොකු ඩවුට් එකකින් බව හරක දැක්කා... පහුවදා උදෙන්ම වෙච්ච සිද්දිය ගැන විනිශ්ච්ය මණ්ඩලය ඇතුළු නාට්‍ය උළෙලට අදාල හැමෝම දැනුවත් කරපු අපි, නාට්‍යය පෙන්නන්න කලිං ඕඩියන්ස් එකට, යෙර්මා නාට්‍යය පරිවර්තනයක් ලෙස ලංකාවෙදි නිෂ්පාදනය වුනු පෙර අවස්ථාවන් ගැන කෙටි හැන්දින්වීමක් කරලා නාට්‍යය පෙන්නුව.
එදා නාට්‍යය සාර්ථකව කෙරුනෙ නෑ. හරක අතිනුත් ලයිටිං වලදි මිස්ටේක්ස් කීපයක් උනා. අසාර්ථක වීමට ලලිතා හේතුවක් නෙමෙයි. කොහොම උනත් එදා මොකක් හෝ හේතුවක් නිසා නාට්‍යය පෙන්නුව
Bishop's Auditorium එකට ලලිතා ආවෙ නැති නිසා මොකුත් හැපනිං එකක් උනෙත් නෑ...
ලලිතා ඇබ්සන්ට් වීම හැමෝගෙම සතුටට කාරණාවක් උනා...
|
'Yerma' by Tharindu Jayamuthuge |
2006දි, කැළණි කැම්පස් එකේ නාට්‍ය නිෂ්පාදනය කරන Academic Players group එකත් 'යෙර්මා' නාට්‍යය නිෂ්පාදනය කලා. ඒ පිටපතත් අමාලි බොරළුගොඩ'ගෙමයි. (ලලිතා කලේ සුනිල් ආරියරත්න හා මහාචාර්ය සරච්චන්ද්‍ර විසින් පරිවර්තනය කල 'යෙර්මා' පිටපතයි). ලලිතා විසින් Academic Players'ලාටත් 'යෙර්මා' නමින් නාට්‍යය රඟදක්වීමට විරුද්ධව තර්ජණාත්මක පිස්සුවක් නැටුව... පස්සෙ Academic Players'ලා පෙන්නපු හැම ෂෝ එකක්ම "යෙර්මා නම් ඇය" ලෙස නම වෙනස් කරල පෙන්නන්න සිද්ද උනේ එම තර්ජණාත්මක ඇඬියාවේ ඵලයක් විදිහටයි.
ඒ වගේ තව කීදෙනෙකුට ලලිතා' මෝඩ ජෝක් දාල තියෙනවද , දාන්නට නියමිතද කියල හරක දන්නෙ නෑ....
ශ්‍රී ලාංකීය නාට්‍ය කලාවේ කඩ'ඉම් ලකුණක් සටහන් කල මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ මනමේ, සිංහබාහු ඇතුළු බොහෝ නාට්‍ය ප්‍රමාණයක් වර්තමානයේ දී පවත්වගෙන යන්නේ ඔහුගේ බිරිඳ වන ලලිතා සරච්චන්ද්‍ර මහත්මියයි. ඒ කාලෙ ඒ නාට්‍ය වල තිබුණු බර'ට සාපෙක්ෂව මේ කාලෙදි බර කොහොම උනත්, එම නාට්‍ය වල ගුණාත්මක බව සහ නාට්‍ය කණ්ඩායමේ විනය ඇතුළු සියල්ල හැකි උපරිමයෙන් පවත්වාගෙන යන්න ලලිතා සරච්චන්ද්‍ර මහත්මිය කැපවී, වෙහෙස වී කටයුතු කරන හැටි හරක දැකලා, අහලා තියෙනව. ඒවගෙම ඒ කාර්යය අගය කොට සලකනව.
කිසියම් කලා නිර්මාණයක් නැවත නිෂ්පාදනය කරද්දි ඊට අදාල'වෙන නීතිමය පැත්තකුත්, සදාචාරාත්මකව කල යුතු දේවලුත් තියෙනව. ඒ කාරණා වල බර, රටින් රටට හා ඒ ඒ රටවල් වල දේශපාලනික, සංස්කෘතික හා සංස්කෘතියට අදාල නීතිමය කරුණු වලට සාපේක්ෂව අඩු වැඩි වෙනව. කලා කෘතියක් ඒ'නමින් ඒ විදිහටම කොපි කරල ඒක මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් එලිදක්වනවා'නං එය බුද්ධිමය දේපල සොරකම් කිරීමක්, වරදක්.
|
'Yerma' by Academic Palyers |
(re-make කරනවා කියන එකෙන් අදහස් වෙන්නෙ මේක නෙමෙයි, ඊට වඩා වෙනස් වෙනම කතා'කලයුතු දෙයක්)
නමුත් Federico García Lorcaගේ 'යෙරමා' නාට්‍යයේ දෙදෙනෙකු විසින් පරිවර්තනය කල පිටපත් දෙකක් නිෂ්පාදනය කරද්දි, එකම නම භාවිත කරනවා'නං, එක් පරිවර්තනයක් නිෂ්පාදනය කරන්නා අනෙක නිෂ්පාදනය කල කෙනාගෙන් අවසර ගත යුතුයි කියල නීතියක් කොහේවත් නෑ... සධාචාරාත්මක රීතියකුත් නෑ...
මනමේ ගැන කිව්වත් මනමේ නාට්‍යට සාපේක්ෂව ඔච්චර තමයි.
ලංකාව හැම අතින්ම වලපල්ලට යමිං තියෙන කාලෙක, මිනිස්සු තව තවත් ගෝත්‍රික වෙමිං තියෙන කාලෙක මනමේ හෝ යෙර්මා ගැන කතා කරන එක මහ චූ වැඩක්...
මං වගේ හරක් ලියන හරක් ලිපි නිසා හරි, කලා නිර්මාණ නැවත නිෂ්පාදනය වී ඇති ආකරය ගැන ලෝක මට්ටමෙන් උදාහරණ ගෙනහැර පෑමෙන් හරි ලලිතා වගේ මෝඩ ගෑණුන්ගෙ යාවත්කාලීන නොවන කුඩා'මොල ශෝධනය කරන්න බෑ. ගිය අවුරුද්දෙ හිරු TV එකේ ගිය වැඩසටහනකින් මනමේ , සිංහබාහු නාට්‍ය වල ගීත විකෘති කොට විකාශය කලා කියල ලලිතා, හිරු TV ආයතනයෙන් ලක්ෂ
300ක වන්දියක් ඉල්ලල නඩු දාල තිබුණ. ඒ පිළිබඳව ඈ සමඟ කල සාකච්ඡාවකදි, අහපු ප්‍රශ්න වලට ඇය ලබා දී ඇති පිලිතුරු දිහා බලද්දි කලා නිර්මාණ, රසවින්දනය සහ ආකල්ප අතින් ලලිතා කොච්චර දුප්පත්ද, ලපටිද, මෝඩද කියල මොලය ස්වල්පයක් තියෙනවනං ඕන හරකෙකුට තේරෙනව.
නාට්‍ය වලින්ම status හදාගත්තු ලොකු පුටු වල ඉන්න කලා'කාරයො කීපදෙනාට මේ'වගේ විශබීජ වල සැර බාල කරන්න, කරන්න ඕනෙ පෑනකින් පොඩි වචන ස්වල්පයක් ලියන එක හෝ කතා'කරන එක විතරයි.
ඒත් එහෙම නොකරන්නෙ ලලිතා කියන්නෙ 'මැඩම්' කෙනෙක් නිසා වෙන්න ඇති කියලයි හරකට හිතෙන්නෙ...
රාහුල බාලිකාවෙ ළමයි අපහසුතාවට පත්වීම / ලලිතා ඇබ්සන්ට් වීම නිසා අපි ලැබූ සතුට / Academic Players'ලාට නාට්‍යයෙ නම වෙනස් කිරීමට සිදුවීම , කියන සිදුවීම් තුනම නොවිය නුතුව තිබුණු දේවල් කියලා හරකා හිතනව. තේරුම් ගන්න ඕන දේ තමයි අලුත් පරම්පරාවෙ උඹලා'අපි'ත් දැනුම අතින් දුප්පත් බව. තරුණ කමට ලේ කකියන නිසා එක එක රැඩිකල් හේතු මත ගණන් නොගෙන හිටියොත් අපිත් තව කාලෙකට පස්සෙ අහවල් විසබීජෙ වගෙම තමයි. මිස් වෙලා තියෙන දේවල් ටික ටික හරි එකතු'කරගත්තොත් නං ගොඩ...
මාලඹේ රාහුල බාලිකාවෙ මනමේ කරපු ළමයි ටික ආයෙ කවදාවත් ඉස්කෝලෙ රැස්වීමකදිවත්, කතාවක්වත් පවත්තයිද දන් නෑ...
ලලිතාට කියන්න තියෙන්නෙ මෙච්චරයි.
රෝදෙ හොයාගත්තු ආදි මානවයට ජාතක වෙච්ච උං, ඒ රෝදෙ උංට ඕන විදිහට කරකෝල බැලුවෙ නැත්තං, අද අපිට වෙන්නෙ පුක රෝදෙ උඩිං තියාගෙන උඩ බලං ඉන්න හරි, ලිපට දාල ඇවිලෙන හැටි බලං ඉන්න හරි තමයි.
ප.ලි.
* ගුනසේන ගලප්පත්ති මහතා නිෂ්පාදනය කල 'මූදු පුත්තු' නාට්‍යයද 'යෙර්මා' නාට්‍යයේ අනුවර්තණයකි.
* සමාන නම් තියෙන සමාන නිර්මාණ ගැනත් , වෙනස් නම් තියෙන සමාන නිර්මාණ ගැනත් හොයලා බලන්න කැමති අයට කරන්න තියෙන්නෙ google දෙයියන්ගෙං අහන එක විතරයි. re-makings ගැන පොඩි search එකක් දැම්මොත්, ලෝකෙ මිනිස්සු re-makings ඇතුලෙ මොනතරං නිර්මාණාත්මක සහ රසවින්දනාත්මක ඉසව් පුළුල් කරගෙන තියෙනවද කියලත් දැනගන්න පුලුවං.
* මං සිංහල භාෂාව හසුරවන්න දක්ෂයෙක් නොවුනට කෙනෙකුට අපහාස කරන්න ඕනෙනං, ඒකට ඕන කරන සුද්ද සිංහලෙන් කතා කරන විදිහ හොඳට දන්නව. ඉතිං මේක ලිව්වෙ ලලිතා'ට අපහාස කිරීමේ පහත් අරමුණකින් නොවුනත්, ලලිතා ඇන්ටි මේක බලල අපහාස කලා කියල නැට්ට පාගගෙන නඩු දාන්න හිතනවනං...,
ඔන්න කිව්ව, මං ලෑස්තීඊඊඊයී....