Showing posts with label යාං හෑලි. Show all posts
Showing posts with label යාං හෑලි. Show all posts

Friday, June 13, 2014

විවාහය සඳහා ගණිකාවක් සොයමි.

මේ.., අවුරුදු දෙක'තුනකට කලිං හරක බුකියේ දාපු ස්ටේටස් එකක්.
ඒකත් එක්ක වෙච්චි පොඩි සිද්දියක් ලියන්න හිතුනා.

''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
විවාහය සඳහා ගණිකාවක් සොයමි.

සමාජය විසින් ඔබව හඳුනාගන්නේ හිගන්නියකගේ සිට එග්සෙකටිව් තනතුරක් දක්වා ඇති කුමන නමකින්'ද ? නැත්නම් ගණිකාවක් නමින්'මද ? ඒ කෙසේ වුවත් කම් නැත. ඔබ ගණිකාවක් නම්, මේ අවස්ථාව ඔබටයි.

ඔබේ ආගම කුමක් වුවත් කම් නැත. කුලය කියා දෙයක් මා දන්නේ'ද නැත. උස/කොට , කළු/සුදු , කෙට්ටු/මහත , කැත/ලස්සන හෝ ඒ අතර තත්වයන් කිසිවක් සලකා නොබැලේ. දැරියක'ද , මැහැල්ලක'ද නොවී ලිංගිකව සක්‍රීය නම් හොඳටෝම ඇතිය.

දේපොළ තිබීම අනවශ්‍යයි. දෑවැදි තබා සත 5ක්'වත් අවශ්‍ය ද නැත. මට නිවසක් හිමි බැවින් විවාහයෙන් පසු එහි වාසය කල හැක. ඊට අකමැති නම් එය විකුණා දමා ඔබත් මමත් කැමති සුදුසු තැනක පදිංචියට යාමට ද කැමැත්තෙමි.

ඔබ, යහන් ගත වූ හෝ යහනකින් තොරව යහන් ගත වූ (හිටගෙන, පේමන්ට්, කඩපිල්, පැදුරු, ටොයිලට්, බාත්'රූම්, ත්‍රීවීල්, ලෑන්ඩ්'කෘසර් ආදිය..) හෝ ආදරය කල හෝ ගනුදෙනුකරුවන්'ගේ හෝ "ගණන" කීයදැයි දැනගැනීමට අවශ්‍ය නැත. සොයා බලන්නේ ද නැත.

විවාහයෙන් පසු ද ඔබේ වෘත්තියේ නියැලීමට අවශ්‍ය නම් ඊට ද කිසිදු බලපෑමක් නැත. කොටින්ම මෙය එකට ජිවත් වෙමින් දුක'සැප බෙදා ගැනීමේ එකඟතාවයක් මිස, විවාහයේ නාමයෙන් සවිඥානිකව හෝ අවිඥානිකව නීති දමා රුචි'අරුචි'කම් තමන්ට අවශ්‍ය පරිදි සීමා කරමින් සහකාරිය පාලනය කරන හෝ ඇය යටතේ පාලනය වීමේ මනස්කාන්ත ඊනියා "විවාහ බැඳීමක්" නොවන බව සලකන්න.
දැන්වීමක් නිසා ඊට "විවාහය" යන වචනය පාවිච්චි කලද, එවැනි "ඩීල්" එකක් නොව ඊට එහා ගිය තේරුම් ගැනීමකින් එක්වීමට කැමති නම් වඩාත් මනාපය.

ඊයේ'පෙරේදා ලබාපු සිකුරු'ගේ සිට අල්ලපු චක්‍රාවාටයේ කේතු දක්වා සියල්ලෝම භ්‍රමණය වන්නේ ඔබ වටා බව දනිමි. එම ග්‍රහයින් මට අදාල නැත. එමෙන්ම, කේන්දර වල සිටින ග්‍රහයන් වටා මම ද භ්‍රමණය නොවෙමි. එබැවින් කේන්දර ද සලකා නොබැලේ.

ඉහත දැක්වූ අදහස් හා කරුණු විවාහයෙන් පසුද දශමයකින්'වත් වෙනස් නොකරමි.

මම අවු.25ක තරුණයෙකි. ප්‍රිය කරන්නේ ස්ත්‍රීන් බැවින් ද ගණිකාවක හා විවාහ වීමට කැමැත්තක් ඇති බැවින් ද ඔබ ගණිකාවක් වීම හොඳටෝම ප්‍රමාණවත්ය. විහිලුවට inbox නොකරන්න.

''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
හරක මේ දැන්වීම බුකියේ ස්ටේටස් එකක් විදිහට දැම්මෙ, ඒකෙ ඉන්න මිතුරා'ගේ සිට අපතයා දක්වා පිරිස මේ වාගේ දැන්වීමකට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියල බලන්න තිබ්බ ආසාවට...
අම්බෝ'ඕඕඕඕ....... ඒකට ලැබුණු කමෙන්ට්ස්, මැසේජස් තොගේ....
සමහරුන්ට හරකව මාරම පොරක් වෙලා තිබුණා. සමහරු "පිස්සු විකාර දාල පොරක් වෙන්න හදන්න එපා" කියල කුණුහරපෙන් බැන්නා. හරකාගේ ජීවිතේට වෙන්න යන හානිය ගැන මිතුරු උපදෙස් වැක්කෙරුනා. තමං හිතෙන් කොහොම එකෙක් උනත්, සමාජෙට පෙන්නගෙන ඉන්න පත්තිනි රාමුව නිසා ගොඩනැගුනු ගර්වයට මේ ස්ටේටස් එක පහරක් වෙච්චි මිතුරෝ කීපදෙනෙක් වගේම මිතුරියෝ රොත්තකුත් මැසේජ් කරමින් වාද කරන්න ගත්තා , තරහා උනා.
නිරුවත වහං ඉන්න පුහු සදාචාර රෙද්ද ඔලුවෙන් ගලව'ගෙන හිතන්න බැරි සමහරු පන්සිල් රකින හැටිත් උගන්නගෙන ආවා.

ඔය ඔක්කොම අතරේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ නැති කෙනෙක්'ගෙන් මැසේජ් එකක් ආවා.
"මගේ වයස 27යි. ඔයාගේ නෝට් එක මං කියෙව්වා. ඔයාගේ පේජ් එක බොරු එකක් නෙමෙයි කියල බලද්දී පේනවා. අරක දැම්මේ ඇත්තටද ? ඇත්ත නං චැට් කරන්න. මේ පේජ් එක බොරු එකක්. ඇත්ත විස්තර පස්සේ කියන්නං. මං ඒ ජාතියේ කෙනෙක්"

හරක දවස් කීපයක් චැට් කරා. ඇත්තටම ගණිකා වෘත්තියේ යෙදෙන්නියක් මේ ස්ටේටස් එක දැකල කතා කරාවි කියල හරක නිකමටවත් හිතුවේ නෑ. නමුත් මේ සිද්ද වෙන්නේ ඒක කියල තව තවත් ඈ සමඟ කතා'බහ කරද්දී තේරෙන්න ගත්තා.
ඈ ඇගේ ඇත්ත තොරතුරු හරකට කිව්වට පස්සේ, ඒ ගැන හොයල බලද්දී ඒවා ඇත්ත.
අපි දිගටම කතා කරා. කෝල් කරා.

මාසයක්'හමාරක් ගත වෙද්දී හරක එක්ක කතා'කරේ ගණිකාවක් නෙමෙයි. තමන්ගේ ජීවිතේට, හැඟීම් වලට පිරිමි හදවතක ඉඩක් ඉල්ලන කාන්තාවක්. ඒ වෙද්දී හරකටත් ඈ'ව මුණගැහිලා කතා කරන්න උවමනාවක් තිබුණා. ඒත්, මුල් දවස් වලදී ඈ කිව්වා වගේ "හරක ගැන හිතෙන දේ පස්සේ කියන්නං" කියපු දවස එනකං බලං හිටියේ.
ඕං.. ඒ දවස ආවා...

"හී හී... ඔයාගේ අර මංගල දැන්වීම නං මරු. ඒක බලපු දවසේ මට හිතුන මෙහෙම පිරිමිත් ඉන්නවද කියල. දැන් නං දන්නවා. මට මේ ජීවිතේ වෙනස් කර ගන්න ඕනේ. ඔයා මනුස්සකන් දන්නවා, හිතන විදිහ හරියට හරි. මං හිතන්නෙත් එහෙම තමා. හැබැයි මට තාම ඔයාව ෂුවර් නෑ හරිද...හී  හී..."

"හරි, එහෙනං හෙට'අනිද්දම දවසක අපි මුණගැහිලම කතා කරමු"

"හා... එහෙනං ඔයා එදාට වෙලාවත් අරං එන්නකෝ. මං ඒකත් බලලම කියන්නං"

"වෙලාව අරං එන්න කියන්නේ...?"

"ඔයාගේ කේන්දරේ කොපියක් අනේ..."


Friday, July 26, 2013

ස්වභාමෑණියෝ...!!!

එකමත් එක කාලෙක...,
අපේ ඉස්කෝලෙ, 7 වසරෙදි හිටපු අපේ පන්ති භාර සර්'ගෙ නම බන්දුල. අපි හුරතලේට කිව්වෙ බාබු කියල. මිනිහ ටිකක් යාතුකර්ම පැත්තට බර හාදයෙක්.

මිනිහ ලඟ ලඟ දවස් 2ක් ඉස්කෝලෙ ආවෙ නෑ. ඊලඟ දවසෙ එද්දි ගුරු මේසෙ උඩ තියෙන ප්ලාස්ටික් මල් පෝච්චිය නැතිවෙලා.


" දවස් 2ක් වෙනව සර්.. තාම හම්බුන් නෑ.." ඒ පන්ති නායකය.

බාබු කතා කරන්න පටන් ගත්ත.

"මේ ලෝකෙ ඕනම කෙනෙක් අතින් පොඩි පොඩි අත් වැරදීම් වෙනව. ඒත් මොලේ තියෙන ගුණයහපත් මිනිස්සු විදිහට අපි ඒ අයට සමාව දෙන්න ඕනෙ. අපි කවුරුවත් මල් පෝච්චිය ගත්ත කෙනාට කරදර කරන්න උවමනා නෑ. කරුණාකරල කියන්න කවුද ගත්තෙ කියල ? "

ම්ම්ම්හ්..... කට්ටිය සද්ද නෑ...

"හ්ම්ම්ම්..."
බාබු ගියා පන්තියෙ ඉස්සරහ කෙලවරේ ගහල තියෙන බුදු පිළිමෙ ළඟට. ගත්ත පොල්තෙල් පහන. ආපහු ආව ගුරු මේසෙ ඉස්සරහට. පහනෙ උඩ පියන ඇරල රුපියලේ කාසියක් ඒක ඇතුලට දාල පියන වැහුව, පාන පත්තු කරා.
අත් දෙකෙන්ම පහනත් අල්ලගෙන ඔන්න බාබු අමුතු ඉස්ටයිල් එකකට වර නගන්න ගත්ත.
පහන මේ ජාතියෙ...


"හැමෝම නැගිටින්න... ඇස් පියාගන්න..."
නැගිට්ට, ඇස් පියාගත්ත. බාබුත් ඇස් පියාගත්ත.

"අපි කවුරු කාට බොරු කලත්, කිසිම කෙනෙකුට ස්වභාමෑණියන්ට බොරු කරන්න බෑ... මේ හැම දේම  ස්වභාමෑණියො බලාගෙන ඉන්නෙ. ඒවගේම වැරදි කරල පිළිගන්නෙ නැති අයට යථා කාලයේදි දඬුවම් කරන්නත්  ස්වභාමෑණියො වගබලා ගන්නව. මේ වෙලාවෙ මේ පන්තියෙ නොදරුවෙක් අතින් වැරද්දක් වෙලා තියෙන බව ඇත්ත. ඒත් මං  ස්වභාමෑණියන්ට කියනව, ඒ නොදරුව හෙට උදේ වෙද්දි මල් පෝච්චිය ආපහු ගෙනත් තියල, තමන්ගෙ වරද නිවැරදි කරගන්නව කියල..."


"දැං හැමෝම ඇස් අරින්න"
බාබු ඇස් ඇරිය.

"හෙට හැමොම එන්න කලිං මල් පෝච්චිය ගත්ත කෙනා උදේම ඒක ගෙනත් තියන්න. අදිං පස්සෙ අපි කවුරුවත් මේ මල් පෝච්චිය ගැන වද වෙන්නෙ නෑ. ගත්තෙ කවුද කියල හොයන්නෙත් නෑ. දැං මේ පහන අතින් අත යවල හැමෝම අධිශ්ඨාන කරමු ගත්ත කෙනාට තමාව නිවැරදි කරගන්න ලැබිල තියෙන මේ අවස්ථාව ප්‍රයොජනයට ගන්න සිත් පහල වෙන්න කියලා..."

බාබු ඉස්සරහ පෝලිමේ කොනේ හිටපු එකා අතට පහන දීල අතින් අත යවන්න කිව්ව. පන්තියෙ කෙලවරේ එකා අතින් පහන ආපහු බාබුගෙ අතට ආව.


කට්ටියම සද්ද නෑ....


ඩිග්-ඩිග් : ඩිග්-ඩිග් , ළමයින්ගෙ පපු ගැහෙනවා...
බාබු හිතන්න ඇති.

"හරි දැං හැමෝම වාඩි වෙන්න. අපි ආයෙ කවදාවත් මේ සිද්දිය මතක් කර්.........---බාබු කතා කරන අතරෙ පහනෙ උඩ පියන ඇරිය...



මගුලයි... ඒ රුපියලටත් කවුද විදලා...

 

ප.ලි.

තවම රුපියල හම්බුනෙත් නෑ...