සුද්දා ලංකාවට ආවේ ය.. ඇවිත් තේ වැවුවේ ය.. තේ වවා නිකං හිටියේ නැත.. වත්ත වටේට සුදු ජාන ටිකක් ද දන් දී ගියේ ය.. අපේ එව්වෝ සුද්දාගේ ජාන ආඩම්බරෙන් බාරගත්තා සේ ම, සුද්දා අපට දී ගිය තවත් බොහෝ දේ ආඩම්බරෙන් බාරගත්තෝ ය.. ඉන් එකකි, ක්‍රිකට්.. අප ක්‍රිකට් ගහන්නේ ක්‍රිකට් ලොකු නිසා නොව, ක්‍රිකට් ගැසීමෙන් වත් අප ලොකු විය යුතු නිසා ය.. ලංකාවෙන් බොහෝ දෙනා ක්‍රිකට් වලට ආදරය කරන්නේ ද වෙන කිසිවක් නිසා නොව, ලෝකයේ ලංකාව කියා එකක් ඇති බව මිනිස්සු ටික දෙනෙක් හෝ දන්නේ මේ ඇබින්දන් සෙල්ලම නිසා බැවිණි..
link - http://goo.gl/GcnasU |
ටික දිනකට පෙර මරියා ෂරාපොවා නම් ලෝක ප්‍රසිද්ධ ටෙනිස් තරුව විසින්, තමා සචින් තෙන්ඩුල්කාර් කියා කෙනෙක් දන්නෙ නැතැයි කියූ විට ඉන්දියන්කාරයින්ට නහුතෙට මළපැන, අම්බානක වයර් ෂෝර්ට් වී, තිස්තුන්දාහට ෂොක් වී අන්තර්ජාලය පුරා විකාර නැටු හැටි අපි ආතල් ඒකෙ බලා සිටියෙමු...
එහෙත් උන්ට හිනාවෙන ගමන් ම අප ඒ හිනාවෙන්නේ අපටම බව අපෙන් කී දෙනෙකුට වැටහුණාද යන්න වෙනම ප්රශ්නයකි.. තෙන්ඩුල්කාර් ඉන්දියාව ඇතුළු ටෙස්ට් ක්‍රිකට් ගහන රටවල් දහයකට සහ ජොලියට වගේ සෙල්ලම් කරන තවත් රටවල් පහළවකට ලොකු වුණාට, මරියා ෂරාපොවා සෙල්ලං කරන තලයට ලං වෙන්නට තබා හිතන්නටවත් තෙන්ඩුල්කාර්ට හැකියාවක් නැත.. වැරදිලාවත් ලෝකයේ රගර් සහ ෆුට්බෝල් ගහන රටවල් සේරම ඒ සෙල්ලම නවත්වා ක්‍රිකට් ගහන්නට පටන් ගත්තොත් අපට මොනවා වේවිදැයි මහාචාර්ය නලින් ඩි සිල්වාණෝ වතාවක් දිවයිනට ලියමින් අසා සිටියේ ය.. (ඉඳහිට හෝ මහදුරු නලින්ගෙන් ඔහොම හොඳ කතාවක් ද කියැවෙන්නේ ය..)

ඇත්තටම අපට ක්‍රිකට් ලොකු සෙල්ලමක් වන්නේ, ක්‍රිකට් යනු මහා ලොකු සෙල්ලමක් නිසා නොවේ.. ලෝක පාපන්දු තරගාවලියකට වියදම් කරන මුදලෙන් කාලක්වත් ක්‍රිකට් තරගයකින් සංවිධායකයින්ට ලැබෙන්නේ නැත.. අප පොඩි නිසා අපට ලොකු වුණාට, ක්‍රිකට් යනු ජාත්‍යන්තර තලයේ දී අන්වීක්ෂීය ක්‍රීඩාවකැයි යන සත්‍යය පිළිගන්නට අප තාමත් සූදානම් නැත.. මේ සෙල්ලම අපට පමණක් ආවේණික එකක් නොවේ.. අපේ කලාපයේ බොහෝ රටවලට පොදු එකකි.. ඉන්දියාවේ ජාතික ක්‍රීඩාව වන හොකී ක්‍රීඩාවෙන් රටවල් හැට ගණනක් පරදවා ලෝක තලයේ පදක්කම් ලැබූ ක්‍රීඩා ශූරිය සිය දරුපවුල රකින්නට මහමග සිල්ලර බඩු විකුණන්නේත්, යාන්තං රටවල් දහයක් පරාජය කළ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට හමුදා උත්තමාචාර ලැබෙන්නෙත් ඒ නිසා ය..
සුදේශ් පීරිස් මචං.. උඹට බොහෝම ආදරෙන් කියන්නට ඇත්තේ එක දෙයකි.. ඊයේ උඹ පොදුරාජ්‍ය මණ්ඩලීය තරගවලින් බර ඉසිලීමෙන් ලෝකයේ රටවල් 106ක් අතරින් කිලෝග්‍රෑම් 62 A බර පංතියෙන් රිදී පදක්කම දිනු බව බොහෝ දෙනා දන්නෙ නැත.. කොටින්ම මේ ලියන මං දන්නෙත් නැත.. මට ද ආරංචිය කීවේ මගෙ ඔෆිස් එකේ බුවෙකි.. ඊටත් වැදගත්ම දේ ඕක තව සතියකට එහා කාටවත් මතක තියෙන්නේ ද නැත.. ඒ නිසා 2011 ඇතන්ස් ඔලිම්පික් උළෙලේ දී මීටර් 600 සහ 1200 ලෝකඩ පදක්කම් දෙකක් දිනා, අද ජීවත් වන්නට සල්ලි නැතිකමට මහමග පානිපූරි විකුණන ඉන්දියාවේ සීතා සාහුට හෝ නැතිනම්, 2008 දී ඉලක්කයට විදීමේ ලෝක මට්ටමෙන් රිදී පදක්කම දිනා, ඊට පසු වැස්සට කඩා පාත් වුණු තමාගේ ගේ හදාගන්නට මුදල් නැතිකමට දුන්න විකුණන්නට සිදු වූ නිශා රාණි දත්තා ට සිද්ද වූ දේ උඹට සිද්ද වෙන්නට පෙර, ඉක්මණට උඹත් ස්ටාර් කෙනෙක් වෙයං කියා ය..
අද රාත්‍රියේ සුපර් ස්ටාර්, ඩ්‍රීම් ස්ටාර් අතරට අද රාත්‍රියේ රියල් ස්ටාර් කෙනෙකුද බිහිවනු ඇත.. සියක් දහසක් ජනී ජනයා ඒ දෙස බලා අත්පොළසන් දෙනු ඇත.. එහෙත් ඊයේ ලොවක් දිනු උඹ වෙනුවෙන් අත්පුඩියක් ගහන්නට පහළොස් දෙනෙක් හෝ නොසිටිනු ඇත.. ඒ නිසා ඉක්මණට තරුවක් වන තරමට උඹට ඇඟට ගුණ ය..
ප/ලි. විශේෂ ස්තුතිය ආරංචිය දුන් එකාට (උගේ නම කියනවාට ඌ කැමති නැත..) සහ ආරංචිය තහවුරු කළ දමිත් කේතක හට...
-චමීර දෙද්දුවගේ-
(Saturday , 26/7/2014)
(https://www.facebook.com/cjdrox)
[ සහෘදයෙක් විසින් ලියන ලද ලිපියකි ]

Harima arthawath ! Isthuthiyi.
ReplyDeleteඇයි බං මටත් ඔය ටික හිතුන... ටීවී බලන්නෙ නැති හින්ද ටීම් එකක් ගියාය කියල දන්නෙත් දවස් දෙකතුනකට පස්සෙ... ඒත් බැඩ්මින්ටන් සහ බර ඉසිලීමට මොකෙක් හරි යන්න ඇති කියල හිතුන නිසා මේ ටිකේ පොඩ්ඩක් ටීවී එක දාලා තිබ්බ... ඉවෙන්ට් එක නං බලන්න බැරි උනා.. (පෙන්නුවද දන්නෙත් නෑ.. පස්සෙ බැලුවෙ..) නිවුස් එක දැක්කම හෙන ආතල්.. රිදී සහ මොකක් හරි.. ටීම් එකක් ගිහින් පදක්කමක් ගන්න තරං සෙල්ලම් කළා කියන එකත් මට ඇති මේ යන විදියට... ටිකක් හොයල බැලුවොත් ටීම් එකට වඩා ගානක් ටීම් එක පස්සෙන් ගිහින් ඇති මේ පාරත් ෂුවර් එකට.. ට්‍රිප් එකක් ගිහින් ආතල් ගන්න සහ ෂොපිං කරන්න යන්න...
ReplyDeleteසින්දු කියන ස්ටාර්ලා මාසයක් දෙකක්වත් මතක හිටිනව.. ඒත් සෙල්ලම් කරන ස්ටාර්ලා කී දෙනාද නම මතක හිටින තරමට ජනප්‍රිය වෙන්නෙ.. ඒකට වැරැද්ද උන්ගෙම නෙවෙයි... උන්ගෙ කළමණාකාරීත්වයන්ගෙ.. උන් දන්නෙ සෙල්ලම් කරන්න විතරනෙ.. උන් පස්සෙ ඉන්න ඔය ලොකු පුටු රත් කරන මහ උන්දැලා එපාය ඒවා හරියට කරන්න... එවුන්ට ඉතිං ඊට වඩා ලොකු වැඩ තියෙනවනෙ.. හරක්...
කියවගෙන එනකොටම මට තේරුනා මේකනම් හරකාගේ කතාවක් නොවේ කියලා .....:D (එච්චරට ඇත්තයි කතාව )
ReplyDeleteuuuuu
ReplyDeletemema blogaye weradi kihipayaki . 1) podu rajaya mandaleeya ratawal 106 k nowa 71ki (namuth eyin Sudesh ge padakkame watinakama dashamayak ho adu nowe . ) Sudesh ridee padakkama dinu dinayema FB eke eya pala karamin mama mata haki akarayata uththamachara kalemi . Ohuge anagathayata jaya . 2) cricket anweeksheeya kreedawak nowe . rugger ratawal 120 k kreeda karana wita cricket ratawal 120 k kreeda kari . test kreeda kireemata sudusu nathath owun sanwidanathmakawa kreeda karai . hariyata lankawa football , rugby kreeda karana widihata . apa anik kreeda diyunu kala yuthuya . cricket walata dena ath hitha labadee dirimath kala yuthuya . namuth a cricket awathakseru kara ho cricket pahalata hela noweya . manda yath thawa masa 2 kin arabena asian games waladee padakkamak labenne cricket walin pamanak wiya hakiya . edata China , Japan cricket gahnna thibena unanduwa daka gath hakiya
ReplyDelete@ Hiru - obata amathaka wunata kreeda shuurayan apata amathka natha . 1994 - Pushpaamali Rmanayaka , Mali wickramasinghe . Dodangoda Chandrasiri
ReplyDeleteLakshman Rajasinghe 1998 - Sugath Thilkarathne , Sriyani Kulawanse 2006 & 2010 - Chinthana widanage 2010 & 2014 Sudesh Peiris . Mowun pasugiya wisi wasara thula apata commonwealth padakkam gna wiruwoya .
Sudesh 2010 commonwealth games wala bronze ekak gaththa bawa dena gena hitiye nadda
ReplyDeleteThanks and I have a super present: Where To Buy Houses For Renovation remodeling and renovation
ReplyDelete