Showing posts with label කාලෙ කන කලාව. Show all posts
Showing posts with label කාලෙ කන කලාව. Show all posts

Saturday, December 28, 2013

සත් වසරක් ගෙවී ගිහින්...

දැං වෙලාව රෑ 11යි. තව පැයකින් හරකාට විෂේශ දවසක් ඉවර වෙනවා. 2006 දෙසැම්බර් 27 වෙනිදා , ඒ කියන්නෙ හරියටම අදින් වසර 7කට පෙර අද වගේම දවසක කොළඹ ලුම්බිණි රඟහලේ හවස 6.30 සිට කෙටි නාට්‍ය 4ක් වේදිකා ගත වුනා. ඒ.., හරක ජීවිතේ මුලිංම බලපු කෙටි නාට්‍ය හතර. අවුරුදු 7කට පස්සෙ ආපහු හැරිල බලද්දි, එදා හවස් වරුවෙ ගත කරපු ඒ පැය කීපය හරකගෙ ජීවිතේ වැදගත්ම පැය කීපයක් නේද කියල හිතෙනව. ඉතිං ඒ මතකය හරකට ඒත්තු ගැන්නූ කාරණා ටිකක් මෙහෙම සටහන් කරන්න හිතුනා. ලිපිය අදම(27) ඉවර කරන්න නං හරකට බැරිවේවි.

හරක දෙමව්පියංගෙ සල්ලි වලිං සැපට හැදුනු එකෙක්. ඉතිං අහපු, කියවපු, ඉගෙනගත්තු දැනුමෙං ලබපු අත්දැකීම් හැර ප්‍රායෝගික ජීවිතේ ඇතුලෙ හොඳට හෝ නරකට සිද්ද'උනු හැල'හැප්පීම් ඉතාම අඩුයි. සැපට හැදෙන බබාලට සාමන්‍යයෙන් තියෙන, ඊටත් වඩා සැපවත් ජීවිතයක් වෙනුවෙං සියලු දේ කිරීමේ රෝගයක් හරකට තිබුණෙ නෑ. ඉතිං 2006 කියන්නෙ ගෙදර අය, වටපිටාවෙ අය, යාළුවො, නෑයො, සමාජය විසින් හරකා ජීවත් විය යුතු විදිහ හා කලයුතු දේ විදිහට සම්මත කරල තිබුණු දේවල් ඔක්කොටම පයිං ගහල හරකට කැමති දේ හඹාගෙන යමිං හිටපු කාලයක්. පොඩි කාලෙ ඉඳං හරකට රඟපාන්න තිබ්බ ආසාව ඔඩු'දුවන්න ගත්තෙ 2005-2006 වගේ කාලෙ. ඒත් පොඩි කාලෙ ඉඳං කරේ වෙන වෙන වැඩ හින්ද, මේව ගැන හරකට තේරුමක් තිබ්බෙ නෑ. ඉස්කෝලෙදිත් කිසිම කලා කෙරුවාවක් කරලා තිබුණෙ නැති නිසා අළුත් ගමන පටං ගන්නෙ කොහෙන්ද කියලා අදහසක් හිතට ආවෙ නෑ, ඒගැන උපදෙසක්/දැනුමක් ගන්න ඕනෙ කාගෙන්ද කියලා හරක දැනං හිටියෙත් නෑ.
ටෙලිනාට්‍ය වල පොඩි පොඩි කෑලි ඇක්ට් කර කර හිටපු ගෙවල් පැත්තෙ අයියා කෙනෙක්, මේ කාලෙ හරකවත් පොඩි පොඩි ටෙලි කෑලි කීපෙකට සෙට් කරා. ඒත් තුන'හතරකට යද්දිම ඒ'වැඩේ හරකට එපා'උනේ, හරක හොයන දේ මොකද්ද කියල දැනුමක් ඒ'වෙනකොට හරකට නැති'උනත්, ඒක ටෙලි'කෑලි අස්සෙ නං නැති බව දැනුනු නිසා.. අනික, පිටකො‍ටුවෙ පේමන්ට් එකේ බඩු විකුණන මිනිහෙක් මොකක්හරි ජිල්'මාට් එකක් දාල මිනිස්සුංගෙං වැඩිපුර කීයක් හරි කඩා ගන්න එකෙයි , මේ පොඩි පොඩි නළු'නිළි පිස්සො'පිස්සියො ගෙන්නගෙන ටෙලි කෑලි ගොඩ දාගන්න එකෙයි කිසි වෙනසක් නැති බව මොලය ස්වල්පයක් තියෙනවනං ඕන හරකෙකුට තේරෙනව. ඔය අතරෙ තමා හරක පත්තර වල සැරින්'සැරේට දාන ඩ්‍රාමා ඉවෙන්ට්ස් හොය'හොයා බලන්න ගියේ.

නාට්ටි තියෙන්නෙ හවස උනාට, හරක ඒ'කාලෙ ඒව තියෙන තැං වලට උදේම ගිහිං කැරකි කැරකි වෙන්නෙ මොනවද කියලා බලං ඉන්නව. කිසි'කෙනෙක්ව අඳුරන්නෙ නැති නිසා හරක මේ තැං වලට ගියේ හරකගෙ පොත් රාක්කෙ තියෙන කලාවට සම්බන්ද මොකක්හරි පොතකුත් අතේ තියාගෙන**.. , එතකොට කැම්පස් කොල්ලෙක් කියලා හිතල කවුරුවත් යන්න කියන්නෙ නෑනෙ. උදේ ඉඳං කැරකිල කැරකිලා හොයා'ගන්න ඕප'දූප වලිනුයි, හවසට බලන නාට්ටියෙනුයි හරකට තේරුණා මේක හරි දුප්පත් වැඩක් බව. ඒත් කියන්න නොතේරෙන මොකද්දෝ දෙයක් නිසා හරකට මේ ක්‍රියාවලිය බොහොම තදේට හිතට වැදුනා. මේ වෙද්දි "කෙටි නාට්‍ය" කියන්නෙ මොකද්ද කියලා හරක දැනං හිටියෙ නෑ. ඉස්කෝලෙ 6 වසරෙ ඉද්දි තාත්ත බලන්න එක්කං ගිය නාට්ටි** කීපෙ ඇරෙන්න, මුලිංම හරක දිගු නාට්ටියක් බැලුවෙත් මේ කියන දෙසැ.27 වෙනිදට මාස 2කට විතර කලිං.
24 වෙනිදා පත්තරේ කෙටි නාට්‍ය පැවැත්වෙන බව දාල තිබුණා. ඒක දැකල කිසි දෙයක් හිතාගන්න බැරිඋන හරකා 27 වෙනිදා ලුම්බිණියට ගියේ මේ "කෙටි නාට්‍ය" කියන්නෙ මොනවද කියලා බලාගන්න තිබ්බ උවමනාවටමයි.

( මතකයට බාධාවක් සේ දැනෙන බැවින් මෙතැන් සිට හරක්'ෆැන්ටසිය පැත්තකින් තබා ලියමි. )

මට එදා උදෙන්ම යන්න ලැබුණෙ නෑ, ලුම්බිණියට යද්දි හවස 4යි. හෝල් එක ඉස්සරහ ලොකු ඉඩක් නැති නිසා කොරිඩෝව කෙලවරට වෙලා යන'එන අය කරන දේවල් දිහා මං බලං හිටියා. නාට්ටි බලන්න ඒ'වෙද්දි ඇවිත් හිටියෙ මං විතරයි. හිටපු අනිත් අය ඔක්කොම, නාට්‍ය වලට සම්බන්ද අය සහ උළෙල සංවිධානය කරන අය. දොරවල් වහලා නිසා ඇතුලෙ වෙන්නෙ මොනවද කියලා ගිහිං බලන්න විදිහක් තිබුණෙත් නෑ. 6.15 විතර වෙද්දි නාට්ටි බලන්න ඇවිත් හිටපු 40ක විතර පිරිස හෝල් එක ඇතුලට ගත්තා. මම 5වෙනි පේලියෙ වම්පැත්තෙ කොනේම පු‍ටුවෙ වාඩි'උනා. දොරෙං ඇතුල් වෙද්දිම දැකපු, ස්ටේජ් එකේ දකුණු කෙලවරේ නාට්ටියට ලෑස්ති වෙමිං හිටපු අය කරන්නෙ මොනවද කියලා බලා ගන්න හිතාගෙනයි එතන වාඩි'උනේ. කට්ටිය නාට්ටියෙ මොනවදෝ බඩු'මුට්‍ටු වගයක් ලෑස්ති කරමිං හිටියෙ, ඒත් මං වාඩිඋනා විතරයි, තිරේ වැහුවා.

නාට්ටි පටංගන්න නියමිතව තිබුණෙ 6.30ට උනාට සෙනග මදි නිසාද'කොහෙද පටං ගත්තෙ 7 විතර වෙනකං කල්'ඇරලා. නිවේදකයෙක් ඇවිත් පොඩි එනවුන්ස්මන්ට් එකක් දීලා, මට දිරවන්නෙම නැති පොල් තෙල් පහං වලට ගිනිතියන වැඩේ පටං ගත්තා. ඔය අතරෙ ආරාධිත අමුත්තො පස්'දෙනෙකුත් පෝලිමට ඇවිත්  දෙවෙනි පේලියෙ මැද, වෙං'කරලා තිබුණු පු‍ටු වලිං වාඩි'උනා.(ඒ ආරධිත අමුත්තන් නොව උළෙලේ වින්ශ්චය මණ්ඩලය බව දැනගත්තේ කලකට පසුවයි) 1st බෙල්'එක වැදුනා. තව ටිකකින් ලයිට් ඕෆ් කරන බව ඒ වෙද්දි මං දන්න නිසා පු‍ටුවෙ හරි'බරි ගැහුන නාට්ටිය බලන්න. ලයිට් යන්න ඔන්න මෙන්න තියෙද්දි ඉස්සරහ දොරෙං හෙල්මට් දෙකක්ද අතැතිව අප්‍රිකානු සම්භවයක් ඇතැයි කියා මට හිතුනු අඩි 9ක් පමණ උස කාලවර්ණ දේහධාරියෙක් ඇතුල්'උනා.(ඒ, ලුම්බිණියේ කුරුමිණි පු‍ටුවක වාඩි වී සිටි මට ඔහුව පෙනුනු විදිහයි.) ඔහු සමඟ තව අක්ක කෙනෙකුත් ඇවිත් දෙන්න'එක්ක මට එහා පැත්තෙ පු‍ටු දෙකෙන් වාඩි'උනා. වාඩි වෙන ගමං "අයියෝ..නොමිලේ පෙන්නලත් මිනිස්සු එන්'නෑනෙ බලන්න" කියල දේහධාරියට කිව්වෙ අර අක්ක. මට මීටර්'උනේ ඒ වෙලාවෙ.., ඇත්ත නේන්නං..මං ටිකට් ගත්තෙත් නෑනෙ, ගන්න තැනක් තිබුණෙත් නෑනෙ. හෝල්'එකේ ඔක්කොම හිටියෙ 70ක් විතර. රටේ තත්වෙ එක්ක කලාවක් විදිහට, "කෙටි නාට්‍ය" තියෙන්නෙ කොතනද කියලා හිතන්න අර අක්ක කිව්ව දේ ඒ වෙලාවෙ මාව පෙලඹෙව්වා. ඒත් හිතන්න පටං ගත්ත ගමං ලයිට් නිවුනා. 3rd බෙල්'එක වැදුනා.

ඊලඟ පැයයි විනාඩි 45ක විතර කාලය ඇතුලත මං තුෂ්නිම්භූත වෙලා ගියේ "කෙටි නාට්‍ය" කියලා දෙයක් මං මුලිංම දකින මොහොත ඒක නිසා. එදා.., ගැහැණු මනුස්සයා, රාත්‍රිය, යාපනය බලා ගිය කත, ඔයයි මායි තනියම 'යන නම් වලිං කෙටි නාට්ටි 4ක් තිබුණා. ඒවා කෙටි නාට්ටි විදිහට තිබුණෙ මොන වගේ මට්ටමකද කියල කියන්න මට එදා තේරුමක්/දැනුමක් තිබුණෙ නෑ. පොඩි වෙලාවක් ඇතුලතදි නාට්ටි 4ක්, කතා 4ක්, රස ගොඩක්, වෙනස් වෙනස් නළු'නිළියො ගොඩක්, නාට්ටියෙං නාට්ටියට වෙනස් වෙච්චි ලයිට් ගහන විදිහ, හතර විදිහක මියුසික්, නාට්ටි හතර අතරෙදි චූටි විවේක කාල 3ක්, තිරෙත් හතර'පාරක් ඇරියා'වැහුවා... අම්මට'හුඩු..., මේක නං මාරයි. ඔන්න මට එදා ආපු හැඟීම. වෙනද නාට්ටියක් බලල ඒකෙ තියෙන එක'එක චරිත හිතෙං රඟ'පපා ගෙදර ගිය මං එදා ගියේ නස්කර් වෙලා.

නමුත්, ලුම්බිණියෙ ගෙවපු ඒ පැය කීපෙට අවුරුදු 7ක් පිරෙන අද දවසේ මගේ මතකයට එන වැදගත්ම දේ මේ කිසිවක් නෙමෙයි.
  • එදා වින්ශ්චය මණ්ඩලේ හිටපු පස්'දෙනාගෙන් හතර'දෙනෙක්ම පස්සෙ කාලෙක මගේ නාට්‍ය ගුරුවරු වෙන බව මං එදා දැනං හිටියෙ නෑ.
  • එදා මං බලං හිටිය වාගෙම කොරිඩෝවේ එහා කෙලවරේ, තව කෙනෙක් සමඟ කතා කරමින් එහෙ'මෙහෙ බලමින් සිටි පුද්ගලයා පස්සෙ කාලෙක මං එක්ක එකට එකතු වෙලා නාට්‍ය කරන මගේ හොඳම මිතුරන්ගෙන් කෙනෙක් වෙන බව එදා මං දැනං හිටියෙ නෑ.
  • හෝල් එකට කට්ටිය දාන්න විනාඩි කීපෙකට කලිං ගිටාරෙකුත් කරේ එල්ලගෙන කොහෙන්දෝ මතුවූ හාදයා කෙල්ලො කීප'දෙනෙක්ට මල් හී කීපෙකුත් විදගෙන ආව වගේම වැනිෂ් උනා. ඔහු ක්ෂේස්ත්‍රයේ බොහෝ දෙනක් තවමත් නියම වටිනාකම හඳුනා නොගත් මල්ටි ටැලන්ටඩ් පොරක් බවත්, මං දන්න කියන අය අතරින් ඉතාම සංවේදී කිහිපදෙනාගෙන් කෙනෙක් බවත්, මං එක්ක නාට්‍ය කීපයකම රඟපාන්නට නියමිත මිතුරෙක් බවත් මං එදා දැනං හිටියෙ නෑ.
  • නාට්ටි ඉවර වෙලා කොරිඩෝවට බහිනකොට කලිං කෙනා මල් හී විද්ද තැනම හිටගෙන තවත්'කෙනෙක්, ඉස්සරහට ලියන්න නියමිත නාට්ටියක් ගැන පිරිසකට පොර ටෝක් එකක් දෙමිං හිටියා. ඔහුත් ඉහත පැහැදිලි කිරීම'ම කලහැකි කෙනෙක් බවත්, පස්සෙ කාලෙක එකම නාට්‍ය කණ්ඩායමක මාත් එක්ක නාට්‍ය පෙන්නමිං රට පුරා යන බවත්, එම චාරිකාව පුරාවටම මට, ඔහුගේ කතන්දර වලට අවන්කවම ඇහුම්කන් දෙන එකම පුද්ගලයා බවට පත්වෙන්නට සිදුවෙන බවත් මං එදා දැනං හිටියෙ නෑ.
  • මාව දෙවෙනි වරට රඟපාන්න ගන්නේ, එදා දෙවන කෙටි නාට්‍යයේ නිෂ්පාදකයා බව මං එදා දැනං හිටියෙ නෑ.[ ඒ වැඩේ කෙරුනෙත් නෑ :( ]
  • මං පලමු වරට විදෙස් නාට්‍ය උළෙලක් සඳහා ලංකාව නියෝජනය කරන්නේ, එදා මං ලඟින් වාඩි වූ කාලවර්ණ'දේහධාරියා සමග ඔහු නිෂ්පාදනය කරන නාට්‍යකින් බව මං එදා දැනං හිටියෙ නෑ.
  • මේ වෙනකං රඟපෑම සඳහා මම වැඩිපුරම මනසින් වෙහෙසුනු චරිතය සහිත නාට්‍යයේ මගේ සහයිකාව/යෙහෙලිය/පෙම්වතිය ලෙස රඟපාන්නේ එදා දේහධාරියා සමඟ පැමිණි අක්කා බව මං එදා දැනං හිටියෙ නෑ.
  • එදා තිබුණු කෙටිනාට්‍ය අතරින් "මමත් මේ වගේ නළුවෙක් වෙන්න ඕනෙ" කියල මට හිතුනු, එදින මගේ සිත්'ගත් නළුවා පසු කලෙක රඟපෑ නාට්‍ය කීපයකම, ඔහු රඟපෑ චරිත සඳහා මාව ‍තෝරාගනීවි'යැයි මං එදා දැනං හිටියෙ නෑ. 2007 අවුරුද්දෙ අන්තිම වෙද්දි මං හීන මැව්වෙ "මට එංගලන්තෙ RADA  විශව'විද්‍යාලයේ ඉගෙන ගන්න තියෙනවනං" කියලයි. RADA හි ඉගෙනීමට යාමට තරම් එදා  මගේ සිත්'ගත් නළුවා වාසනාවන්තයෙක් වෙන බව, එදා මං දැනං හිටියෙ නෑ.(මං දන්නා තරමින් RADA'හි මේ වන තුරු ලංකාවෙන් ඉගෙනුම ලබා ඇත්තේ ඔහුත් ඇතුලුව හතර දෙනෙක් පමණි. එහි ඉගෙනීමට වාසනවන්තයෙක් වගේම අනිවාර්යෙන් අති දක්ෂයෙක් විය යුතුමය.)
  • එදා මම ජීවිතේ පලමු වතාවට දකින කෙටි නාට්‍ය නිලිය, මාස කීපෙකට පස්සේ නාට්‍ය පාසලේදී මුණගැහිල, එදා සිට අද දක්වා ඉතා හොඳ මිතුරියක් වෙයි කියලා මං එදා දැනං හිටියෙ නෑ.
මේ ලිව්වෙ පහුගිය අවුරුදු 7 තුල මම කල'කී දේවල් වලිං දශමයක් පමණක් උනාට, කියපු'නොකියපු හැම දෙයින්ම 75%කට'ම විතර සම්බන්ධ විෂේශිත පුද්ගලයෝ, එදා මං ලුම්බිණියේ ගත කරපු පැය කීපය තුලදී දැක්කා/මුණගැහුනා.(ඩොට් දමා විෂේශයෙන් නොකියූ පිරිසක්ද එදා මං දු‍ටු/මුණගැසුනු පිරිස අතර ඉන්නවා. දිග වැඩි වෙන නිසා නොලිව්වෙමි) ඒ වගේම කුමක් හෝ කරුණක් නිසා ඔවුන් මගේ මතකයේ ‍රැඳිලා හිටියා. මගේ පහුගිය අවුරුදු 7 පිළිබඳව එදා, ඒ හැමෝම මට ඉඟි කලා නේද..කියලා දැං මට හිතෙනවා, ඒක කියන්න නොතේරෙන මොකද්දෝ අමුතු සුන්දර හැඟීමක්...
සාමන්‍ය මිනිහෙක් අවුරුදු 7ක් තුල ලබන අත්දැකීම් සහ අවබෝධකරගැනීම් , සංවේදී කලා'කාරයෙක්ට ලබන්න ගතවෙන්නෙ අවුරුද්දයි කියල මං කොහේ'හෝ කියවපු බව මතකයි. හැබැයි පහුගිය අවුරුදු 7, මට අවුරුදු 49ක් වගේ නොදැනෙන්නෙ මං කලා'කාරයෙක් කියන හැඟීම මට නැති නිසා සහ ඇත්තටම මං කලා'කාරයෙක් නොවන නිසා වෙන්න ඇති. කොහොමත් මම, මං කලා'කරයෙක් කියලා හිතන්න කැමතිත් නෑ වගේම මගේ තියරියට අනුව, මට එහෙම හිතෙනවනං ඒකෙ ලොකු අවුලකුත් තියෙනව.

මොනව'උනත් පහුගිය අවුරුදු 7 ඇතුලෙ මං කරපු'කියපු දේවල් වල ඵල, මේ වෙද්දි මං නෙලමිං ඉන්නෙ.. ඒවා තවත් මොනවාට හෝ අනාගතේදි පාර කපාවි.
ඉවරයි.
. . . . . . . . . . . . . . . . . . . . . . . . .
* ලියනවනං මේ වගේ කතා හැමෝටම තියෙන බව හරක දන්නවා. ඉතිං අතීත ආවර්ජණ වලදි දැනෙන අමුතු සුන්දර හැඟීමෙ මහලොකු විෂේශයක් නැති බව, ඒ හැඟීමෙන් පිටට ඇවිත් හිතනකොට ඕන කෙනෙක්ට තේරෙනවා.
ප.ලි.

** පොත අතේ තියාගෙන රවුම් ගැසීම නිසා ලබපු අත්දැකීම් වෙනම කියන්නම්.
** 6 වසරෙදි, හරකා ජීවිතේ මුලිංම බලපු නාට්ටිය ගැනත් වෙනම ලියන්නම්.

Wednesday, December 11, 2013

දොරට වඩින දා... REALITY

මේ ලිපිය ලියන මේ මොහොතේ, කොළඹ මහජන පුස්තකාලෙ "REALITY" නමින් කෘතියක් එලිදැක්වීමේ උත්සවයක් පැවැත්වෙමිනුයි තියෙන්නෙ...
කාලයක් තිස්සෙ එකමුතුව දරපු උත්සාහය සඵල වෙන අවස්ථාවෙදි, හරක ඉන්නෙ ඊට සහභාගී වෙන්න බැරි තරම් දුරක නිසා මේ කෙටි සටහන ලියන්න හිතුනා.

"REALITY" කෘතියෙ තියෙන්නෙ නෙරන්ජන් චන්ද්‍රාදිත්‍ය විසින් නිෂ්පාදනය කරපු "REALITY" , "සීගිරි කාශ්‍යප" , "තුන් මාසෙ දානෙටවත්" යන කෙටි නාට්‍ය තුනේ පිටපත් සහ ඒ නාට්‍ය වෙනුවෙන් පලවූ විචාරයි.

හරකට චන්ද්‍රා අයියව(නෙරන්ජන් චන්ද්‍රාදිත්‍ය) මුණගැහෙන්නෙ 2007දි ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය පාසලේදියි. මුලින්ම හරකව නාට්ටියක රඟපාන්න ගත්තෙ ඔහුයි. ඒ, ඔහු විසින් නිෂපාදනය කල "240'240 සිට..." නාට්‍යයටයි. ("දෙසිය හතලිහයි දෙසිය හතලිහේ සිට.."  ; මෙය Harold Pinter 'ගේ "Victoria Station" නම් නාට්‍යයේ පරිවර්තනයකි. පරිවර්තනය කලේ ජූඩ් රොයිස්ටන්) මේ නිසා හිතේ කොනක ඉතුරුවුන පහන් හැඟීම තමයි, පසුව කෙරුනු චන්ද්‍රාදිත්‍යගේ හැම නාට්‍යකටම හැකි පමණින් උදව් කිරීමට හරකව පොලඹවන්නෙ. එය කෙනෙකුට අනුව සත්ගුණවත් ක්‍රියාවක් වෙන්න පුලුවං. තව කෙනෙකුට අනුව දෙකයි'පනහෙ මෝඩ වැඩක් වෙන්නත් පුලුවං. චන්ද්‍රාදිත්‍යගේ සමහර මතවාදී අදහස් එක්ක හරකා එකඟ නෑ. සමහර පුද්ගලික ගතිගුණ හරකට දිරවන්නෙත් නෑ. නමුත් ඒවා කලා නිර්මාණයකදි බාධාවක් වෙන්නෙ නැත්තං ඊට දායක නොවීම, තවදුරටත් චන්ද්‍රාදිත්‍යගේ ගැටලුවක් නොව තම තමන්ගේ අභ්‍යන්තර ගැටලුවක් කියලයි හරකට කියන්න වෙන්නෙ.
මේ.., හරකාගේ අත්දැකීමයි.

නේරන්ජන් චන්ද්‍රාදිත්‍ය යනු නාට්‍ය ක්ෂේස්ත්‍රයේ බොහෝ දෙනෙක් ප්‍රිය කරන චරිතයක් නෙමෙයි. ඊට හේතු විමසුවොත්, අහවල්'අහවල් සිද්ධි නිසා කියලා පිළිතුරු ලැබේවි. නමුත්, ඇත්තම කාරණය නම් ඔහුගේ කියවිල්ල අනෙකාට දරාගත නොහැකි වීමයි. නමුත් ඒ අකමැත්ත පිට වෙන්නේ වෙන වෙන ආකාර වලින්. කෙනෙකුට වචන 10කින් කියල'දාන්න පුලුවං දෙයක් කියන්න වචන 500-600ක් පමණ අවශ්‍ය වෙන කෙනෙක් ගැන හිතලා බැලුවොත් තේරෙනවා ඒක හෙනම'කට්ටක් කියලා. හරකත් චන්ද්‍රා අයියා එක්ක මේ අවුල ගැන ඉතාම විවෘතව කතා කරල තියෙනව,. ඔහුටත් තමන්ගේ කතාව තව කෙනෙක්ට දරාගන්න බැරි තරම් දිග වැඩි බව තේරුණත් කතා බහ කරන වෙලාවට එය පාලනය කරගැනීමට ඔහු අසමත්. මිනිස් මොළයේ ක්‍රියාකාරීත්වයයි, ඒක' පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්නෙ කොහොමද කියන එකයි විද්‍යාත්මක පසුබිමක් ඇතුලෙ තේරුම් ගත්තු කෙනෙකුට නං මේ අවුල "පුද්ගල ස්වභාවයක්" බව තේරුම් ගන්න පුලුවං. චන්ද්‍රාදිත්‍ය යනු දු‍ටු විට ප්‍රිය උපදවන පෙනුමක් ඇති කෙනෙක් නෙමෙයි. ඉතිං ඒකටම ලොකු කියවිල්ලකුත් එකතු උනහම තව කෙනෙකුට දරා ගන්න බැරි එක / ප්‍රතික්ෂේපිත හැඟීමක් ඇති වීම සාධාරණයි. නමුත්, ඒ අයගෙන් හරකාට අහන්න තියෙන්නේ
"තොපි ඔක්කොම සර්ව සම්පූර්ණද ??? " කියලයි.
මේ..,
තවත් කෙනෙකුගේ වෙනස දරාගැනීමට ඇති නොහැකියාවයි.
අපි ඕනම කෙනෙක්, තවත් කෙනෙකුගේ වැ‍රැද්දක් හෝ අඩුපාඩුවක් ගැන කතාබහ කිරීම'(අදාල කෙනා ඉඳිද්දී හෝ නැති තැන) වැරදියි කියලා හරක හිතන්නෙ නෑ. හැබැයි තවත්'කෙනෙකු තමන් අකමැති පුද්ගලයෙක් වීම නිසාම, ඔහුගේ සියලු කටයුතු පාච්චල් කොට අදහස් දැරීම සහ වෙනත් අයටත් ඒ අදහස් පැතිරවීම ඉතාම පහත්, අමන, තුච්ඡ ක්‍රියාවක්. කොහොමත් කලාව විතරක් නෙමෙයි, කොයි'දේකදි උනත් ඒක ලංකාවෙ වැඩි දෙනෙකුගෙ ගතිය..

මේ වගේ ප්‍රතික්ෂේපිත පසුබිමක නාට්‍ය කිරීම'ම හරකාට අනුව නම් ඉතා අගය කල යුතු කාරණයක්. අද දින "REALITY" කෘතිය එලිදැක්වීමේ උත්සවයටද, ආරධනා කරන ලද අය අතරින් පැමිණෙන්නේ ඉතාම අල්ප පිරිසක් බව හරක දන්නව. ඒ "මිනිස්කම, මිනිස්කමට එහා ගිය මානයකින්" දකින ලංකාවේ සත්ගුණවත් කලාකරුවාගේ ස්වභාවයයි.

චන්ද්‍රාදිත්‍ය'ගේ "REALITY" සහ "සීගිරි කාශ්‍යප" යන නාට්‍ය 2 හැරුනු විට ඉතිරි නාට්‍ය අසාර්ථක වුනා. ඔහුගේ නාට්‍ය සඳහා හැමදාමත් ආධුනික නළු'නිළියන් පමණක් යොදා ගැනීමට සිදු වෙන්නේ, බැලූ'බැල්මට ඔහුගේ වැරදි යයි හැ‍ඟෙන' නමුත් අනෙකාගේ කුහක කම නිසයි. ඉතා බර'සාර ගැඹුරු චරිත නිරූපණයක් ආධුනික නළුවෙකුගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. අධ්‍යක්ෂණයේ හෝ පිටපතේ හෝ රංග'වින්‍යාසය ආදී අනෙකුත් කරුණු ඉතා හොඳින් සැපිරෙද්දී ආධුනික නළු'නිළියන් යොදාගැනීම නිසාම අසාර්ථක වුනු නාට්‍ය හරකා විසින් දැක ඇත්නම්, ඒ චන්ද්‍රාදිත්‍ය'ගේ නාට්‍ය'යි. (සමාවෙන්න , මෙය ලියන හරකා'ද මහලොකු නළුවෙක් නොවන අතර මේ ආධුනික නළු'නිළියන්ට සමච්චල් කිරීමක් නෙමෙයි)

අද එලිදකින "REALITY" කෘතියට අදාලව, "REALITY" කෙටි නාට්‍ය ගැන, හරකාට වැඩි යමක් කියන්න පුලුවං. අපි මේ නාට්ටිය පටං ගත්තෙ, එහි එන චරිත 8 සඳහා නළුවන් පුහුණු කිරීමට වැඩමුලුවක් පවත්වා අවසානයේ නළුවරණයක් මගින් නළු'නිළියන් ‍තෝරාගෙනයි. හරක මේ නාට්ටියෙ රඟපාපු "කුසල්"ගේ චරිතයට නළුවරණයෙදියි, පස්සෙ ගොඩක් කාලයක් යනකනුයි සුදුස්සෙක් සොයාගන්න බැරි'උනා. අන්තිමට හරකා "කුසල්"ව බාරගත්තා... ඇත්තටම නළුවෙක් නැති'උනේ ඊට සුදුසු අය නැති නිසා නෙමෙයි. හරකා කලිනුත් කියපු, පුද්ගල ස්වභාවයක් දරාගත නොහැකි, අනෙකාගෙ වෙනස ඉවසාගත නොහැකි පිරිසක් නළු'නිළියන් වී සිටින නිසයි...
චන්ද්‍රා'අයියටයි හරකටයි ඒ'කාලය පුරාම නළු'නිළියෝ හිඟාකන්න සිද්ධ'උනා REALITY වෙනුවෙන්..
යම් ස්ථාවරයකට ඇවිත් ඉන්න සමහර නළුවන්ට පිටපත දුන්නම, ඒක ප්‍රතික්ෂේප කලේ චරිත 8ක් කෙටි නාට්‍යක් සඳහා යොදාගැනීම ඉතා මෝඩ බවත්, එය කිසිදා සාර්ථක නොවන බවටත් මහා දාර්ශනික උදාහරණ'ද ඉදිරිපත් කරමිනුයි. එවැනි සිද්ධි වලිං අපට පසක් වුනේ නම් ඔවුන් කෙටි නාට්‍ය, කලාවක් ලෙස ලෝකයේ ලබා ඇති දියුණුව ගැන කිසිවක් නොදන්නා බැටලුහම් පොරවාගෙන පොර ටෝක්ස් පමණක් දෙන අය බවයි. බොහෝ අය චරිත හැර ගියේ වෙන වෙන අයගේ කතා ඇසීමෙන්. "චේතනා" යන චරිතයට නිළියන් 17ක් ඇතුලුව චරිත 8 සඳහාම පුහුණුවීම වලට පැමිණ චරිතය අතෑරලා ගියපු නළු'නිළි ප්‍රමාණය 39 දෙනෙක් බව සමහරවිට මෙය කියවන ඔබ කවුරුවත් පිළිගන්න එකක් නෑ. කොහොම'නමුත් දක්ෂයෝ නොවුනට එකා'වන් හැඟීමකින් වැඩ කරන්න පුලුවං පිරිසක් අන්තිමට ඉතුරු'උනා. ඒ හැමෝගෙම මහන්සියෙ ඵලයක් විදිහට REALITY නාට්‍යය ඉතාම සාර්ථක වුනා. රට පුරා දර්ශණ වාර 60ක් පමණ පෙන්වන්නත් පුලුවං වුනා.(මේ වන විට ලංකාව තුල කෙටි නාට්‍යක් දර්ශණ 25ක් 30කට වඩා පෙන්වන්න හැකිවීම'ම ඉතා දුලබ කරුණකි) ඒ'වගෙම REALITY ජාතික නාට්‍ය උළෙල හා යොවුන් නාට්‍ය උළෙල ඇතුලු නාට්‍ය උළෙල 5කදී බොහෝ ඇගයීම් වලට පාත්‍ර වුනා.

REALITY සමඟ ගතකරපු කාලෙ ගැන ආපහු කල්පනා කරද්දි හරකට දැනෙන්නෙ ලොකු සතුටක්. ඒක හරකගෙ ජීවිතේට ගොඩක් අත්දැකීම් එකතු කරා වගේම, ඒ කාලය තුල හදාරමින් සිටි ගොඩක් දේවල් වඩා පුලුල්ව හොයල බලලා ඉගෙන ගන්නත් හරකා පෙලඹුනා.

ගොඩගේ ප්‍රකාශනයක් ලෙසින් අද එලිදකින "REALITY" කෘතියෙ එන, REALITY නාට්‍යයේ පිටපතත්, "සීගිරි කාශ්‍යප" හා "තුන් මාසෙ දානෙටවත්" යන නාට්‍ය වල පිටපතුත්, නාට්‍ය අධ්‍යයනය කරන කෙනෙකුට ඉතා ගැඹුරින් සාකච්ඡා කරන්න පුලුවං සහ අධ්‍යයනයේදී බොහෝ දේ පරිශීලනය කරන්න සිදුවෙන පිටපත් 3ක්...  ඒවගේම පුද්ගලික අමනාපකම් වැනි කණ්නාඩි දාගෙන මේ පොත කියවිය යුතු නැති බව, විශේෂයෙන් කියන්න ඕනෙ...

***
REALITY නාට්‍යයට අදාල සියළු දේ සඳහා, කිසිම පැකිලීමකින් තොරව බරපැන දැරූ දමිත් විතාරණ මහතාට REALITY නාට්‍ය කණ්ඩායම වෙනුවෙන් හරකා ස්තූතිවන්ත වෙනවා...

ප.ලි.



Casting Workshop for 'REALITY' short play (2011.3.2 to 2011.5.15)

Sunday, October 27, 2013

අත්තම්මලා'ගේ තේරීම - අත්තානං

ජාතික යෞවන නාට්‍ය උළෙල අවුරුදු පතා පවත්වන්නෙ ජාතික තරුණ සේවා සභාව මගින්.(හැමෝම කටවහරෙ කියන 'යූත්' එක මගින්.) උළෙලේ 1, 2, 3 ස්ථාන ලබන කෙටි නාට්‍ය තුන ' රට වටේ පෙන්නන්න දිස්ත්‍රික්ක 25හේම දර්ශණ 25ක් සංවිධානය කරදීමේ වැඩපිළිවෙලක් යූත් එකෙං පටං ගත්තා 2007'දි. හැම රජයේ වැඩකටම වෙනවා වගේ මේ ප්‍රොජෙට්‍ටුවෙත් අව කැපිලා, ඇස්වහ'කටවහ දුරු වෙලා, තන්ත්‍රයට තැලිල'පොඩිවෙලා, ලොකු පු‍ටු වල ඉන්න බූරු පුත්තුංගෙ ආණ්ඩුවට සල්ලි ඉතුරු කරල දෙන යෝජනා වලිං පෙරිලා එද්දි අන්තිමට ප්‍රතිපාදන'ද මොනවදත් ගොඩක් අඩුවෙලා, දර්ශණ 25ත් 20කට අඩු වෙලා තිබුණ. නාට්‍ය කණ්ඩායම විසින්, දර්ශණයකදි තමන්ට ගෙවන මුදලින් ආහාර සපයා ගැනීම , රංගාලෝක උපකරණ වල කුලිය ගෙවීම ආදී විවිධ වියදම් දරා'ගතයුතු වුනා.

උන්නට වඩා මලා හොඳයි කියන්නා වගේ මුල්'තැන් ලබන යොවුන් කෙටි නාට්‍ය'කරුවොත් 'මොන මොන තර්ක'විතර්ක'යෝජනා ඉදිරිපත් කරලා ඒවා ඉ‍ටු'නොවුනත්, මේ රටපුරා සංචාරෙට එකතු උනා/වෙනවා. මොකද, බඩු පැකට් වෙමින් යන නාට්‍ය'කලාවක් හිමි ලංකාවෙ අලාභයක් නැතුව රට'පුරා කෙටි නාට්‍යක් පෙන්නන්න ලැබෙන එකම නාට්‍ය'කරුවන්ට ලොකු දෙයක් නිසා.

හරකත් 2009දි 'අත්තානං' කෙටි නාට්‍යයෙන් මේ ගමනට එකතු වෙලා ලබපු අත්දැකීම් වලිං බිඳක් ලියල දාන්නයි මේ හදන්නෙ...
අත්තානං
by Harsha Thennakoon

වැඩේ යන්නෙ මෙහෙමයි. යූත් එකේ සංස්කෘතික අංශය මගින් යූත්'දිස්ත්‍රික් කාර්යාල වලට දින ලබා දීල, ඒ ඒ දින'වලදි නාට්‍ය සංවිධානය කරන්න කියලා පවරනවා. අදාල ප්‍රතිපාදන, පොස්ටර්, හැන්ඩ්'බිල් ආදිය වෙන'වෙනම ඔවුන්ට යවනවා. දිස්ත්‍රික් කාර්යාල වලිං මේ'වැඩේ, ප්‍රාදේශීයව තියෙන යෞවන සමාජ වලිං මොකකට හරි දෙනව සංවිධානය කරන්න. ඉතිං ඒකෙ ඵලයක් විදිහට' ජීවිතේ පළමු වතාවට නම අහන්න ලැබෙන හද්ද පිටිසර ගමක' කිසිම පහසුකමක් නැතුව, 'හෝල් එකක ඡායාවක් ගෑවිලා තියෙනවා' කියලා හිතාගන්න පුළුවං මොකක්හරි පාසල් ගොඩනැගිල්ලක නාට්‍ය පෙන්නන්න වෙන අවස්ථා බහුලයි.

කෙටි නාට්‍ය තුන පෙන්නන්න සිද්දවෙන්නෙ මොනවගේ තත්වයක් යටතේද කියන එක මේ සංවිධායකයා මත රඳා පවතිනවා. මේයාලා නාට්‍ය තියා මොන කලාවක් ගැනවත් සංවේදී නැති, තේරුමක්/දැනුමක් නැති ' කොටින්ම මෙලෝ රහක් නැති රජයේ සේවකයො පමණයි. ඉතිං තමංගෙ ජොබ් එකේ කොටසක් විදිහට, කෙසේ හෝ පැවරුනු දේ කරල ඉවර කරන එක ඇරෙන්න' ඊට වඩා දෙයක් මේ සංවිධායකයින්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ.

මේ අතරෙ නාට්‍ය දර්ශණ සංවිධානය කරන්න පැනලා/රික්වෙස්ට්'කරලා බාරගන්න යෞවන සමාජ සාමාජිකයොත් ඉන්නවා. ගොඩක් වෙලාවට එයාලගෙ අරමුණ ඒ පලාතෙ කවුරු'හෝ මන්ත්‍රියෙක් මේකට ගෙන්නගෙන එයාලගෙන් තමන්'ට හොඳ නම ලබාගැනීම , නැත්තං මොකක් හෝ ඉදිරි අරමුණක් සඳහා ගම තුල ප්‍රසිද්ධ වීමේ මොකක්හරි වෙනම ඇජෙන්ඩා එකක්...
ගොඩක් වෙලාවට අපිට දකින්න ලැබුණු දෙයක් තමයි, උදේම හෝල් එකට යද්දි අතුගාල'පිරිසිදු කරලවත් නෑ, වේදිකාවෙ කැඩිච්ච ඩෙස්ක්'පු‍ටු ගොඩ'ගහලා. හැබැයි ඒ හැමතැනකම මල්'වැලුයි, එක එක හුටප්පරයි පුරවගෙන පොල්තෙල් පහන් ලෑස්ති කරන පිරිසක් නං අනිවාර්යෙන් ඉන්නවා. අපි කිව්වට පස්සෙයි උංට ස්ටේජ් එක මතක් වෙන්නෙ...(කොහොමත් ලංකාවෙ ගොඩක් වැඩ එහෙමනෙ.. ඔක්කොමත් හරි ' පොල්තෙල් පහනත් හරි.. පහනට ගිනිතියලා සංස්කෘතිය ‍රැක ගන්නවා මොනවා නැතත්..)
කොහොම'නමුත් මේ සංවිධායකයො අතරෙ ඉතාම හොඳින් නාට්‍ය සංවිධානය කරලා තිබුණු දෙතුන්'දෙනෙකුත් හිටපු බව මතක් කල යුතුයි.

නාට්‍ය දර්ශණ පවත්වන්නෙ' පාසල් දර්ශණයක් සහ මහජන දර්ශණයක් ලෙසයි. පාසල් දර්ශණයට පෙර, පැමිණි පාසල් වල නාට්‍ය හා රංග කලාව හදාරන ළමුන්ට පුංචි වැඩමුලුවක්'ද නාට්‍ය'කරුවන් විසින් කලයුතු වෙනවා.

2009දී මේ ගමනට එකතු'උනේ ගයාන් දේශප්‍රියගේ "කූඩුවට එනකං" , චාමර ගුරුගේ'ගේ "පෙම් යුවලක් සහ පෙම් යුවලක්" , හර්ෂ තෙන්නකෝන්'ගේ "අත්තානං" යන කෙටි නාට්‍ය තුනයි. යූත් එකෙං දිනෙයි වෙලාවයි දුන්නම අපි සෙට්'එක යූත් එකට යනවා. යූත් එකේ ප්‍රවාහන අංශය මගින් අදාල තැනට අපිව එක්ක'යනවා. නාට්‍ය තුනේ සෙට් එක' ලයිට් බඩු ආදිය වෙනම ලොරියක අරං යනවා.

"පළමු වැසි දිනය"
අපරාදෙ කියන්න බෑ' යූත් එකෙං නාට්‍ය කණ්ඩායම ෂෝ'ස් වලට එක්කං ගියේ එයාලගෙ සුඛෝපභෝගීම බස් රථයෙන්. සමහර ආසන වල වාඩි වෙලා යද්දි දැනෙන්නෙ කපු‍ටු කූඩුවක් උඩ යනවා වගේ..වැස්සකට අහු'උන මුල් දවසෙ තමයි දැනගත්තෙ පිටිපස්සෙම ආසන පේලි දෙක වැසි ජලයට ගෝචර බව.. වැහි දින වලදී ඇඟට වැටෙන ජල බිංදු වලිං වහනය'උනු මලකඩ සුවඳ  අපේ ගමනට අමුතු රසයකුත් එකතු කලා. කොහොම'උනත් වැහැපු මුල් දවසෙන් පස්සෙ, වැස්සකටවත් කුඩයක් ඉහලන්'නැති අපේ'උං ෂෝ එකකට යනවනං බස්'එක ඇතුලෙ ඉහලගන්න 'අනිවා ගෙනියනවා කුඩ..
දවසක් බදුල්ලෙ ෂෝ එකට ගිහිං පහුවදාට මොණරාගල ෂෝ එකට යන්න තියෙන නිසා කොහේදෝ'මංද කඳු'පල්ලං'වංගු වැඩි පැත්තක අපි ගිහිං නැවතුනා. පහුවදා උදේම ඩ්‍රයිවර් අයියා බස්'එකේ මොකද්ද ඇටයක් රෙපෙයාර් කරන්න තියෙනවා කියලා ගරාජ්කාරයෙක් හොයාගෙන ගියා බස් එකෙන්ම.. ඉතිං අපි එදා ෂෝ එකට අදාල සංවිධායකයටත් කෝල්'කරලා පරක්කු වෙන බව දන්නලා' ඔන්න බලං ඉන්නව.. සෑහෙන වෙලාවකට පස්සෙ ඩ්‍රයියා'ගෙන් කෝල් එකක් ;
  "මල්ලි අවුල හදාගත්තා. කට්ටිය සෙට්'වෙලා ඉන්න. ආපු ගමං සට ගාල යමු.."
ඕං කට්ටියත් සෙට්'උනා කියමුකො. විනාඩි 20කිං විතර ආපහු ඩ්‍රයියා'ගෙන් අතරමග ඉඳං කෝල්'එකක්..;
  "මල්ලි, ගරාජ්'බාසුන්නැහැගෙ නම්බර්'එක දෙන්නං. පොඩ්ඩක් කතා කරලා මෙතෙන්ට ගෙන්නලා දෙන්නකො. මේ ලබ්බෙ'ස්ටියරිං වීල් එක කැරකෙන්'නැතුව ගියා.
කෙලිං විතරයි යන්න පුළුවං.."
.     .     .     .     .
බඩු ගෙනියන ලොරියත් ඊට හපං.. පාරෙ යද්දි සෙනග උඩ'බිම බලනවා. උං හිතන්නෙ හෙලිකොප්ටරයක් එනවා කියලා. ඒ තරමට සද්දෙ...
ලොරියෙ කොලිටිය නිසාම සංචාරෙ දෙවෙනි දවසෙ ඉඳං ලයිට්ස් ඔක්කොම' නාට්‍ය'ගාල දක්කගෙන යන බස් එකටම පටවගෙන යන්න අපි පුරුදු'උනා.

එක'පාරක් දිඹුලාගල තිබුණු ෂෝ එකට කලිං දවසෙ අපි යන්න පිටත් වෙන්න හදද්දියි දැනගත්තෙ, ලයිට්'බඩු කුලියට ගන්න අයියට කලිං පණිවිඩේ ලැබිලා නැති බව. ඉතිං හදිස්සියෙ කොළඹිං ලයිට් හොය හොයා ඉන්න එක තේරුමක් නැති නිසා දිඹුලාගල ෂෝ එක සංවිධානය කරන කෙනාට කෝල්'කරලා කිව්වා, "එහෙං ලයිට් හයර්'කරන්න , අපි ඇවිත් ගෙවන්නං" කියලා. ඒ පැති වල නාට්‍ය පෙන්නන්න අවශ්‍ය ලයිට් හොයන්න අමාරු'බව දන්න නිසයි, ෂෝ එක කරන්න තිබුණු හෝල් එකේ ශක්‍යතාව අපි දැනන්'හිටපු නිසයි අපි සංවිධායකට කිව්වෙ 'හොඳට එලිය තියෙන අහවල්'අහවල් ලයිට් වර්ග වලිං 4ක් තිබුණොත් හොඳටම ඇති, කලර් පේපර්ස් අපි ලඟ තියෙනව, කොහොම හරි හොයලා තියන්න' කියලා. හැබැයි පොර එහෙ ඉඳං කිව්වා..;
"මල්ලිල බය වෙන්න එපා, නියම බඩු ටිකක් මෙහෙ තියෙනවා. කිව්වම එයාල ඇවිත් සෙට්'කරලා දීලත් යනවා. මං ගානට වැඩේ කරලා තියන්නං"
අපි දිඹුලාගලට යද්දි ගොඩක් රෑ වෙලා තිබුණා. කෝකටත් කියලා පහුවදා පාන්දරම හරකයි, 'කූඩුවට එනකං' නාට්ටියෙ ගයානුයි ගියා වැඩ කරන කෙනෙක්වත් කතා'කරගෙන හෝල් එකට, ගෙනල්ල තියෙන ලයිට්ස් ටික බලන්න. අපි යද්දි හෙන'සෙට් එකක් හි‍ටු කියලා වැඩ... කවදාවත් නොදැකපු අමුතු ගැජමැටික්ස්ස්ස් වගේකුත් හෝල් එකේ තැනින්'තැන තිබුණා. සමහර ගැජට් ඒ වෙනකොටත් බාර්'ගහලා එල්ලලා. මොකුත් හිතාගන්න බැරිඋන අපි, එතන ලොක්ක වගේ හිටපු ඩයල් එකට කතාකලා...
"අයියෙ, මේ මොනවද...?"
"ලයිට්.."
"ලයිට්...???"
"ඇයි මල්ලි අහවල් මහත්තය අපිට ඕඩර් එක දුන්නා උදේම ඇවිත් හයි'කරන්න කියලා.."
"අද තියෙන්නෙ නාට්ටියක්, මේවයිං කොහොමද අ......."
"ඔව් මල්ලි දන්නවා, ඊයෙ මහත්තය කිව්ව නාට්ටියක් කියලා. මේවා අළුත්ම බඩු මල්ලි. උඹලට නියමෙට වැඩේ කරන්න පුළුවං. මේවල වොයිස් රෙකග්නිසං තියෙනවා. ඔයාලගෙ වොයිස් එකට මේ ලයිට් වල රේන්බෝ කලර් ඔටෝ චේන්ජුත් වෙනවා. බය'වෙන්න එපා, අපි කන්සෝල් එක ගාව අපේ එකෙක්ව තියලයි යන්නෙ..."
සංවිධායක'කාරය ඕඩර්'කරලා තියෙන්නෙ ඒ පැත්තෙ මියුසිකල් ෂෝ'ස් වලට ලයිට් දෙන මුදලාලි කෙනෙකුගෙ බඩු වගයක්... අපිට තරු එක්ක රේන්බෝ කලර්සුත් පේන්න ගත්තා...
එවෙලෙම ගත්තා කෝල්'එකක් සංවිධායකට...
"අයියෙ මොනවද මේ ගෙන්නල තියෙන්නෙ ??? මේ ලයිට් වලිං නං නාට්ටි පෙන්නන්න බෑ.. අපිට ඕන කරන්...""
"ඇයි මල්ලි, ඔයාලට මාර කලර්ෆුල් විදිහට නාට්ටිය පෙන්නන්ඩ පුල්ළුවංනෙ. ඔයාල දන් නැති උනාට එයාලගෙ ලයිට් වල අළුත් වැඩ'කෑලි ගොඩක් තියෙනවා.."
ඒ'යකත් ඒකම කියවන්න ගත්තා. අපි කොච්චර තේරුං කරන්න හැදුවත් මිනිහට තේරුනේ නෑ, රේන්බෝ කලර් වලිං මේ නාට්‍ය පෙන්නන්න බැරි බව. අන්තිමට අපි ඒ ගමේ මරණාධාර සමිතියෙං ගෙන්න'ගත්තු හැලජන් 2ක් ගහලයි නාට්ටිය පෙන්නුවෙ.
පෙම් යුවලක් සහ පෙම් යුවලක්
by Chamara Guruge

ගම්'පලාත් වලදි යොවුන් නාට්‍ය බලන්න 60 පැනපු ආච්චිලා'සීයලා සෑහෙන්න එන බව, අපිට ෂෝ'ස් දෙක'තුනක් යද්දි කැපිලා පේන්න ගත්තා. විෂේශයෙන් ආච්චිලා... මේක නුපුරුදු අත්දැකීමක් නිසා අපි මේ වැඩිහිටි උදවිය එක්ක වටිං'ගොඩිං කතා'බහ කරලා හේතුව හොයාගත්තා. යූත් එකෙං පබ්ලිසිටියට ගහන පෝස්ටර්, හෑන්ඩ්'බිල් ඔක්කෝගෙම "අත්තානං" කෙටි නාට්‍ය සඳහා දාල තිබුණෙ මේ ලිපියෙ උඩින්ම තියෙන ෆොටෝ එක... ඒකෙ සිවුර දැකලා බෞද්ධ නාට්ටියක් කියලා හිතාගෙනයි මේ වැඩිහිටියෝ එන්න පෙළඹිලා තියෙන්නෙ...
තේරුං'ගන්න අපහසු ගැඹුරු නාට්‍යක් විදිහට ගොඩක් අය ප්‍රතිචාර දක්වපු "අත්තානං" නාට්‍යය, මේ වැඩිහිටි උදවියත් ඔහේ බලං හිටියා. ඔය'අතරෙ සිවුර දැකලා නාට්ටි බලන්න ආපු ගොඩක් ආච්චිලා "පෙම් යුවලක් සහ පෙම් යුවලක්" කෙටි නාට්‍ය යන'අතරෙදි බැන බැන ගෙදර යනවා. මොකද, මේ නාට්ටියෙ මැද හරියෙදි එක පෙම්වතියක් තමන්ගෙ පෙම්වතාගෙ කම්මුලට කිස් එකක් දෙන තැනක් තියෙනවා. මේක දැකපු සමහර ආච්චිලා තමංගෙ කොටහළු වෙච්ච මිණිපිරීලව ඇදගෙන බැන බැන යන්නෙ හරියට අපි ඒ කෙල්ලව දූෂනය කලා වගේ. දවසක් කිස් එකට හිරි'ඔතප් බිඳුනු ආච්චියෙක් ගමේ කොල්ලො දම්මලා නාට්ටි හැතිකරේට ගස්සනව කියලා නාට්‍යය අතරෙදිම සියළු නරඹන්නන් ඉදිරියේ ශපථ කරලා යන්න ගියා.
ආච්චිලා විතරක් නං බැරියෑ....මේ කාරණේදි වයස් භේදයක් තිබුණෙ නෑ. වයස , ස්ත්‍රී'පුරුෂ භේදයට සාපෙක්ෂව ආපු විවිධ ප්‍රතිචාර බොහොමෙකින් අපිට ප්‍රත්‍යක්ෂ වුණේ බහුතර සාමන්‍ය ජනතාවගෙ උප'විඥානයේ ස්වභාවයයි. වෙන විදිහකට කියනවනං, ලංකාවෙ වැඩි'හරියක් මිනිස්සුන්ගෙ, අවුරුදු 2500ක ශිෂ්ඨත්ව බරෙන් තැලුනු රසවින්දනයේ තරම තමා ඔය...
කොහොමහරි මේ සිද්දි නිසා, අනිත් නාට්‍ය කණ්ඩායම් දෙකෙන් "අත්තානං" නාට්‍ය කණ්ඩායමට වැදුනු සුන්දර 'හින්ට්' එකක් තමයි "අත්තම්මලා'ගේ තේරීම - අත්තානං" කියන්නෙ...

කූඩුවට එනකං
by Gayan Deshapriya
හරක' රට'පුරා යන නාට්‍ය කීපෙකට සම්බන්ධ වෙලා හිටියත්, ඒවා සංවිධානය කරන්නෙ යම්කිසි වෘත්තීය මට්ටමකින් නාට්‍ය සංවිධානය කරන අය විසිනුයි. ඔවුන් ගම්'පලාත් වලට නාට්‍ය ගෙනිච්චත් පෙන්නන්න ‍තෝරගන්නෙ, වැඩිපුර මිනිස්සු ගෙන්න'ගන්න පුළුවං ටවුන් වල තියෙන ශාලා නිසා අහු'මුළු වලට යැවෙන්නෙ නෑ. ඉතිං යූත් එකේ මේ නාට්‍ය පෙන්වීමේ වැඩපිළිවෙල අදහසක් විදිහට හරකට නං ඉතාම වටින දෙයක්. මොකද, සමහර ගම් වලදි කවදාවත් නාට්‍යක් නොබලපු නාට්‍ය ගුරුවරු පවා අපිට මුණගැහුනා. භරතමුණිව ඔළුවට දිය'කරගෙන ශාස්ත්‍රීය ටෝක් දෙන සමහර නාට්‍ය ගුරුවරුන්ට/ප්‍රොෆෙසර්ලට වඩා ළමයි අපිට සමීප වුණා. ළමයි අපි එක්ක කතා'බහ කරලා වගේම ප්‍රායෝගිකවත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒ මොනව නැතත්, කවදාවත් නාට්‍යක් නොබලපු අය නාට්‍යක් බැලුවා. නාට්‍යකට කියලා මනමේ, සිංහබාහු විතරක් බලලා තිබුණු සමහරු, ඊට වඩා වෙනස් නාට්‍යත් තියෙන බව දැනගත්තා.

හැබැයි ඉතිං ලංකාවෙ අනිත් හැම දෙයක්ම සිද්ද වෙන විදිහටමයි මේ වැඩපිළිවෙලත් ක්‍රියාත්මක වෙන්නෙ. අවසාන ඵලයක් දකින්න බෑ. ඒකයි හරකා මේ'වැඩපිළිවෙල අදහසක් විදිහට හොඳ බව උඩදී කිව්වෙ.
ගිය අවුරුද්දෙ(2012) "Reality" කෙටි නාට්‍යයෙනුත් හරක මේ චාරිකාවට එකතු'උනා. 2007දි දර්ශණ 25කින් 20ට බැහැලා පටංගත්තු මේ වැඩේ 2009 වෙද්දි දර්ශණ 15කට අඩු'උනා. නමුත් 2012 වෙද්දි ආපහු දර්ශණ 20ක් දක්වා වැඩි වෙලා තිබුණා. කපු‍ටු'කූඩෙයි හෙලිකොප්ටරෙයි වෙනුවට ඇත්තම බස්'එකක් සහ ලොරියක් ලැබුණා. ඒත් 2009දි ලබපු අත්දැකීම් එක්ක සසඳද්දි අවුරුදු 3ක් ගත'වෙලත් මේ ක්‍රියාවලියෙ නං කිසිම දියුණුවක් වෙලා තිබුණෙ නෑ. වෙලා තිබුණෙ,' නාට්‍යකරුවෝ, ප්‍රේක්ෂකයෝ සහ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන සේවකයෝ යන තුන්'ගොල්ලටම මේක මාර වැඩක් වගේ පේන්න/දැනෙන්න පොලිටිකල් අයිසිං පාරක් වැදිලා තිබුණු එක විතරයි. ඒ මදිවට 2012 වෙද්දි අර යොවුන් පාර්ලිමේන්තුවෙ හිපා‍ටුවොංගෙ ගඳ මේ හැම තැනකම පැතිරිලා තිබුණා. පත්තු කරපු පොල්තෙල් පහන් වලටවත් ඒ රස්නෙ කැපිල'ගියේ නෑ.

"අත්තානං" නාට්‍යත් එක්ක රට'පුරා අහු'මුළු වල රිංගන්න ලැබුණු මේ චාරිකාව, නගරෙ සැපට හැදිච්ච හරකට ජීවන අත්දැකීම් ගොඩක් එකතු කලා. නමුත් අපි හැමෝම ලබපු අත්දැකීම් එකිනෙකාට සාපේක්ෂයි. සමහරුන්ට මේ ගමන ඉතාම සාමන්‍යයි. ඔක්කොටම වඩා සල්ලි කීයක්'හරි එකතු කරගන්න ලැබෙන එක, ගොඩක් අය මේ ගමනට කැමැත්තෙන් එකතු වෙන්න හේතුවක්. ඔය අතරෙ මේ වැඩේ "පට්ට ඩ්‍රැමටික් ආර්ට්" එකක් වුණු දෙතුන්'දෙනෙකුත් හිටියා.
හහ් හා....
ඔහොම තමයි ඉතිං...
සාආආආ....පේක්ෂයි !!!

ප.ලි.

* ලංකාව වගේ රටවල මෙව්වා මේ වගේ උනාට, මනසින් දියුණු මිනිස්සු ජීවත් වෙන රටවල නාට්‍ය යනු අතිවිෂිශ්ට කලා මාධ්‍යක් (High Value Art) බව කරුණාවෙන් සලකන්න.

* Gladiator ප්‍රේමය _ ( නැරඹුවා'ද..??? ) ලිපියේ නාට්‍යක් තත්වාකාරයෙන් රූපගත කරන ආකාරය ගැන කෙටි සටහනක් තියෙනවා. ඒ ආකාරයට නොව, ආධුනික කැමරා ශිල්පියෙක් විසින් රූපගත කල "අත්තානං" නාට්‍යයේ වීඩියෝවක් පහත ලින්කුවෙන් නැරඹිය හැකියි.(එම වීඩියෝවෙන් "අත්තානං" නාට්‍යයේ සැබෑ රූපය සමඟ ගොනු'වූ යටිපෙල ප්‍රක්ෂේපණය වන්නේ අවම වශයෙන් බව සලකන්න.)
"අත්තානං" කෙටි නාට්‍යය


Saturday, October 5, 2013

ජීවිතය ජාල'ගත කර කෙලවා'ගැනීම : Disconnect

ගාල්ල-කොළඹ අධිවේගී මාර්ගය විවෘත වෙලා මාස දෙකකට විතර පස්සෙ මුල්'වරට හරක ඒ පාරෙන් ගාලු ගියා. යන අතරමගදි මනුස්සයෙක් අඩි දෙකක්වත් උස නැති යකඩ වැටෙන් පැනලා එළුවො තුන් දෙනෙකුත් පන්නගෙන, දක්කගෙන පාර මාරු උනා. අපි සාමන්‍යයෙන් පාර මාරු වෙද්දි එන වාහනේට නවතින්න අතින් සංඥා කරනවා වගේ, මේ මනුස්සයත් හරකට අත දික්'කරගෙනයි පාර මාරු උනේ.

ලෝකෙ කොහේ උනත් අලුත් දෙයක් සමාජගත වෙද්දි, ඒ වෙනස සාමාන්‍යකරණය වෙන්න ටික කාලයක් ගතවෙනවා. ඒක හැටි. හැබැයි ලංකාව වගේ රටවල ඛේදවාචකය තමයි සියළු අලුත්වීම් සිදුවෙන හැම අවස්ථාවකදිම, මිනිස්සු(සමාජය) ඒ වෙනසට මුහුණදිය හැකි මානසික මට්ටමට හා දැනුම් මට්ටමට වඩා දශක කීපයක් පි‍ටුපසින් සිටීම.
උඩිං කියපු සිද්දිය වගේ සිද්දි ඕන'තරං මේකට උදාහරණ විදිහට දක්වන්න පුළුවං. අධිවේගී මාර්ගය විවෘත කරපු දවස් වල ඒකෙ'යන වාහන වලට ගල් ගහපු මිනිස්සුත් හිටියා. ඒ වගේ සිද්දි දිහා බලද්දි'නං හිතෙන්නෙ අපි දශක ගානක් නෙමෙයි, අවුරුදු සිය'ගානක් පිටිපස්සෙන් ඉන්නව කියල.
" ඇයි එහෙම වෙන්නෙ ? " කියන ප්‍රශ්නෙට තියෙන්නෙ වචන 3ක් උනාට, උත්තරේ නං මලලසේකර ඩික්ෂ්නරිය පුරවන්න තරං දිගයි. ඉතිං හරකට ඕනෙ ඒ ගැන කියන්න නං නෙමෙයි.

පහුගිය දවසක හරක Disconnect කියන ‍ෆිල්ම් එක බැලුව. මේ වෙනකොට ලෝකයේ සිටින්නේ තාක්ෂණය සමග ජීවත් වෙන මිනිස්සු නොව තාක්ෂණය තුල ජීවත් වෙන මිනිස්සුයි. සයිබර්'අවකාශය අපේ ජීවිතයේ එක් කොටසක් වෙනවාට වඩා, අපි සයිබර්'අවකාශය තුල ජීවත් වෙන පිරිසක් වෙලා. ඒ වගේ ජීවිත තවත් අයගේ ගොදුරු බවට පත්වෙන්නෙ කොහොමද කියන එක, ඉතාම සංවේදීව Disconnect ඇතුලෙ කතාබහ කරනව. මේ ‍ෆිල්ම් එක මහා සිනමා කාව්‍යක් නෙමෙයි. බලන අය රූප'භාෂාවේ හරඹ හෝ රූප කියවන ආකාරය දැනගෙන ඉන්න ඕන නෑ. හරකට අනුව මේක ඉතාම වැදගත් චිත්‍රපටියක් වෙන්නෙ ඒ'නිසයි. බලන අය බුද්ධිමත්ව ඒක තමන්ගෙ ජීවිතයට අදාල කරගන්න. කිසිම දෙබසක් මග අරින්න එපා. ඒවගේම තිරයේ දිස්වෙන chat lines සියල්ල කියවන්න.(ඉක්මණින් කියවන්න අමාරු නම් pause කරමින් හෝ..) මොකද ඒ කතාව ඇතුලෙ ඉන්නෙ අපි'අපිමයි. ඒ අපේ ජීවිතයයි.

තවමත් ලංකාවෙ වැඩි පිරිසක් සයිබර්'අවකාශය හෝ සමාජ ජාල පාවිච්චියෙන් තොරයි. හැබැයි තව අවුරුදු කීපයක් තුල ඒක කනපිට හැරෙන බව නං සහතිකයි. මේ ලිපියෙ මුල්'හරිය වෙන විදිහකට ලියවුනෙත් ඒ නිසයි. Discunnect'හි කතාකරන ඛේදවාචකය, ඉස්සරහට අපේ සමාජය ඇතුලෙ දහ'දොලොස් ගුණයක් වඩා බරපතලව සිද්ද වෙන්න පුළුවං බව හරකට හිතෙන්නෙත් ඒ මුලිං කියපු කරුණු නිසාමයි.

මෙන්න Disconnect චිත්‍රපටියේ torrent link එක.
හැමෝම බාගෙන බලපල්ලා...
  • Disconnect (867mb bluray copy)
  • Disconnect (382mb copy) : (මේ පිටපත හොඳද කියල නං දන් නෑ. හැමෝම මේ ‍ෆිල්ම් එක බැලීම වඩා වැදගත් නිසා මේ ලින්ක් එකත් දැම්මා. උඩ එක බාන්න ලෝබයි වගේ නං මේකවත්  බාගෙන බලන්න)



Wednesday, September 18, 2013

Gladiator ප්‍රේමය _ ( නැරඹුවා'ද..??? )


 
'වේදිකා නාට්‍ය' කියන්නෙ සජීවී මාධ්‍යක්. අපි නාට්‍ය ශාලාවක බලන නාට්‍යක '  ස්වභාවිකව ඇහැට පේන, කනට ඇහෙන රූප හා ශබ්ද එක්ක ඈඳුනු රංග වින්‍යාසය නාට්‍යකරුවෙක් විසින් ගොඩනගන්නේ, නාට්‍යය වේදිකා ගත'කරන නාට්‍ය ශාලාවට සාපෙක්ෂවයි. මොකද, නාට්‍ය ශාලාවක අවකාශයේ ජ්‍යාමිතිය ;- වෙන විදිහකට කියනවනම් ' වේදිකාවේ ප්‍රමාණය හා හැඩය, හඬ සම්ප්‍රේෂණය වන ආකාරය, ප්‍රේක්ෂකයා හා වේදිකාව අතර ඇති දුර, ප්‍රේක්ෂකයා අසුන්'ගන්නා වපසරියේ හැඩය, රංගාලෝකය ලබාදෙන කෝණයන් ආදී තවත් විවිධ කාරණා ගොඩකට : අනුරූපව නාට්‍යයක සාර්ථකත්වය රඳා'පවතිනවා.

ලංකාවෙ අපිට නං "නාට්‍ය ශාලා" කියලා තියෙන්නෙ ශාලා කීපයක් විතරනෙ... අනිත් ඔක්කොම ඉස්කෝල වල හෝල්ස් / එහෙම නැත්තං නගර'ශාලා වගේ ඒවා...
මේවා ඔක්කොම හෝල් එකක් ඕන වෙන ඕනම වැඩකට පාවිච්චි කරන අතරේ, නාට්‍යක් තිබුනොත් විතරක් පෙන්නන්න හදපු හෝල්ස් මිසක් "නාට්‍ය ශාලා"(theatres) නෙමෙයි. ඉතිං නාට්‍යක් හදනව කියන්නෙ, වෙනම ගණිතයක් උනාට ' ලංකාවෙ තියෙන අවම පහසුකම් නිසා ඒක සීමා සහිතයි.

ඒ කොහොම'උනත් නාට්‍ය කියන්නෙ වෙනම Art එකක්. ඉතිං ස්වභාවික මාධ්‍යක් වුනු නාට්‍යක් රූප'ගත කරලා video එකක් විදිහට නරඹද්දි, අපිට තත්වාකාරයෙන් ඒ නාට්‍යය විඳින්න/විඳගන්න පුළුවන්ද කියන එක ප්‍රශ්නයක්... මොකද, ස්වභාවිකව අපි ඇහැට දකින දේ රූප මාධ්‍යක් තුලින් ඒ විදිහටම දකින්න බෑ. අපි බලන video එකේ frame rate එකට අනුව නළු'නිලියන්ගේ චලන රිද්මයේ වේගය පවා වෙනස් වී පෙනීම , භාවිතා වෙන කැමරා කෝණයට අනුව රූපය සීමා වීම වගේ විවිධ කරුණු මේ'වෙනසට බලපානවා.

නමුත්, ප්‍රේක්ෂකාගාරයක සිට නාට්‍යක් බලද්දි නරඹන්නා විසින් දකින,විඳින සමස්තය ' රූප මාධ්‍යයට සාපේක්ෂව සැලසුම් සහගතව රූප'ගත කරනවා'නම් ඒක ආසන්න වශයෙන් වඩාත් සාර්ථකයි.
ඉතිං එහෙම රූප'ගත කරපු "Gladiator ප්‍රේමය" නාට්‍යයේ වීඩියෝව ගැනයි අද හරකගේ සටහන...

හරකත් මේ නාට්‍යයේ සාමාජිකයෙක් නිසා නාට්‍යය විචාරය කරන්න යන්'නෑ.
ඒක, බලපු/බලන්න'ඉන්න ඔබට බාරයි. පොඩි ඕප'දූප ටිකක් කියන්නං.

සෝමලතා සුබසිංහ මහත්මියගේ "ළමා හා යොවුන් රංග පීඨය"(play house-kotte) මගින් තරුණයන් සඳහා පවත්වන නාට්‍යකරණය පිළිබඳ පාඨමාලාවේ, 2009 කණ්ඩායමේ වැඩමුළු නිෂ්පාදනය(workshop production) තමයි "Gladiator ප්‍රේමය" නාට්‍යය. රංගය තනා තියෙන්නෙ ප්‍රොසීනියම් වේදිකාවකට උචිත ආකාරයටයි.
නාට්‍යය අද්‍යක්ෂණය කලේ ප්‍රසන්න මහගමගේ සහ නාමල් ජයසිංහ විසින්. play house-kotte වෙනුවෙන් නිෂ්පාදනය කලේ චන්දන අලුත්ගේ සහ කෞශල්‍යා ප්‍රනාන්දු විසින්. 2009 කණ්ඩායමේ සමූහ උත්සාහයක් ලෙස ලියැවුනු නාට්‍යයේ කතාව පිටපතක් ලෙසට මනාව ගොඩනැගුවේ නාමල් ජයසිංහ.

2010 ජනවාරි 11 වෙනිදා මුල්වරට ලුම්බිණි රඟහලේ'දී වේදිකා'ගත කරපු මේ නාට්‍යය, ඒ අවුරුද්දෙ'දි වේදිකා'ගත වුනු නාට්‍ය අතුරින් ගොඩක් කතාබහට/විචාරයට ලක්වුණු නාට්‍යයක්... පැය 2කුත් මිනිත්තු 15ක් පුරා දිවෙන මේ නාට්‍යය, වසර 3කට පසුව කොටස් 4කින් යුත් වීඩියෝවක් ලෙස අන්තර්ජාලයට මුදා'හැරුනේ 2013 ජනවාරි 11 වෙනිදා.

වේදිකා නාට්‍යක් ලෙස 'Gladiator ප්‍රේමයේ' ගුණාත්මකභාවය ‍රැකෙන පරිදිත්, යටිපෙල හා සමස්ත රූපය හොඳින් ප්‍රක්ෂේපනය වන පරිදිත් කලින් සකස් කල තිර'පිටපතකට අනුව කැමරා 3ක් මගින් නාට්‍යය රූප'ගත කෙරුනා. පිටපත සැකසීමට මුල්'උනේ නාමල් ජයසිංහ සහ මලිත් හෑගොඩ'යි. සංස්කරණය කලේ "Editing Table" වෙනුවෙන් මලිත් හෑගොඩ විසින්. නාමල් ජයසිංහ, මලිත් හෑගොඩ හා play house-kotte විසින් වීඩියෝ නිෂ්පාදනය සඳහා බර'පැන දරණු'ලැබුවා.

ඉතිං තවමත් "Gladiator ප්‍රේමය" නොබැලූ ඔබට, පහතින් දක්වා ඇති සබැඳි හරහා ගොස් නාට්‍යය නැරඹිය හැකියි. ඊට අමතරව නාට්‍යය වෙනුවෙන් සැකසුන පූර්ව ප්‍රචාරක පට හා නාට්‍යය හඳුන්වාදීම සඳහා සකස්කල පසුබිම් වීඩියෝ වල සබැඳිත් පහතින් දක්වා තියෙනවා.

පූර්ව ප්‍රචාරක පට

Trailer 1       Trailer 2       Trailer 3

Trailer 4       Trailer 5       Trailer 6.1


Gladiator ප්‍රේමය

Part 1

Part 2

Part 3

Part 4



Behind the Rehearsals


Part 1       Part 2

Part 3       Part 4

Part 5

 

Other videos & links



ප.ලි.

*** මේ'වන විට "Gladiator ප්‍රේමය" නාට්‍ය පිටපත, ඒනමින්ම "සංහිඳ" ප්‍රකාශනයක් ලෙස පලවී තිබෙනවා. කැමති අයට මිලදී ගන්න පුළුවං.
මේ දවස් වල BMICH එකේ පොත් ප්‍රදර්ශනේට ගොඩවෙන අය "සංහිඳ" කුටියට එබුනොත් ලාබෙට Gladiator ප්‍රේමය ගෙදර ගෙනිච්චැහැකි...

*** විශේෂ ස්තූතිය - මලිත් හෑගොඩ

Thursday, August 15, 2013

සිංහබාහු නීච වූ පසු දික්තලා රජ'වීම

මාලඹේ රාහුල බාලිකා පාසලේ ළමයි මනමේ නාට්‍ය කරපු නිසා, නාට්‍යයෙ වර්තමාන අයිතිකාරයගෙ නැට්ට ගිනි'අරං කියල සයිබර් අවකාශෙ කීප තැනකම චූටි නිවුස් එකක් තියෙනව දැක්ක. අද හරකගෙ ලිපියට මුල් වෙන්නෙ පහල ලින්ක් එකේ තිබුණු ඒ නිවුස් එක...(කොටන්න)
 හොරණ ශ්‍රීපාලි කැම්පස් එකේ, 2009 බැච් එකේ නාට්‍ය හදාරන කොල්ලො'කෙල්ලො ටික 2011 වසරේ එයාලගෙ final year production එක විදිහට කරල තිබුණෙ අමාලි බොරලුගොඩ විසින් පරිවර්තනය කල ස්පාඤ්ඤ නාට්‍යකරු Federico García Lorca'ගේ 'යෙර්මා' නාට්‍යයේ පිටපතක්. නිෂ්පාදනය කලේ තරිඳු ජයමුතුගේ. මේ'ගොල්ලො නාට්‍ය 2012 ජාතික යෞවන නාට්‍ය උළෙලටත් ඉදිරිපත් කරලා අවසාන වටයටත් තේරුණා. යෞවන නාට්‍ය උළෙලේ ෆයිනල් ෂෝ එකට ලයිට් ඩිසයින් කරන්න බාරගත්තු හරකත් ෂෝ එකට කලිං අන්තිම දවස් පහේ ශ්‍රීපාලි කැම්පස් එකට ගියා රිහසල් වලට. මාස කීපෙක ඉඳං කොල්ලො'කෙල්ලො ටික උදේ 'රෑ වෙනසක් නැතුව අනිත් වැඩ ඔක්කොමත් බැලන්ස් කරගෙන රිහසල් කලේ, කැම්පස් එකේ තිබුණු තද දුඹුරු පාට පොඩි මඩුවක් වගේ චූටි හෝල් එකක.
ළමයිට කැම්පස් එකේ නාට්‍ය ශාලාව දීල නෑ , පාලන අධිකාරියට ලිඛිත පරීක්ෂණ පවත්වන්න නාට්‍ය ශාලාව ඕන'වෙනවලු....
කොහොමහරි ෂෝ එකට කලිං දවසෙ රෑ 8 විතර වෙද්දි කට්ටිය එකිනෙකාට සුභ'පතාගෙන අන්තිම ලාස්ට් ෆයිනල් රිහසල් එක පටංගන්න හදනකොටම ඔන්න ලලිතා සරච්චන්ද්‍ර'ගෙන් නිෂ්පාදක තරිඳු ජයමුතුගේ'ට කෝල් එකක් ආව.

ලලිතා'ත් හරියට ආණ්ඩුව වගේ...නෙ ?
මීට පෙර 'යෙර්මා' නමින් ඇය එම නාට්‍ය නිෂ්පාදනය කර තිබෙන නිසා, එනමින් වෙනත් කෙනෙකුට එම නාට්‍යය නිෂ්පාදනය කල නොහැකි බවත්, කරන්නේ නම් මුලින්ම තමාට ඒ බව දැන්විය යුතු බවත්, හෙට දිනයේ නාට්‍යය පෙන්වනවානම් වෙනත් නමකින් නම් කොට වේදිකාගත කරන ලෙසත්, නොකලහොත් ඒ පිළිබඳව නීතිමය පියවර ගන්නා බවත් ලලිතා විසින් තරිඳුට ඉතා සුහදව තර්ජනාත්මක ස්වරයෙන් කියා තිබුණා. අවශ්‍ය නම් 'යෙර්මා නොහොත් වඳ ගැහැණිය' ලෙස නම් කර නාට්‍ය පෙන්වන ලෙස තව දුරටත් යෝජනා කල ඈ තමා විසින් මේ ගැන, මේ මොහොතේම ජාතික තරුණ සේවා සභාවත්, නාට්‍ය උළෙලේ විනිශ්ච්‍ය මණ්ඩලයත් අමතා නම වෙනස් කිරීමට අදාල පියවර ගන්නා ලෙස දන්වන බවත් කියා, පසුදින නාට්‍ය බලන්න එන බවත් ප්‍රකාශ කලා.

හරක හැමෝගෙම මූණු වලින් දැක්කෙ, කට්ටියටම බඩු පැකට් වුන ස්වරූපයක්. මේ සිසුන්ට මේ වගේ සිද්දියකදි ප්‍රතිචාර දක්වන විදිහ ගැන ජීවන අත්දකීම් නෑ. ඒ වගේම මෙවැනි තත්වෙකදි නීතිමය කාරණා බලපාන විදිහ දන්නෙත් නෑ. කට්ටියගෙම හිත් හොඳටම අවුල් වෙන්න කලිං, 'මේ වැඩේ ඉවරකරලා ඒ ගැන හිතමු' කියලා තරිඳු රිහසල් එක පටංගත්ත. රිහසල් එක යන අතරෙ 'යෙර්මා නොහොත් වඳ ගැහැණිය' ලෙස නම වෙනස් කරාද කියලා තහවුරු කරගන්න ලලිතා කීපසැරයක්ම කෝල් කලා. මේ අතරෙ ජාතික තරුණ සේව සභාවෙ, නාට්‍ය උළෙල භාර නිලධාරියත් කෝල් කරල නාට්‍යයෙ නම වෙනස් කරන්න කියලා ඉල්ලා සිටියා. ඒ විදිහට එදා රෑ කීපදෙනෙකුගෙන්ම කෝල්ස් ආව. ලලිතා සරච්චන්ද්‍ර කියන්නෙ "ලලිතා මැඩම්" නිසාත් තරිඳු ජයමුතුගේ කියන්නෙ "අර තරිඳු කියන කෙනා" නිසාත් කෝල් කරපු හැමෝම විචාර බුද්ධියකින් තොරව තරිඳුට කිව්වෙ 'නාට්‍යයෙ නම වෙනස් කරන්න, එතකොට කිසි ප්‍රශ්නයක් නෑනෙ' කියල.

ලලිතාගේ තර්කයට අනුව බලද්දි, García Lorca ආපහු යෙර්මා කරනවනං මිනිහටත් ලලිතා'ගෙන් අවසර ගන්න වෙනවා. ඒ නිසා මොන මගුලක් උනත් කිසි වෙනසක් නොකර කරපු විදිහටම නාට්‍යය කරනව කියල කතා වෙලා කොල්ලො'කෙල්ලො ටික එදා රෑ විසිරුනා. හැබැයි හැමෝම විසිරුනේ හිත් වල ලොකු ඩවුට් එකකින් බව හරක දැක්කා... පහුවදා උදෙන්ම වෙච්ච සිද්දිය ගැන විනිශ්ච්‍ය මණ්ඩලය ඇතුළු නාට්‍ය උළෙලට අදාල හැමෝම දැනුවත් කරපු අපි, නාට්‍යය පෙන්නන්න කලිං ඕඩියන්ස් එකට, යෙර්මා නාට්‍යය පරිවර්තනයක් ලෙස ලංකාවෙදි නිෂ්පාදනය වුනු පෙර අවස්ථාවන් ගැන කෙටි හැන්දින්වීමක් කරලා නාට්‍යය පෙන්නුව.

එදා නාට්‍යය සාර්ථකව කෙරුනෙ නෑ. හරක අතිනුත් ලයිටිං වලදි මිස්ටේක්ස් කීපයක් උනා. අසාර්ථක වීමට ලලිතා හේතුවක් නෙමෙයි. කොහොම උනත් එදා මොකක් හෝ හේතුවක් නිසා නාට්‍යය පෙන්නුව Bishop's Auditorium එකට ලලිතා ආවෙ නැති නිසා මොකුත් හැපනිං එකක් උනෙත් නෑ...
ලලිතා ඇබ්සන්ට් වීම හැමෝගෙම සතුටට කාරණාවක් උනා...

'Yerma' by Tharindu Jayamuthuge
2006දි, කැළණි කැම්පස් එකේ නාට්‍ය නිෂ්පාදනය කරන Academic Players group එකත් 'යෙර්මා' නාට්‍යය නිෂ්පාදනය කලා. ඒ පිටපතත් අමාලි බොරළුගොඩ'ගෙමයි. (ලලිතා කලේ සුනිල් ආරියරත්න හා මහාචාර්ය සරච්චන්ද්‍ර විසින් පරිවර්තනය කල 'යෙර්මා' පිටපතයි). ලලිතා විසින් Academic Players'ලාටත් 'යෙර්මා' නමින් නාට්‍යය රඟදක්වීමට විරුද්ධව තර්ජණාත්මක පිස්සුවක් නැ‍ටුව... පස්සෙ Academic Players'ලා පෙන්නපු හැම ෂෝ එකක්ම "යෙර්මා නම් ඇය" ලෙස නම වෙනස් කරල පෙන්නන්න සිද්ද උනේ එම තර්ජණාත්මක ඇඬියාවේ ඵලයක් විදිහටයි.
ඒ වගේ තව කීදෙනෙකුට ලලිතා' මෝඩ ජෝක් දාල තියෙනවද , දාන්නට නියමිතද කියල හරක දන්නෙ නෑ....

ශ්‍රී ලාංකීය නාට්‍ය කලාවේ කඩ'ඉම් ලකුණක් සටහන් කල මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ මනමේ, සිංහබාහු ඇතුළු බොහෝ නාට්‍ය ප්‍රමාණයක් වර්තමානයේ දී පවත්වගෙන යන්නේ ඔහුගේ බිරිඳ වන ලලිතා සරච්චන්ද්‍ර මහත්මියයි. ඒ කාලෙ ඒ නාට්‍ය වල තිබුණු බර'ට සාපෙක්ෂව මේ කාලෙදි බර කොහොම උනත්, එම නාට්‍ය වල ගුණාත්මක බව සහ නාට්‍ය කණ්ඩායමේ විනය ඇතුළු සියල්ල හැකි උපරිමයෙන් පවත්වාගෙන යන්න ලලිතා සරච්චන්ද්‍ර මහත්මිය කැපවී, වෙහෙස වී කටයුතු කරන හැටි හරක දැකලා, අහලා තියෙනව. ඒවගෙම ඒ කාර්යය අගය කොට සලකනව.

කිසියම් කලා නිර්මාණයක් නැවත නිෂ්පාදනය කරද්දි ඊට අදාල'වෙන නීතිමය පැත්තකුත්, සදාචාරාත්මකව කල යුතු දේවලුත් තියෙනව. ඒ කාරණා වල බර, රටින් රටට හා ඒ ඒ රටවල් වල දේශපාලනික, සංස්කෘතික හා සංස්කෘතියට අදාල නීතිමය කරුණු වලට සාපේක්ෂව අඩු වැඩි වෙනව. කලා කෘතියක් ඒ'නමින් ඒ විදිහටම කොපි කරල ඒක මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් එලිදක්වනවා'නං එය බුද්ධිමය දේපල සොරකම් කිරීමක්, වරදක්.
'Yerma' by Academic Palyers

(re-make කරනවා කියන එකෙන් අදහස් වෙන්නෙ මේක නෙමෙයි, ඊට වඩා වෙනස් වෙනම කතා'කලයුතු දෙයක්)
නමුත් Federico García Lorcaගේ 'යෙරමා' නාට්‍යයේ දෙදෙනෙකු විසින් පරිවර්තනය කල පිටපත් දෙකක් නිෂ්පාදනය කරද්දි, එකම නම භාවිත කරනවා'නං, එක් පරිවර්තනයක් නිෂ්පාදනය කරන්නා අනෙක නිෂ්පාදනය කල කෙනාගෙන් අවසර ගත යුතුයි කියල නීතියක් කොහේවත් නෑ... සධාචාරාත්මක රීතියකුත් නෑ...
මනමේ ගැන කිව්වත් මනමේ නාට්‍යට සාපේක්ෂව ඔච්චර තමයි.

ලංකාව හැම අතින්ම වලපල්ලට යමිං තියෙන කාලෙක, මිනිස්සු තව තවත් ගෝත්‍රික වෙමිං තියෙන කාලෙක මනමේ හෝ යෙර්මා ගැන කතා කරන එක මහ චූ වැඩක්...
මං වගේ හරක් ලියන හරක් ලිපි නිසා හරි, කලා නිර්මාණ නැවත නිෂ්පාදනය වී ඇති ආකරය ගැන ලෝක මට්ටමෙන් උදාහරණ ගෙනහැර පෑමෙන් හරි ලලිතා වගේ මෝඩ ගෑණුන්ගෙ යාවත්කාලීන නොවන කුඩා'මොල ශෝධනය කරන්න බෑ. ගිය අවුරුද්දෙ හිරු TV එකේ ගිය වැඩසටහනකින් මනමේ , සිංහබාහු නාට්‍ය වල ගීත විකෘති කොට විකාශය කලා කියල ලලිතා, හිරු TV ආයතනයෙන් ලක්ෂ 300ක වන්දියක් ඉල්ලල නඩු දාල තිබුණ. ඒ පිළිබඳව ඈ සමඟ කල සාකච්ඡාවකදි, අහපු ප්‍රශ්න වලට ඇය ලබා දී ඇති පිලිතුරු දිහා බලද්දි කලා නිර්මාණ, රසවින්දනය සහ ආකල්ප අතින් ලලිතා කොච්චර දුප්පත්ද, ලපටිද, මෝඩද කියල මොලය ස්වල්පයක් තියෙනවනං ඕන හරකෙකුට තේරෙනව.
නාට්‍ය වලින්ම status හදාගත්තු ලොකු පු‍ටු වල ඉන්න කලා'කාරයො කීපදෙනාට මේ'වගේ විශබීජ වල සැර බාල කරන්න, කරන්න ඕනෙ පෑනකින් පොඩි වචන ස්වල්පයක් ලියන එක හෝ කතා'කරන එක විතරයි.
ඒත් එහෙම නොකරන්නෙ ලලිතා කියන්නෙ 'මැඩම්' කෙනෙක් නිසා වෙන්න ඇති කියලයි හරකට හිතෙන්නෙ...

රාහුල බාලිකාවෙ ළමයි අපහසුතාවට පත්වීම / ලලිතා ඇබ්සන්ට් වීම නිසා අපි ලැබූ සතුට / Academic Players'ලාට නාට්‍යයෙ නම වෙනස් කිරීමට සිදුවීම , කියන සිදුවීම් තුනම නොවිය නුතුව තිබුණු දේවල් කියලා හරකා හිතනව. තේරුම් ගන්න ඕන දේ තමයි අලුත් පරම්පරාවෙ උඹලා'අපි'ත් දැනුම අතින් දුප්පත් බව. තරුණ කමට ලේ කකියන නිසා එක එක ‍රැඩිකල් හේතු මත ගණන් නොගෙන හිටියොත් අපිත් තව කාලෙකට පස්සෙ අහවල් විසබීජෙ වගෙම තමයි. මිස් වෙලා තියෙන දේවල් ටික ටික හරි එකතු'කරගත්තොත් නං ගොඩ...

මාලඹේ රාහුල බාලිකාවෙ මනමේ කරපු ළමයි ටික ආයෙ කවදාවත් ඉස්කෝලෙ ‍රැස්වීමකදිවත්, කතාවක්වත් පවත්තයිද දන් නෑ...
ලලිතාට කියන්න තියෙන්නෙ මෙච්චරයි.
රෝදෙ හොයාගත්තු ආදි මානවයට ජාතක වෙච්ච උං, ඒ රෝදෙ උංට ඕන විදිහට කරකෝල බැලුවෙ නැත්තං, අද අපිට වෙන්නෙ පුක රෝදෙ උඩිං තියාගෙන උඩ බලං ඉන්න හරි, ලිපට දාල ඇවිලෙන හැටි බලං ඉන්න හරි තමයි.
ප.ලි.

* ගුනසේන ගලප්පත්ති මහතා නිෂ්පාදනය කල 'මූදු පුත්තු' නාට්‍යයද 'යෙර්මා' නාට්‍යයේ අනුවර්තණයකි.

* සමාන නම් තියෙන සමාන නිර්මාණ ගැනත් , වෙනස් නම් තියෙන සමාන නිර්මාණ ගැනත් හොයලා බලන්න කැමති අයට කරන්න තියෙන්නෙ google දෙයියන්ගෙං අහන එක විතරයි. re-makings ගැන පොඩි search එකක් දැම්මොත්, ලෝකෙ මිනිස්සු re-makings ඇතුලෙ මොනතරං නිර්මාණාත්මක සහ රසවින්දනාත්මක ඉසව් පුළුල් කරගෙන තියෙනවද කියලත් දැනගන්න පුලුවං.

* මං සිංහල භාෂාව හසුරවන්න දක්ෂයෙක් නොවුනට කෙනෙකුට අපහාස කරන්න ඕනෙනං, ඒකට ඕන කරන සුද්ද සිංහලෙන් කතා කරන විදිහ හොඳට දන්නව. ඉතිං මේක ලිව්වෙ ලලිතා'ට අපහාස කිරීමේ පහත් අරමුණකින් නොවුනත්, ලලිතා ඇන්ටි මේක බලල අපහාස කලා කියල නැට්ට පාගගෙන නඩු දාන්න හිතනවනං...,
ඔන්න කිව්ව, මං ලෑස්තීඊඊඊයී....

Friday, July 26, 2013

හොටැන් ස් පයිසි ප්ලයිං පිෂ්

අතවරයක් වෙලා උසාවි ගියාම, වෙච්ච සිද්දියට වඩා ඇඳං හිටපු ඇඳුම ප්‍රශ්නයක් වෙන රටක්නෙ මේක... ඕනම දේකදි ප්‍රධාන කාරණාව පස්සට දාල වෙන සුළු සුළු කාරණාවල් මුලට අරං පිස්සු කෙලින එක ලංකාවෙ අපි වැඩිදෙනෙකුට පොදු ගතියක්. අපේ ජීවිත ඇතුලෙ හෝ සමාජීයව හෝ දේශපාලනිකව , මේ ගතිය එක එක ස්වරූප වලින් අඳුන ගන්න පුලුවං.
කොටින්ම හරකට හිතෙනව මේ ගතිය ලංකාවෙ සංස්කෘතික කාරණාවක් කියල.

හරක Flying Fish බැලුවා. ITN මෝඩ ජෝක් එක ගැන ලියන්න ඕන උනත්, ලියන්න අළුත් දෙයක් නැති ගානටම ඒ'ගැන ලිපි ලියවුනා. ඉතිං ඔක්කොම ලිපි වල ලින්ක්ස් එක තැනකට අරං පොඩි ලයිබ්‍රි පෝස්ට් එකක් දාන්න හිතනකොටම කතන්දර'කාරයා(කොටන්න) ඒ වගේ ලිපියකුත් දැම්ම. දැං මොකෝ කරන්නෙ..?@^#!.. නැට්ට වන වන ඉන්න අතරෙ ඕං නිමිත්තක් පහල උනා.

සංජීව අයිය (සංජීව පුෂ්පකුමාර) FB එකේ පෝස්ට් එකක් දාල තිබුණ. (හරක ලිපිය ලියන වෙලාව වෙද්දි ලින්ක් එක හොයාගන්න නෑ, might be deleted...)
මේ , ඒ post එක ;
"මට දැන් ඇති වේදනාව අන් කිසිවක් නොව මගේ සිනමාපටයේ නමවත් හරියට නොදැන කරනා ලිපි රචනා ගැනයි. මම පියාඹන මාළුවන් නමින් සිනමාපටයක් හදා නැත. අශෝක හදගමගේ සිට මගේ සිනමාපටයේ නම පියාඹන මාළුවන් යැයි කියනවිට ITN එකේ අය ගැන මට ඇතිවන්නේ ගෞරවයකි.මන්ද ඔවුන් චිත්රපටය නොබලා වුවද අඩුම තරම්න් මගේ චිත්රපටියේ නම ඉගිල්ලෙන මාළුවෝ (Flying Fish) යැයි හරියට කියයි. ඉගිල්ලෙන මාළුවන්(Flying Fish) උළෙලකදී බැළුවා යැයි කියා ලියන අශෝක හදගමගේ ලිපියට වඞා මට මගේ සිනමාපටයේ නම හරියට කියන එක වටීන්නනේය. මගේ මිතුරන් මෙ අදහසට උරන නොවත්වා.ඔබත් සිනමාපටයක් හැදු කළ කිසිවෙකු එහි නම වැරදියට කියන කළ පමණක් ඔබට මේ වේදනාව දැනෙු ඇත." 

 මේක කියෙව්වම හරකට දෙකක් හිතුන.
  1. මේක , ප්‍රතිපත්තියක් නැති තුප්පහි මාධ්‍ය හීනියට කොනිත්තපු කදිම උපහාසයට ලක්කිරීමක්.
  2. මේක , අවුල පැත්තක තියෙද්දි නමක් අල්ලගෙන වෙන මොකද්ද ඇරියස් එකක් කවර් කර'ගැනීමක්. 
සංජීව මේ පෝස්ට් එක දැම්මෙ (1.) නිසා කියල, හරක 99%'ක්ම විශ්වාස කරන් නැති නිසා හරකට ඕනේ (2.) ගැන කතා'කරන්න.

ජාතික ගීය වෙනුවට හිංදි ගීතයක් දැම්ම වගේම, කලා කෘතියක නම වැරදියට කීම හෝ සඳහන් කිරීම ලොකු අවුලක් තමයි. නමුත් සංජීව, ‍ෆිල්ම් එකේ නම වැරද්දීම ගැන කතාකිරීමෙන් නොනැවතී ITN ගැනත් තව කාරණා මේ post එකට ඇතුල් කරනව.

හරක හඳගම'වාදියෙක් නෙමෙයි. ඒත් Flying Fish සිද්දිය ගැන මේ වෙද්දි ලියවිලා තියෙන ලිපි වලින් හරකට නං හොඳම එක හඳගමගෙ ලිපිය.
හේතුව ;
ලංකාවෙ සිනමා'කරුවෝ සහ සිනමා'රසිකයෝ කියන දෙගොල්ලොගෙන්'ම averagely වැඩි පිරිසක් තාම ළිං'මැඩියො සහ ළිං'මැඩියො බව නොදන්න ළිං'මඩියො. (ළිං'මැඩි කතාව සාපේක්ෂයි : හරකත් ඇතුලුව හැමෝටම..) ඉතිං.., මොළය ස්වල්පයක් තියනවනං , ඕන හරකෙකුට Flying Fish ‍ෆිල්ම් එකට ලඝු නොවී සකල'සිනමාව ගැනම යම් ආකල්පමය වෙනසක් ඇති'කරගන්න පුළුවං විදිහට සහ කියෙව්වම තේරෙන විදිහට හඳගමගෙ ලිපිය ලියවිලා තියෙනව.
( 'කියෙව්වම තේරෙන විදිහට ලියනවා' කියල හරක කියන්නෙ , යටගිය දවස බරණැස්'නුවර ටයිප් එකට හෝ නව්‍ය පශ්චාත්නූතනවාදී සහවාසයේ යෙදීම් හා තුල්‍ය වන ප්‍රොකෘස්තියානු වෙස්ගත් අහවල් Xඑකේ ටයිප් එකට නොලියා ' ඕන හරකෙක්ට තේරෙන විදිහට ලියන එකටයි. )


මිනිස්සුන්ගෙ ඔළු හැදෙන්න කරන්න පුළුවන් දෙයක් කරනව මිසක් ඒක ඇහිරෙන විදිහට මත, හිතුවිලි ඉදිරිපත් කරන්න යන එකෙන් තව'තවත් වැඩිවෙන්නෙ, අපි පට්ට ආඩම්බරෙං කතා කරන ලංකාවෙ සාක්ෂරතාවය. මුලිං සන්ජීව'ගෙ පෝස්ට් එක බලල, ඊටපස්සෙ හඳගමගෙ ලිපිය ඇතුලු අනිත් ලිපි කියවන අය ඒව කොහොම කියවයිද කියල, හරකගෙ මේ ලිපියෙ පළවෙනි ඡේදෙ බැලුවම අදහසක් ගන්න පුළුවං වේවි.
ඒ නිසයි සංජීවගෙ මේ පුංචි පෝස්ට් එක ගැන හරක ලොකුවට අවුල් වෙන්නෙ.

කාලෙං කාලෙට මොකක්හරි ඉලව්වක පිට පොත්ත අල්ලගෙන නියම 'හොටැන් ස්පයිසි ෆන්' එකක් දෙන්න මේ රටේ තුප්පහි මාධ්‍ය හොඳට දන්නවනෙ... ජාතික රූපවහිනියත් ඕං 'විනිස' වැඩසටහනෙන් ෆන් එක ඩබල් කරන්න සෙට් වෙලා...

රාජාන්ඩුවකුයි, බත්'බැලයොයි, ණයට කහින ජනතාවකුයි පිස්සු කෙලින මේ ධර්මද්වීපෙ ඇතුලෙදි, නමක් එහෙ මෙහෙ උනා කියලා හිත රිද්දගන්න එපා බං ...

සංජීව අයියෙ , මේක ලංකාව...

 
ප.ලි.

(කොටන්න)

* ITN News එක




* හඳගමගෙ ලිපිය
බොහෝ දියුණු රටවල් චිත්‍රපට කිරීම මෙන්ම නැරඹීම ද තම තම රිසි පරිදි කරගැනීම සඳහා නිදහස දී තිබෙයි. එසේ නිදහස් රටවල සිනමාව කර්මාන්තයක් මෙන්ම කලාවක් ලෙසද දියුණුවී තිබෙයි. ආණ්ඩු චිත්‍රපට දැක කලබල වන්නේ නැත.

* මම කියවපු තවත් වැදගත් යයි හැ‍ඟෙන ලිපියක්...

 ජගත් චමිලගේ ගෙයි බිත්තියට මුවා වී සංජීව පුෂ්පකුමාරට වෙඩි තැබීම

Saturday, July 20, 2013

ප්‍රසිද්ධිය කන්නද ඕයි !!!

J.Lo...
තවමත් කීදාහකගෙ නං හීන කුමරියද...
හරකත් නාඹර වෙන්න පටන්ගත්ත කාලෙ පිස්සු වැටිලා හිටියා. තාමත් හීනියට ඒ පිස්සුව තියෙනවා. ලිංගික ආකර්ශනේ ගැන කතා කරන්න නම් මරු අකුරු තුන...J.Lo.

පහුගිය දවසක FB එකේ රස්තියාදු ගහනකොට දැක්ක J.Lo'ගෙ fan page එකෙන් ෆොටෝ එකක් දාල. ඒ වෙද්දි අප්ලෝඩ් කරල මිනිත්තු 37යි. 77262 දෙනෙක් like කරල තිබුණ. ආයෙ ටික වෙලවකින් බැලුව. මිනිත්තු 44යි. like 83171යි.
(හරකගෙ කැල් එක කිව්ව..;)
  • 37mnts  -  77262 likes
  • 44mnts  -  83171 likes
  • 5909 likes within 7mnts
  • Average -  1890 likes per'mnt / 31 likes per'sec.
    J.Lo

මේ වගේ දේවල් ඕනතරම් සයිබර්'අවකාශගත උනාම හොයාගන්න පුලුවං. හැබැයි මේක වෙනස්.
මේක මිනිස්සු 80,000ක් විතර ‍රැස් වෙච්ච පිට්ටනියක J.Lo'ගෙ ෆොටෝ එකක් පෙන්නලා ඡන්දෙ ඉල්ලනව වගේ දෙයක් නෙමෙයි. සෙක්ස් හරි, සින්දු හරි, ‍ෆිල්ම් හරි, වෙන මොන'මගුලක් හින්ද හරි ලෝකෙ පුරා එක එක වැඩ වල නිරත වෙලා ඉන්න එක එක විදිහෙ මිනිස්සු ගොඩක් සුලු වෙලාවක් ඇතුලත තනි ෆොටෝ එකකට තමන්ගෙ අවධානෙ දෙනව...

හරකට මේක දැකපු වෙලාවෙ මතක් උනේ ලංකාවෙ ඉන්න විකල්ප කලා කාරයො සෙට් එක.

පහුගිය අවුරුදු 5ක විතර කාලෙදි එක එක අහු'මුලු වල රිංගල ලැබුනු අත්දැකීම්, දැකපු, අහපු, කියවපු දේවල් වලට අනුව නං...,
හරකට හිතෙන්නෙ මේ විකල්ප සෙට් එකන් ,
(මොන ටෝක්ස් දුන්නත්) ,
  • කොටසක්, 'විකල්ප'. ඒත්, mainstream එක ගැන උවමනාවක් නෑ.
  • කොටසක්, mainstream එකට යන්න බැරුව 'විකල්ප' වෙලා ඉන්න අය.
  • කොටසක්, mainstream එකේ ‍රැඳිල ඉන්න බඩු මදි නිසා 'විකල්ප' වෙලා ඉන්න අය.
  • කොටසක්, මෙලෝ තේරුමක්, රහක් නැතුව ඔහේ කරන්නන් වාලෙ එක එක ඒව කරන අය. කරන ඒව mainstream එකේ වැඩ වලට සෙට් නැති නිසයි මෙයාල 'විකල්ප'.
    (mainstream එකත් මෙහෙම බෙදුවොත්, වැඩ නිසා විකල්ප 'නොවන' මේ ජාතියෙම සෙට් එකක් ඉන්නවා)
මේ කොටස් හතර ඇතුලෙ, තව ප්‍රභේද ගොඩකට මේව කඩන්න පුලුවං.
[ හරක මෙතන 'විකල්ප' කලාව කියන්නෙ drama හෝ film වගේ එක දෙයක් ගැන නෙමෙයි. කලාවක් කියල සලකන හැම දේකම තියෙන වෙන් කරගන්න පුලුවන් 'විකල්ප(වෙනස්)' කොටසට... (out of box) ]

කොහොමහරි, මේ විකල්ප කට්ටියගෙන් වැඩි පිරිසකට තේරිල නැති හෝ තේරුම් ගන්නෙ නැති කාරණයක් තියෙනවා.

තමන් මොන කලාව මොන විදිහට කලත් ඒක වැඩි පිරිසක් අතරට යන තරමටයි ඒකට තේරුමක් තියෙන්නෙ. එහෙම නැතුව, කරන දේවල් විකල්ප සෙට් එක අතරෙම බෙදාගෙන උන් අතරෙම පොරක් උනාට ඒකෙ වැඩක් නෑ.

උත්තරේ තමන්ගෙ වැඩේ කරන අතරෙම mainstream එකටත් පනින එක.
සිංහලෙන් කියනවනං hit වෙන එක.
හැබැයි ලංකාවෙ mainstream එක දිහා බැලුවම, ගෙදරට වෙලා බුදියගත්තනම් හොඳයි කියල මන් වගේ තව හරක්ට හිතෙනවනම් ඒ'කත් සාධාරණයි.
ඒ'කොහොම උනත් මේ' විකල්ප උදවිය ටිකක් මොලේ කල්පනා කලොත් mainstream එක ඇතුලෙ තමන්ගෙ දේටත් ඉඩක් හදාගන්න 'පච නොවී' කරන්න පුලුවං පොඩි පොඩි 'සීන්'කෝන්' තියෙන බව තේරුම් ගන්න පුලුවන්.

කවුරු මොනවා කිව්වත් ,
හරකට තේරෙන විදිහට ලංකාවෙ විකල්ප සෙට් එක ඇතුලෙ මරු ඔලු ටිකක් , ටැලන්ට් තියෙන කොල්ලො කෙල්ලො ටිකක් ඉන්නව. සිස්ටම් එක ඇතුලෙ ඉඩ නැත්තං.., ඉඩ දෙන්නෙත් නැත්තං.. ඉඩ ගන්නත් ඕනෙ අපිම බව උඹලා,අපි තේරුම් ගන්න ඕනෙ.
තව විදිහකට කිව්වොත්,
කෙමිකල් ගහල පුරවපු සැමන් තියෙනකං විතරක් වටින ' දිලිසෙන ටින් ගොඩකුයි , මනාව උගත් වංශ'කතා කාරයො ටිකකුයි පිස්සු කෙලිද්දි ' උඹලා,අපි අපිටම කරගන්න කලා කෙරුවාවල් වැඩක් නෑ කියලයි හරකට හිතෙන්නෙ...

ප.ලි.

** මාතෘකාව පප්ප'ගෙ ටෝක් එකකින් අනුවර්තනය කොරා...

** කතා කරන්න ලේසි නිසා mainstream , out of box කියල බෙදා ගත්තට මේ ඔක්කොම එකයි කියලයි මට හිතෙන්නෙ. ඒත්ත්ත්......,
ලක්ෂ ගනන් මිනිස්සු මැරෙද්දි කට,පුක වහං හිටපු ' හරක් නිසා මරාගන්න මිනිස්සු ඉන්න රටක ...,
මොන mainstream ද , මොන out of box ද ...

** හිතවතෙක් (Denis Perera) FB පෝස්ට් එකක් දාල තිබුණා.
ඒකෙ මුලින් කියන ස්ථාන දෙකේම අදාල දින වලදි මමත් හිටියා. 95% 'ක් එකඟයි. මෙන්න ලින්ක් එක..