'වේදිකා නාට්‍ය' කියන්නෙ සජීවී මාධ්‍යක්. අපි නාට්‍ය ශාලාවක බලන නාට්‍යක ' ස්වභාවිකව ඇහැට පේන, කනට ඇහෙන රූප හා ශබ්ද එක්ක ඈඳුනු රංග වින්‍යාසය නාට්‍යකරුවෙක් විසින් ගොඩනගන්නේ, නාට්‍යය වේදිකා ගත'කරන නාට්‍ය ශාලාවට සාපෙක්ෂවයි. මොකද, නාට්‍ය ශාලාවක අවකාශයේ ජ්‍යාමිතිය ;- වෙන විදිහකට කියනවනම් ' වේදිකාවේ ප්‍රමාණය හා හැඩය, හඬ සම්ප්‍රේෂණය වන ආකාරය, ප්‍රේක්ෂකයා හා වේදිකාව අතර ඇති දුර, ප්‍රේක්ෂකයා අසුන්'ගන්නා වපසරියේ හැඩය, රංගාලෝකය ලබාදෙන කෝණයන් ආදී තවත් විවිධ කාරණා ගොඩකට : අනුරූපව නාට්‍යයක සාර්ථකත්වය රඳා'පවතිනවා.
ලංකාවෙ අපිට නං "නාට්‍ය ශාලා" කියලා තියෙන්නෙ ශාලා කීපයක් විතරනෙ... අනිත් ඔක්කොම ඉස්කෝල වල හෝල්ස් / එහෙම නැත්තං නගර'ශාලා වගේ ඒවා...
මේවා ඔක්කොම හෝල් එකක් ඕන වෙන ඕනම වැඩකට පාවිච්චි කරන අතරේ, නාට්‍යක් තිබුනොත් විතරක් පෙන්නන්න හදපු හෝල්ස් මිසක් "නාට්‍ය ශාලා"(theatres) නෙමෙයි. ඉතිං නාට්‍යක් හදනව කියන්නෙ, වෙනම ගණිතයක් උනාට ' ලංකාවෙ තියෙන අවම පහසුකම් නිසා ඒක සීමා සහිතයි.
මේවා ඔක්කොම හෝල් එකක් ඕන වෙන ඕනම වැඩකට පාවිච්චි කරන අතරේ, නාට්‍යක් තිබුනොත් විතරක් පෙන්නන්න හදපු හෝල්ස් මිසක් "නාට්‍ය ශාලා"(theatres) නෙමෙයි. ඉතිං නාට්‍යක් හදනව කියන්නෙ, වෙනම ගණිතයක් උනාට ' ලංකාවෙ තියෙන අවම පහසුකම් නිසා ඒක සීමා සහිතයි.
ඒ කොහොම'උනත් නාට්‍ය කියන්නෙ වෙනම Art එකක්. ඉතිං ස්වභාවික මාධ්‍යක් වුනු නාට්‍යක් රූප'ගත කරලා video එකක් විදිහට නරඹද්දි, අපිට තත්වාකාරයෙන් ඒ නාට්‍යය විඳින්න/විඳගන්න පුළුවන්ද කියන එක ප්‍රශ්නයක්... මොකද, ස්වභාවිකව අපි ඇහැට දකින දේ රූප මාධ්‍යක් තුලින් ඒ විදිහටම දකින්න බෑ. අපි බලන video එකේ frame rate එකට අනුව නළු'නිලියන්ගේ චලන රිද්මයේ වේගය පවා වෙනස් වී පෙනීම , භාවිතා වෙන කැමරා කෝණයට අනුව රූපය සීමා වීම වගේ විවිධ කරුණු මේ'වෙනසට බලපානවා.
නමුත්, ප්‍රේක්ෂකාගාරයක සිට නාට්‍යක් බලද්දි නරඹන්නා විසින් දකින,විඳින සමස්තය ' රූප මාධ්‍යයට සාපේක්ෂව සැලසුම් සහගතව රූප'ගත කරනවා'නම් ඒක ආසන්න වශයෙන් වඩාත් සාර්ථකයි.
ඉතිං එහෙම රූප'ගත කරපු "Gladiator ප්‍රේමය" නාට්‍යයේ වීඩියෝව ගැනයි අද හරකගේ සටහන...
හරකත් මේ නාට්‍යයේ සාමාජිකයෙක් නිසා නාට්‍යය විචාරය කරන්න යන්'නෑ.
ඒක, බලපු/බලන්න'ඉන්න ඔබට බාරයි. පොඩි ඕප'දූප ටිකක් කියන්නං.නමුත්, ප්‍රේක්ෂකාගාරයක සිට නාට්‍යක් බලද්දි නරඹන්නා විසින් දකින,විඳින සමස්තය ' රූප මාධ්‍යයට සාපේක්ෂව සැලසුම් සහගතව රූප'ගත කරනවා'නම් ඒක ආසන්න වශයෙන් වඩාත් සාර්ථකයි.
ඉතිං එහෙම රූප'ගත කරපු "Gladiator ප්‍රේමය" නාට්‍යයේ වීඩියෝව ගැනයි අද හරකගේ සටහන...
හරකත් මේ නාට්‍යයේ සාමාජිකයෙක් නිසා නාට්‍යය විචාරය කරන්න යන්'නෑ.
සෝමලතා සුබසිංහ මහත්මියගේ "ළමා හා යොවුන් රංග පීඨය"(play house-kotte) මගින් තරුණයන් සඳහා පවත්වන නාට්‍යකරණය පිළිබඳ පාඨමාලාවේ, 2009 කණ්ඩායමේ වැඩමුළු නිෂ්පාදනය(workshop production) තමයි "Gladiator ප්‍රේමය" නාට්‍යය. රංගය තනා තියෙන්නෙ ප්‍රොසීනියම් වේදිකාවකට උචිත ආකාරයටයි.
නාට්‍යය අද්‍යක්ෂණය කලේ ප්‍රසන්න මහගමගේ සහ නාමල් ජයසිංහ විසින්. play house-kotte වෙනුවෙන් නිෂ්පාදනය කලේ චන්දන අලුත්ගේ සහ කෞශල්‍යා ප්‍රනාන්දු විසින්. 2009 කණ්ඩායමේ සමූහ උත්සාහයක් ලෙස ලියැවුනු නාට්‍යයේ කතාව පිටපතක් ලෙසට මනාව ගොඩනැගුවේ නාමල් ජයසිංහ.
2010 ජනවාරි 11 වෙනිදා මුල්වරට ලුම්බිණි රඟහලේ'දී වේදිකා'ගත කරපු මේ නාට්‍යය, ඒ අවුරුද්දෙ'දි වේදිකා'ගත වුනු නාට්‍ය අතුරින් ගොඩක් කතාබහට/විචාරයට ලක්වුණු නාට්‍යයක්... පැය 2කුත් මිනිත්තු 15ක් පුරා දිවෙන මේ නාට්‍යය, වසර 3කට පසුව කොටස් 4කින් යුත් වීඩියෝවක් ලෙස අන්තර්ජාලයට මුදා'හැරුනේ 2013 ජනවාරි 11 වෙනිදා.
වේදිකා නාට්‍යක් ලෙස 'Gladiator ප්‍රේමයේ' ගුණාත්මකභාවය රැකෙන පරිදිත්, යටිපෙල හා සමස්ත රූපය හොඳින් ප්‍රක්ෂේපනය වන පරිදිත් කලින් සකස් කල තිර'පිටපතකට අනුව කැමරා 3ක් මගින් නාට්‍යය රූප'ගත කෙරුනා. පිටපත සැකසීමට මුල්'උනේ නාමල් ජයසිංහ සහ මලිත් හෑගොඩ'යි. සංස්කරණය කලේ "Editing Table" වෙනුවෙන් මලිත් හෑගොඩ විසින්. නාමල් ජයසිංහ, මලිත් හෑගොඩ හා play house-kotte විසින් වීඩියෝ නිෂ්පාදනය සඳහා බර'පැන දරණු'ලැබුවා.
ඉතිං තවමත් "Gladiator ප්‍රේමය" නොබැලූ ඔබට, පහතින් දක්වා ඇති සබැඳි හරහා ගොස් නාට්‍යය නැරඹිය හැකියි. ඊට අමතරව නාට්‍යය වෙනුවෙන් සැකසුන පූර්ව ප්‍රචාරක පට හා නාට්‍යය හඳුන්වාදීම සඳහා සකස්කල පසුබිම් වීඩියෝ වල සබැඳිත් පහතින් දක්වා තියෙනවා.
පූර්ව ප්‍රචාරක පට
Gladiator ප්‍රේමය
Part 1 |
Part 2 |
Part 3 |
Part 4 |