උදේ හමුවන එකාගෙන් වෙලාව කීයදැයි ඇසුවද “සේම් ටු යූ“ කියන තරම් අංජබජල් දවසකි....!!
මේ සුබ පැතීමේ සම්ප්රදාය කවදා කොහේ ඇතිවිණිදැයි සොයා දැන ගන්නට නැති වුව ද, ඉඳුරාම එය අපට ලැබුණේ නම් අපව ආක්‍රමණය කොට අපගේ හරු බස්සම අතගාගෙන ගිය පරදේශක්කාරයන්ගෙන්'වගනම් ඉර හඳ වගේ විශ්වාස ය.. ඔවුන්ට අලුත් අවුරුද්දකට වඩා තිබුනේ නත්තල ය. මූණට හමුවන එකිනෙකා සිප වැළැඳ නත්තලට සුබ පතන්නට නොහැකි වූ අයට විකල්පයක් ලෙසින් නත්තල් කාඩ් පත් බිහි විය. මුලින් ම මේවා අතින් ඇඳ යැවුණි. පසු ව මුද්‍රණ තාක්ෂණයෙන් ඒවා එළි බසින්නට වූයේ ඊට හොඳ වෙළෙඳ පොලක් තිබෙන වගට ව්‍යාපාරික ඥාණයක් ඇත්තන්ට දැණුනු නිසාය.
Image - http://www.etsy.com/market/get_well |
මේ “බිස්නස්“ එක සමග ම කැළැන්ඩර් ව්‍යාපාරය ද, අලුත් අවුරුදු සුබපැතුම් ව්‍යාපාරය ද අතිශයින් ලාබ දායී ව්‍යාපාරයක් වූ අතර, ඊට මහා පරිමාණයෙන් විදුලි උපකරණ සහ ගෘහ උපකරණ වෙළෙන්දන්ගෙන් ද ඇඳුම් පැළඳුම් කඩ කාරයන්ගෙන් ද, දැවැන්ත තල්ලුවක් ලැබුනේ ය. නොවැම්බර් මාසය ඉවරවෙනවාත් සමග ෂෝරූම් වීදුරු මත කපු පුලුන් අලවා ව්‍යාජ හිම පාරක් ද, තොරම්බොල් අකුරෙන් මැරි ක්‍රිස්මස් ඇන්ඩ් හැපි නිව් ඉයර් යැයි වගන්තියක් ද ගසා, ඊටත් ලොකු අකුරෙන් “සේල් සේල් - මහා සේල්“ යනුවෙන්ද ගසා, නැති ආලවට්ටමක් මපා පෑවේ අප ගැන පතල කරුණාවෙන් නොවන වග ඕනෑම කෙනෙකුට තේරෙනු ඇති.
නත්තල් සීයා හෙවත් ශාන්ත ක්ලෝස් මුණිවරයාගේ සංකේතය වූ, කොළ පැහැති ඇඳුම ද රතු පාට කළේ ලොව දැවැන්ත ම ව්‍යාපාරයක් වන කොකා කෝලා බහුජාතික සමාගමේ උවමනාවට ය..! අද ඒ උතුම් පුද්ගලයා මරා දමා අප ඉදිරියේ පෙනී සිටින්නේ නත්තල් පප්පලා හෙවත් බහු රූ කෝලම් මළ විකාර ය. උන් ද සිල්ලර කඩ කාරයන්ගේ උවමනාවට, මහා පාරේ විගඩම් නටන තරමට බාල, පහත් තත්ත්වයට ඇද දමා ඇත්තේ ය. කොටින් ම සුපර් මාකට්වල බඩු කිරන සහ කවුන්ටරවල ඉන්නා කෙල්ලංගේ හිසටද අර මුණිවරයාගේ තොප්පි කඩ මාල්ලක් එල්ලා දමන්නට තරම් මේ ජඩ ව්‍යාපාරය සැහැසි වී තිබේ.
මීට අවුරුදු ගනනාවකට කළියෙන් මම සියලු රැකියාවන් අතහැර දමා, ස්වාධීන ව්‍යාපාරයක් ආරම්භ කළෙමි. ඡායාරූප ශිල්පයට අමතර ව ග්‍රැෆික් සැලසුම් සහ සිල්ක් ස්ක්‍රීන් මුද්‍රණය ඊට ඇතුළත් විය. මේ ව්‍යාපාරය ගැන දන්නා කියන අයට දැනුම් දීමට මා කළේ ද හැම ජනේරුවකටම, වෙසක් එකකටම සුබ පැතුම්පත් මුද්‍රණය කොට තැපැල් කිරීම ය. එයින් මම විපුල පල ප්‍රෙයා්ජන ලැබුවෙමි. එකල අවුරුද්ද අවසානයේ ලැබෙන සුබ පැතුම් පත් සියල්ල කාර්යාලය පුරා වැල් වැට ගසා එල්ලා ප්‍රදර්ශනය කිරීමෙන් මහත් සන්තෝසයක් ද, ප්‍රමාණය වැඩිනම් පොඩි ගර්වයක් ද ලැබූවෙමි. එකල කැලැන්ඩර් ද තුන් හාරසියයක් ලැබුණු අතර, අඩු තරමින් දිනපොත් විසි තිස් ගණනක් ම ලැබුවෙමි.
දුරකථනයක් ලැබුණු පසු මේ මුද්‍රිත කාඩ් නතර වූ අතර, ඇමතුමකින් සුබ පැතුවෙමි. මා මෙන් ම අනෙක් අයද කළේ එයම ය. ඒ හා සමග ම සුබ පැතුම් ලැබෙන ප්‍රමාණයද, කැලැන්ඩර් ප්‍රමාණයද ක්ෂයවී ගිය අතර, අද පෙබරවාරි මාසයේදී පමණ දිනපොතක් මිල දී ගන්නට තරම් අභාග්‍ය සම්පන්න අවදියකට අවතීර්ණ වී සිටිමි.
ඊටත් පසු ජංගම දුරකතනවලින් කෙටි පණිවිඩ යැවීමේ පහසුකම ලැබුණු පසු, හැම ජනේරුවකට ම සහ සිංහල අවුරුද්දකට ම අලුත් කවියක් ලියා හතර අතේ පා කොට හැරියෙමි. දුරකතන බිල ඉහළ නිසා එය මහා “ලාබයක්“ ද අත් කර දුන්නේ ය..!! අදත් ඒ කවි පොඩිත්තක් ලැබෙන තෙක් බලා සිටින මිතුරු සමූහයක් මට සිටින අතර, ප්‍රමාද වූ විට එය අසා ඉල්ලන අයද තවමත් සිටියි. ..!
පසු ගිය අවුරුදු කිහිපය දෙස ආපසු හැරී බැලීමේදි, ලැබෙන කෙටි පණිවිඩ ප්‍රමාණය ද ක්‍රමයෙන් ක්ෂීණවන බවක් පෙනෙයි. එමෙන් ම ඒ හැම එකකම පාහේ දකින්නට ලැබෙන්නේ ද මීට අවුරුදු තුන හතරකට කළින් වෙන එකෙකු එවූ පණිවිඩයකි. සමහර එව්වායේ පරණ එකාගේ නමද තිබේ...!! ඉංගිරිසියෙන් ඇපල් ය කියා ටයිප් කරන්නට බැරි එකා ෂේක්ස්පියර්ගේ කවි එවනවිට ඇඟේ මාලු නටන්නට පටන් ගිනියි..ඊටත් වඩා අර “සබ්බීදියෝ විරජජන්තූ“ වහන්තරාව සිංග්ලිෂ්වලින් දැක්ක විට ලේ කෝප වී, ඇඟ ගැහෙන්නට පටන් ගනියි...!!
ඊටත් වඩා විහිලුව වන්නේ මේ එවන කෙටි පණිවිඩවලින් 90%කම කිසිදු නමක් ගමක් සඳහන් නොවීම ය...! එවන්නන් වාලේ එවන මේ සුබපැතුම් ඩිලීට් කරන්නට කාලය වැය කරන එක ද මහා අපරාධයකි. එවන් ඒව්වාට “රිප්ලයි“ කරන එක ද මහත් මානසික වධයකි.
දැන් තත්ත්වය තරමක් වෙනස් ය.
දැන් අපේ එකම ගැලවුම් කාරයා වී ඇත්තේ සකර්බර්ග් දිව්‍ය රාජයා ය.. එතුමාට අජරාමර නිවන් සුව අත්වන්නට (සාදු සාදු..!!) මීට කළියෙන් එවන ලද්දාවූ සුබ පැතුම් දැන් වෙන එව්වන්ගේ නම්වලින් දැක බලා ගන්නට තරම් අප මහත් ඵල මහත් ආනිසංස ලබා ඇත්තේ ය...!!! තමන් එවන සුබ පැතුමද තමංගේ නොව අනුන්ගේ ය..!! ඒ මදිවාට ජනේරුවට ද, සිංහල අවුරුද්දට ද, ඉන්දියානු ජාතික දිනයට ද, එන්නේ එකම පෝස්ටයකි..! වෙසක් එකට එය වෙනස් වන්නේ ඉදිච්ච බෝ කොළයක් තිබීම ද, නැවිච්ච ඇඟිල්ල තිබීමද පමණ ය..!! එව්වාට සේම් ටු යූ කිව්වත් කිසිදු පුරස්නයක්, ගනිච්චියක් ද නැත..! මන්ද ඇත්තේ එපමණක් නිසා ය.
එවන් සියලු අබග්ගයන්ගෙන් මිදී, මේ කූට වෙළෙඳ ව්‍යාපාරික අසමජ්ජාතින්ගේ උප සංස්කෘතීන්ගෙන් දුරී භූත වී, හදවතින් ම අනෙකා ව සිප වැළැඳගෙන, සුබ පතන්නට හැකි වාතාවරණයක් උදා වේවායි කියා පතමි..!!
ඒ නිසා මගේ මෙවර අවුරුදු පැතුම වන්නේ මේ “සිස්ටම් එක“ වෙනස් වේවා කියා ය...!
-ඉන්ද්‍රනාථ තේනුවර-
(Wednesday , 1/1/2014)
(https://www.facebook.com/indranathathenuwara)
[ සහෘදයෙක් විසින් ලියන ලද ලිපියකි ]
[ සහෘදයෙක් විසින් ලියන ලද ලිපියකි ]
[ සහෘදයෙක් විසින් ලියන ලද ලිපියකි ]
අනේ මන්දා බන් විස් කොරන නිසා මාත් ඔහේ විස් කොරලා දැම්මා.. මට නම් ඉතින් හැමදාම නිව් ඉයර් තමයි.. මට හිතෙනවා හැම එකාටම මෙහෙම විස් කොරන්න..
ReplyDeleteවිස් යූ ටූ හෑව් අ ගුඩ් ඉයර් කියලා...
ඒ කියන්නේ හොඳ කනක් ලැබේවා කියලා...
එසේම වේවා.... :)
ReplyDelete//උඹලට අපිව මතක් වෙන්නත් අපිට උඹලව මතක් වෙන්නත් අලුත් අවුරුද්දක් එන්නම ඕනි නේද බං :D//
ReplyDeleteඒ කලෙ හොද යාලුවෙක් ගෙන් මම යවපු අලුත් අවුරුදු මැසේජ් එකට ආව රිප්ලයි එක.. කතාව ඇත්තම ඇත්ත .. මොනා උනත් ඒ විදියට හරි මතක් වෙන්න අලුත් අවුරුද්දක් ආව එකම මදෑ
එක්තරා විදියක රැල්ලක් උනත් අන්න ඒ sms සුභ පැතීමට මම කැමති ඒ නිසා
^ එෆ් බී එකේ මම දැම්ම ස්ඨෙටස් එකක් :(
අනේ ඔව් අප්පා සමහරු මට විශ් කරලා එවුවම මන් යවනවා එයට විශ් කරලා එයා ආයෙත් මට විශ් කරලා එවනවා ... එදා නම් ඇති වුණා.. හොද ලිපියක් සීසන් එකට සැට් වෙන්ටම
ReplyDeleteමේ ලිපිය ඉන්ද්‍රනාථ තේනුවර මහතා විසින් ලියා එවූ ලිපියක් නිසා කොමෙන්ට් වලට රිප්ලයි නොකරමි. ලිපිය කියවූ , කොමෙන්ට් දැමූ ඔබ සැමට තේනුවර මහතා වෙනුවෙන් ස්තූතිය පලකරමි. ඔහුගේම වචන කිහිපයකින් සටහන නිමා කරමි.
ReplyDelete"කූට වෙළෙඳ ව්‍යාපාරික අසමජ්ජාතින්ගේ උප සංස්කෘතීන්න් දුරී භූත වී, හදවතින් ම අනෙකා ව සිප වැළැඳගෙන, සුබ පතන්නට හැකි වාතාවරණයක් උදා වේවා..!!!"
එයාට තියනවානේද බ්ලොග් එකක්
Deleteහි හී... එසේම වේවා...!!!
Deleteතිත්ත ඇත්ත....තේනුවර බ්ලොග ලියන්නේ නැහැනේ දැන්.
ReplyDelete///උන්ට නත්තල්නම් අපි වෙසක් කාඩ් ගසමුයැයි ලංකාවේ දමිළ ව්‍යාපාරිකයන් ඒක රාශී වූයේ මේ සද්ජන චේතනාවෙනි..!! කොළඹ හෙට්ටි වීදියේ මෙහා කොනේ සිට එහා කොනටම එදා සිටියේ රත්තරං බඩු වෙළෙන්දන් නොවේ. සුබපැතුම් වෙළෙන්දන් ය.//
මේ තමයි "කලෙයිමගල්" වැනි බිස්නස් කාරයෝ එලියට බැහැපු හැටි
මගේ බ්ලොග් එක ලිවිල්ල නවතින්නනම් මම මැරෙන්නම ඕන.. මොකද ඒක මගෙ ජීවිත කතාවනෙ...
Deleteලිවිල්ල පමා වන්නෙ වෙලාව මඳකම නිසයි..!
මේ වගේ ලිපි තියෙද්දී මෙය හරකගේ අඩවියක් වෙන්නේ කෙසේද? කලකට ඉහතදී නිර්මාණශීළී වෙසක් පත් තිබුණද පසුව එය නළු නිළියන් සමඟ මුසු වූවා. එය හරියට අද දේශපාලනය වාගේ
ReplyDeleteමේක ලිව්වෙ හරක නෙමෙයිනෙ.. තේනුවර මහත්තයනෙ..
Deleteමඩුවට ගොඩ'උනාට ස්තුතියි මධුශානි.
කෝ අලුත් පෝස්ට් එක ?
ReplyDelete"අපේ බ්ලොග්" වල ලින්ක් එක වැරදියි. ඒක ක්ලික් කලාම යන්නෙ වෙන සයිට් එකකට. මේ හරි එක. http://apeablog.blogspot.com/
ඒක මං කරපු පොඩි ටෙස්ටිං වැඩක් චන්දන.. ටෙස්ට් කරලා පෝස්ට් එක ඩිලීට් කරා. ඩිලීට් කරාට ලින්ක් එක බ්ලොග් රෝල් වලිං අයිං වෙන් නැති බව මම දැනං හිටියෙ නෑ. අපහසුතාවක් උනානම් සමාවෙන්න.
Delete>
ලින්ක් එක වැරදි බව දැන්නුවාට තෑන්ක්ස්... මම ඔබ දුන් ලින්ක් එක අලුතෙන් ඇඩ් කලා... ඒත් ලොග් වෙන්නෙ අර වැරදි සයිට් එකටමයි. අනික ඔබ එවූ ලින්ක් එක ඇඩ් කරාම නම වැටෙන්නෙත් "අපේ බ්ලොග්" කියලා නෙමෙයි. "my blogity blogitty blog blog thing" කියලා. මොකක් හෝ ඔබේ ප්‍රොෆයිල් එකේ දෝශයක් විය හැකියි. පොඩ්ඩක් චෙක් කරලා බලලා මට කියන්න.
අපූරැයි! අද තමයි ඔබගේ බ්ලොගයට ආපු පලමු දවස.
ReplyDeleteනැවත එන්නම්... ජය!!
තෑන්ක්ස් චන්දන...
Deleteමීට කලින් ඇවිත් බලන්න කියල අරාධනා කලත්, අදයි එන්න උනේ තිලිණ. නිවාඩු පාඩුවේ කලින් ලියපුවා බලන්නම්කෝ. :)
ReplyDeleteඅපේ සංස්කෘතිය හොඳටම කස්ටමයිස් වෙච්ච එකක්. හරකාගේ බ්ලොග් එකට මුලින්ම ආවේ අද. ඉඩ ලැබෙන විදියට දිගටම එන්නම්.
ReplyDeleteහරකාගේ බ්ලොග් එක කිව්වට සමා වෙන්න තිලිණ.
Deleteතෑන්ක්ස් සුදීක අයියා...
Delete>
අයියෝ ඕක මොකද්ද... කිසි අවුලක් නෑ . ඒ නම දා ගත්තෙත් මමමනේ...
Hmmm
ReplyDelete