අපේ ඉස්කෝලෙ, 7 වසරෙදි හිටපු අපේ පන්ති භාර සර්'ගෙ නම බන්දුල. අපි හුරතලේට කිව්වෙ බාබු කියල. මිනිහ ටිකක් යාතුකර්ම පැත්තට බර හාදයෙක්.
මිනිහ ලඟ ලඟ දවස් 2ක් ඉස්කෝලෙ ආවෙ නෑ. ඊලඟ දවසෙ එද්දි ගුරු මේසෙ උඩ තියෙන ප්ලාස්ටික් මල් පෝච්චිය නැතිවෙලා.
" දවස් 2ක් වෙනව සර්.. තාම හම්බුන් නෑ.." ඒ පන්ති නායකය.
බාබු කතා කරන්න පටන් ගත්ත.
"මේ ලෝකෙ ඕනම කෙනෙක් අතින් පොඩි පොඩි අත් වැරදීම් වෙනව. ඒත් මොලේ තියෙන ගුණයහපත් මිනිස්සු විදිහට අපි ඒ අයට සමාව දෙන්න ඕනෙ. අපි කවුරුවත් මල් පෝච්චිය ගත්ත කෙනාට කරදර කරන්න උවමනා නෑ. කරුණාකරල කියන්න කවුද ගත්තෙ කියල ? "
ම්ම්ම්හ්..... කට්ටිය සද්ද නෑ...
"හ්ම්ම්ම්..."
බාබු ගියා පන්තියෙ ඉස්සරහ කෙලවරේ ගහල තියෙන බුදු පිළිමෙ ළඟට. ගත්ත පොල්තෙල් පහන. ආපහු ආව ගුරු මේසෙ ඉස්සරහට. පහනෙ උඩ පියන ඇරල රුපියලේ කාසියක් ඒක ඇතුලට දාල පියන වැහුව, පාන පත්තු කරා.
අත් දෙකෙන්ම පහනත් අල්ලගෙන ඔන්න බාබු අමුතු ඉස්ටයිල් එකකට වර නගන්න ගත්ත.
පහන මේ ජාතියෙ... |
"හැමෝම නැගිටින්න... ඇස් පියාගන්න..."
නැගිට්ට, ඇස් පියාගත්ත. බාබුත් ඇස් පියාගත්ත.
"අපි කවුරු කාට බොරු කලත්, කිසිම කෙනෙකුට ස්වභාමෑණියන්ට බොරු කරන්න බෑ... මේ හැම දේම ස්වභාමෑණියො බලාගෙන ඉන්නෙ. ඒවගේම වැරදි කරල පිළිගන්නෙ නැති අයට යථා කාලයේදි දඬුවම් කරන්නත් ස්වභාමෑණියො වගබලා ගන්නව. මේ වෙලාවෙ මේ පන්තියෙ නොදරුවෙක් අතින් වැරද්දක් වෙලා තියෙන බව ඇත්ත. ඒත් මං ස්වභාමෑණියන්ට කියනව, ඒ නොදරුව හෙට උදේ වෙද්දි මල් පෝච්චිය ආපහු ගෙනත් තියල, තමන්ගෙ වරද නිවැරදි කරගන්නව කියල..."
"දැං හැමෝම ඇස් අරින්න"
බාබු ඇස් ඇරිය.
"හෙට හැමොම එන්න කලිං මල් පෝච්චිය ගත්ත කෙනා උදේම ඒක ගෙනත් තියන්න. අදිං පස්සෙ අපි කවුරුවත් මේ මල් පෝච්චිය ගැන වද වෙන්නෙ නෑ. ගත්තෙ කවුද කියල හොයන්නෙත් නෑ. දැං මේ පහන අතින් අත යවල හැමෝම අධිශ්ඨාන කරමු ගත්ත කෙනාට තමාව නිවැරදි කරගන්න ලැබිල තියෙන මේ අවස්ථාව ප්රයොජනයට ගන්න සිත් පහල වෙන්න කියලා..."
බාබු ඉස්සරහ පෝලිමේ කොනේ හිටපු එකා අතට පහන දීල අතින් අත යවන්න කිව්ව. පන්තියෙ කෙලවරේ එකා අතින් පහන ආපහු බාබුගෙ අතට ආව.
කට්ටියම සද්ද නෑ....
ඩිග්-ඩිග් : ඩිග්-ඩිග් , ළමයින්ගෙ පපු ගැහෙනවා...
බාබු හිතන්න ඇති.
"හරි දැං හැමෝම වාඩි වෙන්න. අපි ආයෙ කවදාවත් මේ සිද්දිය මතක් කර්.........---බාබු කතා කරන අතරෙ පහනෙ උඩ පියන ඇරිය...
:)
ReplyDeleteපාන්කඩේ ඉතුරුකරලා පහනට කෙලිය නැති එකනේ බන් පුදුමේ.
ReplyDelete:)
Deleteහොරුන්ගෙත් හොරු.. :D
ReplyDeleteකම්බ හොරු.. :)
Deleteලින්ක් එකට ස්තුතුති.
ReplyDeleteමේ වගේ නමුත් මීට වෙනස් කතන්දරක් අරණී ෂපීරෝත් ලියලා තිබුණා මුල් කාලේ!
පළමු වසරේ කළ හූනියම | අරුණි ශපීරෝ වෙතින්
Deletethanz කකා... මං ඒක බලන්නම්.
Deleteඑලයැ. ඉතිං කාටද කියන්නේ?
ReplyDeleteඋඹ මේ බ්ලොග් එක ලියන බව මම දන්නේ දැන්නේ බං.
පට්ටනේ බං :D
ReplyDeleteඔන්න ආවා ඈ. හරිම සෝක් එකට ලියන කොලු ගැටෙක්
thanz samee
Deleteඋස්සපු එකා සුවර් එකටම දැන් දියවන්නාව පැත්තේ ගිහින් ඇති
ReplyDeleteඅනිවා .. :)
Delete