දැන් හැමෝම ක්‍රිස් නෝනිස් ආතල් එක අරං හිතේ හැටියට ඉවර ඇතැයි කියල හිතන නිසයි මේ ටික ලියන්නේ (කොහොමත් ඔය චුවිංගම් එකෙන් අපිට ආතල් එකකට කියල ඉතුරු වුණේ සිරිකොතේ ත්‍රාසජනක සටන් ජවනිකාවයි, නෝනිස් මහත්තයගෙ පට්ට කඩ්ඩයි විතරයි.)
ක්‍රිස් නෝනිස් කියන්නේ තානාපතිවරයෙක්. ඔහුගේ රාජකාරිය කොන්දේසි විරහිතව සිය මාතෘ භූමියේ ප්‍රතිපත්ති, විවේචනයෙන් ආරක්ෂා කිරීම. ඔහු ඒ රාජකාරිය අන්තිම විශිෂ්ට මට්ටමින් කළා. ඒකෙ සැකයක් නෑ. නමුත් ඔහුගේ කතාව දහ-දොළොස් පාරක් අහද්දී දැනෙන සරලම දේ තමා, LLRC කමිටු වාර්තාව ඇරෙන්න ඔහුට වෙන කියන්න දෙයක් නැති බව. මේ පාරට අර මනුස්සයාගේ හැකියාව නිසා බේරුණාට, මින් ඉස්සරහට නම් අපේ උන්දෙලාට ජාත්‍යන්තරයට පෙන්නන්න මීට වඩා දෙයක් කරල තියන්න වෙයි.
සාකච්ඡාව ගැන කියනවා නම්, ඉතුරු ටික ඉතිං නිවේදකයාගේ මොට්ටකම. සිය සම්පත් දායකයා (සිය අතීත යටත් විජිතයකින් ආපු) කල්ලෙක් වීම නිසාම, ඔහුට කඩ්ඩ බැරිය, ඔහු වෛද්‍යවරයෙක් වීම නිසාම ඔහු නීතිය/දේශපාලනය දන්නේ නැතිය කියල උපකල්පනය කරලා ඔහු අවතක්සේරු කිරීමේ ආනිසංසය තමා, සුද්දා ට්‍රේනිං ගිය කාලේවත් අහල නැති මට්ටමේ කඩ්ඩෙන් කන්දෙක පිරෙන්න අහගන්න ලැබීම.
ඊළඟ පට්ටම ආතල් එක තමා දැන් ක්‍රිස් නෝනිස් මහත්මයාව උඩ දාගෙන පුම්බන බොහෝ දෙනා, ඔහු එංගලන්තයේ උගත්, බටහිර අධ්‍යාපනය ඉහළින්ම ලැබූ, සිංහල කතෝලිකයෙක් බව නොදැනීම. සිංහල වෙන්න නම් බෞද්ධ වෙන්ඩ ඕනේ, කතෝලිකයෝ සිංහලයෝ නෙමෙයි කියල කෑගහන, ඉංග්‍රීසි දැනුම සහ සුද්දගෙ දැනුම තුට්ටුවට දාල කතා කරන, "කැම්පස් ලොකු නෑ / බටහිර විද්‍යාව ලොකු නෑ" කියල කියන "ජාතිකවාතකාර" උන්දෙලා, (දොර-මඩ-ලා ගන්න ප්‍රෝග්‍රෑම් වලදි බටහිර අධ්‍යාපනයට එරෙහිව කෙස්පැලෙන විචාර දෙන ගමන් තමන්ගේ දරුවන්ට ඉහළින්ම බටහිර අධ්‍යපනය දෙන මහැදුරුතුමන්ලාත් ඇතුළුව) දැන් මොකද කියන්නේ? බටහිර අධ්‍යාපනය ලද, කතෝලික, කඩ්ඩෙන් කතාකරන, ආදී ජෝසපියන් කෙනෙකු වන ක්‍රිස් නෝනිස් මහතා සිංහල ද? නැද්ද? දීහල්ල බලන්න උත්තර.
ඊළඟට: විදේශයක ඉගෙන ගත්තු කතෝලික ක්‍රිස් නෝනිස් මහතා අපේ රට වෙනුවෙන් ලොව ඉහළම ප්‍රවෘත්ති නාලිකාවක් වන CNN සමග වාග් ප්‍රහාරයක ඉඳිද්දි, අපේ රටේ පැරණිම දේශපාලන පක්ෂයක් වන, සංකේතය පවා සිංහල බෞද්ධ සංකේතයක් වන, නමට "ජාතික" කෑල්ල අලවගත්තු, හොඳ සිංහල නමක් තියෙන පක්ෂ මූලස්ථානයක එක්රැස් වෙච්ච අපේ රටේම මිනිස්සු, චැනල් 4 කියන ටැබ්ලොයිඩ් ගණයේ නාලිකාවකට පේන්න "යුද අපරාධ" වලට සාක්ෂි රැගත් ඡායාරූප ප්‍රදර්ශනයක් තියනවා. දැන් කවුද දේශප්‍රේමියෝ, කවුද දේශද්‍රෝහියෝ? සිංහල බෞද්ධ ලකුණක් දරන පක්ෂය ද, අර බටහිර හැදී වැඩුණු කතෝලිකයා ද?
ඊළඟට: යුධ අපරාධ ගැන අපෙන් ප්‍රශ්න කරන නාලිකා දෙකක් මේ සතියේ අපි දැක්කා, සමගාමීව. එකක් CNN, අනික චැනල් 4. චැනල් 4 විරෝධයට වැඩියේ බුද්ධ චීවරය ඇඟේ දාගෙන ඉන්න ස්වාමීන් වහන්සේ නමක්. CNN එක්ක හැප්පුණේ කතෝලික ගිහියෙක්. දැන් මේ දෙකෙන් වඩා සාර්ථක වුණේ කවුද? අසාර්ථක වුණේ කවුද? එක්කෙනෙක් නිසා ජාති ආගම් භේදයකින් තොරව රටක් ආඩම්බර වෙද්දී, අනිකා නිසා බෞද්ධයන්ට පාරේ බැහැල යන්න බැරි මට්ටමට ඇවිල්ල තියෙනවා. දැන් අපි තෝරාගන්න ඕනේ කාගෙ ප්‍රතිපත්තිය ද?
මෙන්න සරලම සමාලෝචනය: "පිරුණු කළේ - දිය නොසැලේ".
ප.ලි: තව පොඩ්ඩෙන් අමතක වෙනවා. සිරිකොත සිද්ධිය ගැන එක්තරා මහාචාර්යවරයකුගේ පැහැදිලි කිරීම ලබන සතියේ පුවත්පතේ යන්නේ මෙහෙමයි.
"ගැසීම යන ක්‍රියාපදය තුළ, ගසන්නෙක් සහ ගුටි කන්නෙක් ඉන්නා බවක් අදහස් වේ. හරියටම වැටෙනවා කී විට ඉබේම 'උඩ/යට' යන සංකල්ප ඇතුලත්ව ඇත්තා සේ ය. මෙකී පහර දෙන්නා සහ පහර කන්නා වශයෙන් ද්වියාර්ථයක් ඇත්තේ බටහිර ග්‍රීක් යුදෙව් ක්‍රිස්තියානි ද්විකෝටික තර්කන ක්‍රමය තුළ ය. අපට අනුව නම් ඕක ද්විකෝටිකය නොව චතුෂ්කොටිකය විය යුතුය. එනම්, ගැහුවා, ගැහුවේ නෑ, ගැහුවේ නැත්තේ නෑ සහ ගැහුවේ නැතුව නොහිටියේ නෑ වශයෙන් අවස්ථා හතරක් පවතී. දැන් අපි ගැසීම යන පදය මෙසේ විභේදනය කරනු දුටුවිට මෙරට අනුකාරක පඬියන් සහ බටහිරින් ගෙන්වා බෙදාහරින පුස්කාච්ච දැනුම් ඇන්කරයන්, ගැහුවා නම් කවුරු කාටද කියා විමසන බව අපි දනිමු. ගසන්නෙක් හෝ නොගසන්නෙක් හෝ, නොගසා ගසන්නෙක් හෝ, නොගසා නොසිටින්නෙක් වශයෙන් පුද්ගල පඥ්ඥප්තියක් ඇත්තේ ඊශ්‍රායලයේ මෝසෙස් ගේ ඊනියා හීබෘ-දේවවාදී බටහිර රේඛීය චින්තනය තුළ මිස, අපේ දේශීය සිංහල බෞද්ධ චක්‍රීය චින්තනය තුළ නොවේ. අපට අනුව මෙතැන සත්ත්ව පුද්ගල පඥ්ඥප්තියක් නැත. ඇත්තේ පංචස්කන්ධ පමණි. එසේ සත්ත්වයෙක් සිටිනවා, එනම් ගසන්නෙක් සිටිනවා ය කීම මනසේ නිර්මාණයක් වෙයි. මනස ද මනසේ නිර්මාණයක් ම බැවින්, මා එකදාස් නවසිය බරගණන් වල 'මගේ මෙවුවා එක' නම් පොතේ අහවල් පිටුවේ යට දාරයේ විස්තර කර ඇති ආකාරයට, මෙහි ගත යුත්තක් හෝ විභේදනය කළ යුත්තක් නැතිව යයි. මෙය සම්බන්ධයෙන් අප එතරම් කලබල නොවිය යුත්තේ එබැවිනි. එහෙත් අප කලබල විය යුතු දෙයක් ද තිබේ. එනම්, මේ හරහා පරාජිත විදුලි වසන්තය, රතුපස්වල ජල වසන්තය, වෙනුවට (අනාගත ක්‍රිකට් වසන්තය එනතුරා) ගුටි වසන්තයක් බිහිකරගන්නට සහ එමගින් මේ දේශප්‍රේමී ආණ්ඩුව පෙරළා දමන්නට කැස කවන, දෙමළ වෙල්ලාල ඩයස්පෝරාවේ ඩොලර් කාක්කන්ගේ රූකඩ බවට පත්ව සිටින, ඇමරිකාවේ නූල් සූත්තර අනුව නැටවෙන, දේශද්‍රෝහී කාලකන්ණි බලවේග සූදානම් වෙමින් සිටින බව පෙනේ. අප මේ මොහොතේ සියලු විවාද පසෙක ලා අපේ අතිගරු ජනපති තුමා මෙකී බලවේග වලින් බේරාගෙන රැකගත යුත්තේ එබැවිනි. "
-චමීර දෙද්දුවගේ-
(Sunday , 17/11/2013)
(https://www.facebook.com/cjdrox)
[ සහෘදයෙක් විසින් ලියන ලද ලිපියකි ]
Sunday, November 17, 2013
Sunday, October 27, 2013
අත්තම්මලා'ගේ තේරීම - අත්තානං
ජාතික යෞවන නාට්‍ය උළෙල අවුරුදු පතා පවත්වන්නෙ ජාතික තරුණ සේවා සභාව මගින්.(හැමෝම කටවහරෙ කියන 'යූත්' එක මගින්.) උළෙලේ 1, 2, 3 ස්ථාන ලබන කෙටි නාට්‍ය තුන ' රට වටේ පෙන්නන්න දිස්ත්‍රික්ක 25හේම දර්ශණ 25ක් සංවිධානය කරදීමේ වැඩපිළිවෙලක් යූත් එකෙං පටං ගත්තා 2007'දි. හැම රජයේ වැඩකටම වෙනවා වගේ මේ ප්‍රොජෙට්‍ටුවෙත් අව කැපිලා, ඇස්වහ'කටවහ දුරු වෙලා, තන්ත්‍රයට තැලිල'පොඩිවෙලා, ලොකු පුටු වල ඉන්න බූරු පුත්තුංගෙ ආණ්ඩුවට සල්ලි ඉතුරු කරල දෙන යෝජනා වලිං පෙරිලා එද්දි අන්තිමට ප්‍රතිපාදන'ද මොනවදත් ගොඩක් අඩුවෙලා, දර්ශණ 25ත් 20කට අඩු වෙලා තිබුණ. නාට්‍ය කණ්ඩායම විසින්, දර්ශණයකදි තමන්ට ගෙවන මුදලින් ආහාර සපයා ගැනීම , රංගාලෝක උපකරණ වල කුලිය ගෙවීම ආදී විවිධ වියදම් දරා'ගතයුතු වුනා.
උන්නට වඩා මලා හොඳයි කියන්නා වගේ මුල්'තැන් ලබන යොවුන් කෙටි නාට්‍ය'කරුවොත් 'මොන මොන තර්ක'විතර්ක'යෝජනා ඉදිරිපත් කරලා ඒවා ඉටු'නොවුනත්, මේ රටපුරා සංචාරෙට එකතු උනා/වෙනවා. මොකද, බඩු පැකට් වෙමින් යන නාට්‍ය'කලාවක් හිමි ලංකාවෙ අලාභයක් නැතුව රට'පුරා කෙටි නාට්‍යක් පෙන්නන්න ලැබෙන එකම නාට්‍ය'කරුවන්ට ලොකු දෙයක් නිසා.
හරකත් 2009දි 'අත්තානං' කෙටි නාට්‍යයෙන් මේ ගමනට එකතු වෙලා ලබපු අත්දැකීම් වලිං බිඳක් ලියල දාන්නයි මේ හදන්නෙ...
වැඩේ යන්නෙ මෙහෙමයි. යූත් එකේ සංස්කෘතික අංශය මගින් යූත්'දිස්ත්‍රික් කාර්යාල වලට දින ලබා දීල, ඒ ඒ දින'වලදි නාට්‍ය සංවිධානය කරන්න කියලා පවරනවා. අදාල ප්‍රතිපාදන, පොස්ටර්, හැන්ඩ්'බිල් ආදිය වෙන'වෙනම ඔවුන්ට යවනවා. දිස්ත්‍රික් කාර්යාල වලිං මේ'වැඩේ, ප්‍රාදේශීයව තියෙන යෞවන සමාජ වලිං මොකකට හරි දෙනව සංවිධානය කරන්න. ඉතිං ඒකෙ ඵලයක් විදිහට' ජීවිතේ පළමු වතාවට නම අහන්න ලැබෙන හද්ද පිටිසර ගමක' කිසිම පහසුකමක් නැතුව, 'හෝල් එකක ඡායාවක් ගෑවිලා තියෙනවා' කියලා හිතාගන්න පුළුවං මොකක්හරි පාසල් ගොඩනැගිල්ලක නාට්‍ය පෙන්නන්න වෙන අවස්ථා බහුලයි.
කෙටි නාට්‍ය තුන පෙන්නන්න සිද්දවෙන්නෙ මොනවගේ තත්වයක් යටතේද කියන එක මේ සංවිධායකයා මත රඳා පවතිනවා. මේයාලා නාට්‍ය තියා මොන කලාවක් ගැනවත් සංවේදී නැති, තේරුමක්/දැනුමක් නැති ' කොටින්ම මෙලෝ රහක් නැති රජයේ සේවකයො පමණයි. ඉතිං තමංගෙ ජොබ් එකේ කොටසක් විදිහට, කෙසේ හෝ පැවරුනු දේ කරල ඉවර කරන එක ඇරෙන්න' ඊට වඩා දෙයක් මේ සංවිධායකයින්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ.
මේ අතරෙ නාට්‍ය දර්ශණ සංවිධානය කරන්න පැනලා/රික්වෙස්ට්'කරලා බාරගන්න යෞවන සමාජ සාමාජිකයොත් ඉන්නවා. ගොඩක් වෙලාවට එයාලගෙ අරමුණ ඒ පලාතෙ කවුරු'හෝ මන්ත්‍රියෙක් මේකට ගෙන්නගෙන එයාලගෙන් තමන්'ට හොඳ නම ලබාගැනීම , නැත්තං මොකක් හෝ ඉදිරි අරමුණක් සඳහා ගම තුල ප්‍රසිද්ධ වීමේ මොකක්හරි වෙනම ඇජෙන්ඩා එකක්...
ගොඩක් වෙලාවට අපිට දකින්න ලැබුණු දෙයක් තමයි, උදේම හෝල් එකට යද්දි අතුගාල'පිරිසිදු කරලවත් නෑ, වේදිකාවෙ කැඩිච්ච ඩෙස්ක්'පුටු ගොඩ'ගහලා. හැබැයි ඒ හැමතැනකම මල්'වැලුයි, එක එක හුටප්පරයි පුරවගෙන පොල්තෙල් පහන් ලෑස්ති කරන පිරිසක් නං අනිවාර්යෙන් ඉන්නවා. අපි කිව්වට පස්සෙයි උංට ස්ටේජ් එක මතක් වෙන්නෙ...(කොහොමත් ලංකාවෙ ගොඩක් වැඩ එහෙමනෙ.. ඔක්කොමත් හරි ' පොල්තෙල් පහනත් හරි.. පහනට ගිනිතියලා සංස්කෘතිය රැක ගන්නවා මොනවා නැතත්..)
කොහොම'නමුත් මේ සංවිධායකයො අතරෙ ඉතාම හොඳින් නාට්‍ය සංවිධානය කරලා තිබුණු දෙතුන්'දෙනෙකුත් හිටපු බව මතක් කල යුතුයි.
නාට්‍ය දර්ශණ පවත්වන්නෙ' පාසල් දර්ශණයක් සහ මහජන දර්ශණයක් ලෙසයි. පාසල් දර්ශණයට පෙර, පැමිණි පාසල් වල නාට්‍ය හා රංග කලාව හදාරන ළමුන්ට පුංචි වැඩමුලුවක්'ද නාට්‍ය'කරුවන් විසින් කලයුතු වෙනවා.
2009දී මේ ගමනට එකතු'උනේ ගයාන් දේශප්‍රියගේ "කූඩුවට එනකං" , චාමර ගුරුගේ'ගේ "පෙම් යුවලක් සහ පෙම් යුවලක්" , හර්ෂ තෙන්නකෝන්'ගේ "අත්තානං" යන කෙටි නාට්‍ය තුනයි. යූත් එකෙං දිනෙයි වෙලාවයි දුන්නම අපි සෙට්'එක යූත් එකට යනවා. යූත් එකේ ප්‍රවාහන අංශය මගින් අදාල තැනට අපිව එක්ක'යනවා. නාට්‍ය තුනේ සෙට් එක' ලයිට් බඩු ආදිය වෙනම ලොරියක අරං යනවා.
අපරාදෙ කියන්න බෑ' යූත් එකෙං නාට්‍ය කණ්ඩායම ෂෝ'ස් වලට එක්කං ගියේ එයාලගෙ සුඛෝපභෝගීම බස් රථයෙන්. සමහර ආසන වල වාඩි වෙලා යද්දි දැනෙන්නෙ කපුටු කූඩුවක් උඩ යනවා වගේ..වැස්සකට අහු'උන මුල් දවසෙ තමයි දැනගත්තෙ පිටිපස්සෙම ආසන පේලි දෙක වැසි ජලයට ගෝචර බව.. වැහි දින වලදී ඇඟට වැටෙන ජල බිංදු වලිං වහනය'උනු මලකඩ සුවඳ අපේ ගමනට අමුතු රසයකුත් එකතු කලා. කොහොම'උනත් වැහැපු මුල් දවසෙන් පස්සෙ, වැස්සකටවත් කුඩයක් ඉහලන්'නැති අපේ'උං ෂෝ එකකට යනවනං බස්'එක ඇතුලෙ ඉහලගන්න 'අනිවා ගෙනියනවා කුඩ..
දවසක් බදුල්ලෙ ෂෝ එකට ගිහිං පහුවදාට මොණරාගල ෂෝ එකට යන්න තියෙන නිසා කොහේදෝ'මංද කඳු'පල්ලං'වංගු වැඩි පැත්තක අපි ගිහිං නැවතුනා. පහුවදා උදේම ඩ්‍රයිවර් අයියා බස්'එකේ මොකද්ද ඇටයක් රෙපෙයාර් කරන්න තියෙනවා කියලා ගරාජ්කාරයෙක් හොයාගෙන ගියා බස් එකෙන්ම.. ඉතිං අපි එදා ෂෝ එකට අදාල සංවිධායකයටත් කෝල්'කරලා පරක්කු වෙන බව දන්නලා' ඔන්න බලං ඉන්නව.. සෑහෙන වෙලාවකට පස්සෙ ඩ්‍රයියා'ගෙන් කෝල් එකක් ;
උන්නට වඩා මලා හොඳයි කියන්නා වගේ මුල්'තැන් ලබන යොවුන් කෙටි නාට්‍ය'කරුවොත් 'මොන මොන තර්ක'විතර්ක'යෝජනා ඉදිරිපත් කරලා ඒවා ඉටු'නොවුනත්, මේ රටපුරා සංචාරෙට එකතු උනා/වෙනවා. මොකද, බඩු පැකට් වෙමින් යන නාට්‍ය'කලාවක් හිමි ලංකාවෙ අලාභයක් නැතුව රට'පුරා කෙටි නාට්‍යක් පෙන්නන්න ලැබෙන එකම නාට්‍ය'කරුවන්ට ලොකු දෙයක් නිසා.
හරකත් 2009දි 'අත්තානං' කෙටි නාට්‍යයෙන් මේ ගමනට එකතු වෙලා ලබපු අත්දැකීම් වලිං බිඳක් ලියල දාන්නයි මේ හදන්නෙ...
![]() |
| අත්තානං by Harsha Thennakoon |
වැඩේ යන්නෙ මෙහෙමයි. යූත් එකේ සංස්කෘතික අංශය මගින් යූත්'දිස්ත්‍රික් කාර්යාල වලට දින ලබා දීල, ඒ ඒ දින'වලදි නාට්‍ය සංවිධානය කරන්න කියලා පවරනවා. අදාල ප්‍රතිපාදන, පොස්ටර්, හැන්ඩ්'බිල් ආදිය වෙන'වෙනම ඔවුන්ට යවනවා. දිස්ත්‍රික් කාර්යාල වලිං මේ'වැඩේ, ප්‍රාදේශීයව තියෙන යෞවන සමාජ වලිං මොකකට හරි දෙනව සංවිධානය කරන්න. ඉතිං ඒකෙ ඵලයක් විදිහට' ජීවිතේ පළමු වතාවට නම අහන්න ලැබෙන හද්ද පිටිසර ගමක' කිසිම පහසුකමක් නැතුව, 'හෝල් එකක ඡායාවක් ගෑවිලා තියෙනවා' කියලා හිතාගන්න පුළුවං මොකක්හරි පාසල් ගොඩනැගිල්ලක නාට්‍ය පෙන්නන්න වෙන අවස්ථා බහුලයි.
කෙටි නාට්‍ය තුන පෙන්නන්න සිද්දවෙන්නෙ මොනවගේ තත්වයක් යටතේද කියන එක මේ සංවිධායකයා මත රඳා පවතිනවා. මේයාලා නාට්‍ය තියා මොන කලාවක් ගැනවත් සංවේදී නැති, තේරුමක්/දැනුමක් නැති ' කොටින්ම මෙලෝ රහක් නැති රජයේ සේවකයො පමණයි. ඉතිං තමංගෙ ජොබ් එකේ කොටසක් විදිහට, කෙසේ හෝ පැවරුනු දේ කරල ඉවර කරන එක ඇරෙන්න' ඊට වඩා දෙයක් මේ සංවිධායකයින්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ.
මේ අතරෙ නාට්‍ය දර්ශණ සංවිධානය කරන්න පැනලා/රික්වෙස්ට්'කරලා බාරගන්න යෞවන සමාජ සාමාජිකයොත් ඉන්නවා. ගොඩක් වෙලාවට එයාලගෙ අරමුණ ඒ පලාතෙ කවුරු'හෝ මන්ත්‍රියෙක් මේකට ගෙන්නගෙන එයාලගෙන් තමන්'ට හොඳ නම ලබාගැනීම , නැත්තං මොකක් හෝ ඉදිරි අරමුණක් සඳහා ගම තුල ප්‍රසිද්ධ වීමේ මොකක්හරි වෙනම ඇජෙන්ඩා එකක්...
ගොඩක් වෙලාවට අපිට දකින්න ලැබුණු දෙයක් තමයි, උදේම හෝල් එකට යද්දි අතුගාල'පිරිසිදු කරලවත් නෑ, වේදිකාවෙ කැඩිච්ච ඩෙස්ක්'පුටු ගොඩ'ගහලා. හැබැයි ඒ හැමතැනකම මල්'වැලුයි, එක එක හුටප්පරයි පුරවගෙන පොල්තෙල් පහන් ලෑස්ති කරන පිරිසක් නං අනිවාර්යෙන් ඉන්නවා. අපි කිව්වට පස්සෙයි උංට ස්ටේජ් එක මතක් වෙන්නෙ...(කොහොමත් ලංකාවෙ ගොඩක් වැඩ එහෙමනෙ.. ඔක්කොමත් හරි ' පොල්තෙල් පහනත් හරි.. පහනට ගිනිතියලා සංස්කෘතිය රැක ගන්නවා මොනවා නැතත්..)
කොහොම'නමුත් මේ සංවිධායකයො අතරෙ ඉතාම හොඳින් නාට්‍ය සංවිධානය කරලා තිබුණු දෙතුන්'දෙනෙකුත් හිටපු බව මතක් කල යුතුයි.
නාට්‍ය දර්ශණ පවත්වන්නෙ' පාසල් දර්ශණයක් සහ මහජන දර්ශණයක් ලෙසයි. පාසල් දර්ශණයට පෙර, පැමිණි පාසල් වල නාට්‍ය හා රංග කලාව හදාරන ළමුන්ට පුංචි වැඩමුලුවක්'ද නාට්‍ය'කරුවන් විසින් කලයුතු වෙනවා.
2009දී මේ ගමනට එකතු'උනේ ගයාන් දේශප්‍රියගේ "කූඩුවට එනකං" , චාමර ගුරුගේ'ගේ "පෙම් යුවලක් සහ පෙම් යුවලක්" , හර්ෂ තෙන්නකෝන්'ගේ "අත්තානං" යන කෙටි නාට්‍ය තුනයි. යූත් එකෙං දිනෙයි වෙලාවයි දුන්නම අපි සෙට්'එක යූත් එකට යනවා. යූත් එකේ ප්‍රවාහන අංශය මගින් අදාල තැනට අපිව එක්ක'යනවා. නාට්‍ය තුනේ සෙට් එක' ලයිට් බඩු ආදිය වෙනම ලොරියක අරං යනවා.
![]() |
| "පළමු වැසි දිනය" |
දවසක් බදුල්ලෙ ෂෝ එකට ගිහිං පහුවදාට මොණරාගල ෂෝ එකට යන්න තියෙන නිසා කොහේදෝ'මංද කඳු'පල්ලං'වංගු වැඩි පැත්තක අපි ගිහිං නැවතුනා. පහුවදා උදේම ඩ්‍රයිවර් අයියා බස්'එකේ මොකද්ද ඇටයක් රෙපෙයාර් කරන්න තියෙනවා කියලා ගරාජ්කාරයෙක් හොයාගෙන ගියා බස් එකෙන්ම.. ඉතිං අපි එදා ෂෝ එකට අදාල සංවිධායකයටත් කෝල්'කරලා පරක්කු වෙන බව දන්නලා' ඔන්න බලං ඉන්නව.. සෑහෙන වෙලාවකට පස්සෙ ඩ්‍රයියා'ගෙන් කෝල් එකක් ;
"මල්ලි අවුල හදාගත්තා. කට්ටිය සෙට්'වෙලා ඉන්න. ආපු ගමං සට ගාල යමු.."
ඕං කට්ටියත් සෙට්'උනා කියමුකො. විනාඩි 20කිං විතර ආපහු ඩ්‍රයියා'ගෙන් අතරමග ඉඳං කෝල්'එකක්..;
"මල්ලි, ගරාජ්'බාසුන්නැහැගෙ නම්බර්'එක දෙන්නං. පොඩ්ඩක් කතා කරලා මෙතෙන්ට ගෙන්නලා දෙන්නකො. මේ ලබ්බෙ'ස්ටියරිං වීල් එක කැරකෙන්'නැතුව ගියා.
කෙලිං විතරයි යන්න පුළුවං.."
කෙලිං විතරයි යන්න පුළුවං.."
. . . . .
බඩු ගෙනියන ලොරියත් ඊට හපං.. පාරෙ යද්දි සෙනග උඩ'බිම බලනවා. උං හිතන්නෙ හෙලිකොප්ටරයක් එනවා කියලා. ඒ තරමට සද්දෙ...
ලොරියෙ කොලිටිය නිසාම සංචාරෙ දෙවෙනි දවසෙ ඉඳං ලයිට්ස් ඔක්කොම' නාට්‍ය'ගාල දක්කගෙන යන බස් එකටම පටවගෙන යන්න අපි පුරුදු'උනා.
එක'පාරක් දිඹුලාගල තිබුණු ෂෝ එකට කලිං දවසෙ අපි යන්න පිටත් වෙන්න හදද්දියි දැනගත්තෙ, ලයිට්'බඩු කුලියට ගන්න අයියට කලිං පණිවිඩේ ලැබිලා නැති බව. ඉතිං හදිස්සියෙ කොළඹිං ලයිට් හොය හොයා ඉන්න එක තේරුමක් නැති නිසා දිඹුලාගල ෂෝ එක සංවිධානය කරන කෙනාට කෝල්'කරලා කිව්වා, "එහෙං ලයිට් හයර්'කරන්න , අපි ඇවිත් ගෙවන්නං" කියලා. ඒ පැති වල නාට්‍ය පෙන්නන්න අවශ්‍ය ලයිට් හොයන්න අමාරු'බව දන්න නිසයි, ෂෝ එක කරන්න තිබුණු හෝල් එකේ ශක්‍යතාව අපි දැනන්'හිටපු නිසයි අපි සංවිධායකට කිව්වෙ 'හොඳට එලිය තියෙන අහවල්'අහවල් ලයිට් වර්ග වලිං 4ක් තිබුණොත් හොඳටම ඇති, කලර් පේපර්ස් අපි ලඟ තියෙනව, කොහොම හරි හොයලා තියන්න' කියලා. හැබැයි පොර එහෙ ඉඳං කිව්වා..;
"මල්ලිල බය වෙන්න එපා, නියම බඩු ටිකක් මෙහෙ තියෙනවා. කිව්වම එයාල ඇවිත් සෙට්'කරලා දීලත් යනවා. මං ගානට වැඩේ කරලා තියන්නං"
අපි දිඹුලාගලට යද්දි ගොඩක් රෑ වෙලා තිබුණා. කෝකටත් කියලා පහුවදා පාන්දරම හරකයි, 'කූඩුවට එනකං' නාට්ටියෙ ගයානුයි ගියා වැඩ කරන කෙනෙක්වත් කතා'කරගෙන හෝල් එකට, ගෙනල්ල තියෙන ලයිට්ස් ටික බලන්න. අපි යද්දි හෙන'සෙට් එකක් හිටු කියලා වැඩ... කවදාවත් නොදැකපු අමුතු ගැජමැටික්ස්ස්ස් වගේකුත් හෝල් එකේ තැනින්'තැන තිබුණා. සමහර ගැජට් ඒ වෙනකොටත් බාර්'ගහලා එල්ලලා. මොකුත් හිතාගන්න බැරිඋන අපි, එතන ලොක්ක වගේ හිටපු ඩයල් එකට කතාකලා...
"අයියෙ, මේ මොනවද...?"
"ලයිට්.."
"ලයිට්...???"
"ඇයි මල්ලි අහවල් මහත්තය අපිට ඕඩර් එක දුන්නා උදේම ඇවිත් හයි'කරන්න කියලා.."
"අද තියෙන්නෙ නාට්ටියක්, මේවයිං කොහොමද අ......."
"ඔව් මල්ලි දන්නවා, ඊයෙ මහත්තය කිව්ව නාට්ටියක් කියලා. මේවා අළුත්ම බඩු මල්ලි. උඹලට නියමෙට වැඩේ කරන්න පුළුවං. මේවල වොයිස් රෙකග්නිසං තියෙනවා. ඔයාලගෙ වොයිස් එකට මේ ලයිට් වල රේන්බෝ කලර් ඔටෝ චේන්ජුත් වෙනවා. බය'වෙන්න එපා, අපි කන්සෝල් එක ගාව අපේ එකෙක්ව තියලයි යන්නෙ..."

සංවිධායක'කාරය ඕඩර්'කරලා තියෙන්නෙ ඒ පැත්තෙ මියුසිකල් ෂෝ'ස් වලට ලයිට් දෙන මුදලාලි කෙනෙකුගෙ බඩු වගයක්... අපිට තරු එක්ක රේන්බෝ කලර්සුත් පේන්න ගත්තා...
එවෙලෙම ගත්තා කෝල්'එකක් සංවිධායකට...
ගම්'පලාත් වලදි යොවුන් නාට්‍ය බලන්න 60 පැනපු ආච්චිලා'සීයලා සෑහෙන්න එන බව, අපිට ෂෝ'ස් දෙක'තුනක් යද්දි කැපිලා පේන්න ගත්තා. විෂේශයෙන් ආච්චිලා... මේක නුපුරුදු අත්දැකීමක් නිසා අපි මේ වැඩිහිටි උදවිය එක්ක වටිං'ගොඩිං කතා'බහ කරලා හේතුව හොයාගත්තා. යූත් එකෙං පබ්ලිසිටියට ගහන පෝස්ටර්, හෑන්ඩ්'බිල් ඔක්කෝගෙම "අත්තානං" කෙටි නාට්‍ය සඳහා දාල තිබුණෙ මේ ලිපියෙ උඩින්ම තියෙන ෆොටෝ එක... ඒකෙ සිවුර දැකලා බෞද්ධ නාට්ටියක් කියලා හිතාගෙනයි මේ වැඩිහිටියෝ එන්න පෙළඹිලා තියෙන්නෙ...
තේරුං'ගන්න අපහසු ගැඹුරු නාට්‍යක් විදිහට ගොඩක් අය ප්‍රතිචාර දක්වපු "අත්තානං" නාට්‍යය, මේ වැඩිහිටි උදවියත් ඔහේ බලං හිටියා. ඔය'අතරෙ සිවුර දැකලා නාට්ටි බලන්න ආපු ගොඩක් ආච්චිලා "පෙම් යුවලක් සහ පෙම් යුවලක්" කෙටි නාට්‍ය යන'අතරෙදි බැන බැන ගෙදර යනවා. මොකද, මේ නාට්ටියෙ මැද හරියෙදි එක පෙම්වතියක් තමන්ගෙ පෙම්වතාගෙ කම්මුලට කිස් එකක් දෙන තැනක් තියෙනවා. මේක දැකපු සමහර ආච්චිලා තමංගෙ කොටහළු වෙච්ච මිණිපිරීලව ඇදගෙන බැන බැන යන්නෙ හරියට අපි ඒ කෙල්ලව දූෂනය කලා වගේ. දවසක් කිස් එකට හිරි'ඔතප් බිඳුනු ආච්චියෙක් ගමේ කොල්ලො දම්මලා නාට්ටි හැතිකරේට ගස්සනව කියලා නාට්‍යය අතරෙදිම සියළු නරඹන්නන් ඉදිරියේ ශපථ කරලා යන්න ගියා.
ආච්චිලා විතරක් නං බැරියෑ....මේ කාරණේදි වයස් භේදයක් තිබුණෙ නෑ. වයස , ස්ත්‍රී'පුරුෂ භේදයට සාපෙක්ෂව ආපු විවිධ ප්‍රතිචාර බොහොමෙකින් අපිට ප්‍රත්‍යක්ෂ වුණේ බහුතර සාමන්‍ය ජනතාවගෙ උප'විඥානයේ ස්වභාවයයි. වෙන විදිහකට කියනවනං, ලංකාවෙ වැඩි'හරියක් මිනිස්සුන්ගෙ, අවුරුදු 2500ක ශිෂ්ඨත්ව බරෙන් තැලුනු රසවින්දනයේ තරම තමා ඔය...
කොහොමහරි මේ සිද්දි නිසා, අනිත් නාට්‍ය කණ්ඩායම් දෙකෙන් "අත්තානං" නාට්‍ය කණ්ඩායමට වැදුනු සුන්දර 'හින්ට්' එකක් තමයි "අත්තම්මලා'ගේ තේරීම - අත්තානං" කියන්නෙ...
හරක' රට'පුරා යන නාට්‍ය කීපෙකට සම්බන්ධ වෙලා හිටියත්, ඒවා සංවිධානය කරන්නෙ යම්කිසි වෘත්තීය මට්ටමකින් නාට්‍ය සංවිධානය කරන අය විසිනුයි. ඔවුන් ගම්'පලාත් වලට නාට්‍ය ගෙනිච්චත් පෙන්නන්න තෝරගන්නෙ, වැඩිපුර මිනිස්සු ගෙන්න'ගන්න පුළුවං ටවුන් වල තියෙන ශාලා නිසා අහු'මුළු වලට යැවෙන්නෙ නෑ. ඉතිං යූත් එකේ මේ නාට්‍ය පෙන්වීමේ වැඩපිළිවෙල අදහසක් විදිහට හරකට නං ඉතාම වටින දෙයක්. මොකද, සමහර ගම් වලදි කවදාවත් නාට්‍යක් නොබලපු නාට්‍ය ගුරුවරු පවා අපිට මුණගැහුනා. භරතමුණිව ඔළුවට දිය'කරගෙන ශාස්ත්‍රීය ටෝක් දෙන සමහර නාට්‍ය ගුරුවරුන්ට/ප්‍රොෆෙසර්ලට වඩා ළමයි අපිට සමීප වුණා. ළමයි අපි එක්ක කතා'බහ කරලා වගේම ප්‍රායෝගිකවත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒ මොනව නැතත්, කවදාවත් නාට්‍යක් නොබලපු අය නාට්‍යක් බැලුවා. නාට්‍යකට කියලා මනමේ, සිංහබාහු විතරක් බලලා තිබුණු සමහරු, ඊට වඩා වෙනස් නාට්‍යත් තියෙන බව දැනගත්තා.
හැබැයි ඉතිං ලංකාවෙ අනිත් හැම දෙයක්ම සිද්ද වෙන විදිහටමයි මේ වැඩපිළිවෙලත් ක්‍රියාත්මක වෙන්නෙ. අවසාන ඵලයක් දකින්න බෑ. ඒකයි හරකා මේ'වැඩපිළිවෙල අදහසක් විදිහට හොඳ බව උඩදී කිව්වෙ.
ගිය අවුරුද්දෙ(2012) "Reality" කෙටි නාට්‍යයෙනුත් හරක මේ චාරිකාවට එකතු'උනා. 2007දි දර්ශණ 25කින් 20ට බැහැලා පටංගත්තු මේ වැඩේ 2009 වෙද්දි දර්ශණ 15කට අඩු'උනා. නමුත් 2012 වෙද්දි ආපහු දර්ශණ 20ක් දක්වා වැඩි වෙලා තිබුණා. කපුටු'කූඩෙයි හෙලිකොප්ටරෙයි වෙනුවට ඇත්තම බස්'එකක් සහ ලොරියක් ලැබුණා. ඒත් 2009දි ලබපු අත්දැකීම් එක්ක සසඳද්දි අවුරුදු 3ක් ගත'වෙලත් මේ ක්‍රියාවලියෙ නං කිසිම දියුණුවක් වෙලා තිබුණෙ නෑ. වෙලා තිබුණෙ,' නාට්‍යකරුවෝ, ප්‍රේක්ෂකයෝ සහ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන සේවකයෝ යන තුන්'ගොල්ලටම මේක මාර වැඩක් වගේ පේන්න/දැනෙන්න පොලිටිකල් අයිසිං පාරක් වැදිලා තිබුණු එක විතරයි. ඒ මදිවට 2012 වෙද්දි අර යොවුන් පාර්ලිමේන්තුවෙ හිපාටුවොංගෙ ගඳ මේ හැම තැනකම පැතිරිලා තිබුණා. පත්තු කරපු පොල්තෙල් පහන් වලටවත් ඒ රස්නෙ කැපිල'ගියේ නෑ.
* ලංකාව වගේ රටවල මෙව්වා මේ වගේ උනාට, මනසින් දියුණු මිනිස්සු ජීවත් වෙන රටවල නාට්‍ය යනු අතිවිෂිශ්ට කලා මාධ්‍යක් (High Value Art) බව කරුණාවෙන් සලකන්න.
* Gladiator ප්‍රේමය _ ( නැරඹුවා'ද..??? ) ලිපියේ නාට්‍යක් තත්වාකාරයෙන් රූපගත කරන ආකාරය ගැන කෙටි සටහනක් තියෙනවා. ඒ ආකාරයට නොව, ආධුනික කැමරා ශිල්පියෙක් විසින් රූපගත කල "අත්තානං" නාට්‍යයේ වීඩියෝවක් පහත ලින්කුවෙන් නැරඹිය හැකියි.(එම වීඩියෝවෙන් "අත්තානං" නාට්‍යයේ සැබෑ රූපය සමඟ ගොනු'වූ යටිපෙල ප්‍රක්ෂේපණය වන්නේ අවම වශයෙන් බව සලකන්න.)
"අත්තානං" කෙටි නාට්‍යය
එවෙලෙම ගත්තා කෝල්'එකක් සංවිධායකට...
"අයියෙ මොනවද මේ ගෙන්නල තියෙන්නෙ ??? මේ ලයිට් වලිං නං නාට්ටි පෙන්නන්න බෑ.. අපිට ඕන කරන්...""
"ඇයි මල්ලි, ඔයාලට මාර කලර්ෆුල් විදිහට නාට්ටිය පෙන්නන්ඩ පුල්ළුවංනෙ. ඔයාල දන් නැති උනාට එයාලගෙ ලයිට් වල අළුත් වැඩ'කෑලි ගොඩක් තියෙනවා.."
ඒ'යකත් ඒකම කියවන්න ගත්තා. අපි කොච්චර තේරුං කරන්න හැදුවත් මිනිහට තේරුනේ නෑ, රේන්බෝ කලර් වලිං මේ නාට්‍ය පෙන්නන්න බැරි බව. අන්තිමට අපි ඒ ගමේ මරණාධාර සමිතියෙං ගෙන්න'ගත්තු හැලජන් 2ක් ගහලයි නාට්ටිය පෙන්නුවෙ.![]() |
| පෙම් යුවලක් සහ පෙම් යුවලක් by Chamara Guruge |
ගම්'පලාත් වලදි යොවුන් නාට්‍ය බලන්න 60 පැනපු ආච්චිලා'සීයලා සෑහෙන්න එන බව, අපිට ෂෝ'ස් දෙක'තුනක් යද්දි කැපිලා පේන්න ගත්තා. විෂේශයෙන් ආච්චිලා... මේක නුපුරුදු අත්දැකීමක් නිසා අපි මේ වැඩිහිටි උදවිය එක්ක වටිං'ගොඩිං කතා'බහ කරලා හේතුව හොයාගත්තා. යූත් එකෙං පබ්ලිසිටියට ගහන පෝස්ටර්, හෑන්ඩ්'බිල් ඔක්කෝගෙම "අත්තානං" කෙටි නාට්‍ය සඳහා දාල තිබුණෙ මේ ලිපියෙ උඩින්ම තියෙන ෆොටෝ එක... ඒකෙ සිවුර දැකලා බෞද්ධ නාට්ටියක් කියලා හිතාගෙනයි මේ වැඩිහිටියෝ එන්න පෙළඹිලා තියෙන්නෙ...
තේරුං'ගන්න අපහසු ගැඹුරු නාට්‍යක් විදිහට ගොඩක් අය ප්‍රතිචාර දක්වපු "අත්තානං" නාට්‍යය, මේ වැඩිහිටි උදවියත් ඔහේ බලං හිටියා. ඔය'අතරෙ සිවුර දැකලා නාට්ටි බලන්න ආපු ගොඩක් ආච්චිලා "පෙම් යුවලක් සහ පෙම් යුවලක්" කෙටි නාට්‍ය යන'අතරෙදි බැන බැන ගෙදර යනවා. මොකද, මේ නාට්ටියෙ මැද හරියෙදි එක පෙම්වතියක් තමන්ගෙ පෙම්වතාගෙ කම්මුලට කිස් එකක් දෙන තැනක් තියෙනවා. මේක දැකපු සමහර ආච්චිලා තමංගෙ කොටහළු වෙච්ච මිණිපිරීලව ඇදගෙන බැන බැන යන්නෙ හරියට අපි ඒ කෙල්ලව දූෂනය කලා වගේ. දවසක් කිස් එකට හිරි'ඔතප් බිඳුනු ආච්චියෙක් ගමේ කොල්ලො දම්මලා නාට්ටි හැතිකරේට ගස්සනව කියලා නාට්‍යය අතරෙදිම සියළු නරඹන්නන් ඉදිරියේ ශපථ කරලා යන්න ගියා.
ආච්චිලා විතරක් නං බැරියෑ....මේ කාරණේදි වයස් භේදයක් තිබුණෙ නෑ. වයස , ස්ත්‍රී'පුරුෂ භේදයට සාපෙක්ෂව ආපු විවිධ ප්‍රතිචාර බොහොමෙකින් අපිට ප්‍රත්‍යක්ෂ වුණේ බහුතර සාමන්‍ය ජනතාවගෙ උප'විඥානයේ ස්වභාවයයි. වෙන විදිහකට කියනවනං, ලංකාවෙ වැඩි'හරියක් මිනිස්සුන්ගෙ, අවුරුදු 2500ක ශිෂ්ඨත්ව බරෙන් තැලුනු රසවින්දනයේ තරම තමා ඔය...
කොහොමහරි මේ සිද්දි නිසා, අනිත් නාට්‍ය කණ්ඩායම් දෙකෙන් "අත්තානං" නාට්‍ය කණ්ඩායමට වැදුනු සුන්දර 'හින්ට්' එකක් තමයි "අත්තම්මලා'ගේ තේරීම - අත්තානං" කියන්නෙ...
![]() |
| කූඩුවට එනකං by Gayan Deshapriya |
හැබැයි ඉතිං ලංකාවෙ අනිත් හැම දෙයක්ම සිද්ද වෙන විදිහටමයි මේ වැඩපිළිවෙලත් ක්‍රියාත්මක වෙන්නෙ. අවසාන ඵලයක් දකින්න බෑ. ඒකයි හරකා මේ'වැඩපිළිවෙල අදහසක් විදිහට හොඳ බව උඩදී කිව්වෙ.ගිය අවුරුද්දෙ(2012) "Reality" කෙටි නාට්‍යයෙනුත් හරක මේ චාරිකාවට එකතු'උනා. 2007දි දර්ශණ 25කින් 20ට බැහැලා පටංගත්තු මේ වැඩේ 2009 වෙද්දි දර්ශණ 15කට අඩු'උනා. නමුත් 2012 වෙද්දි ආපහු දර්ශණ 20ක් දක්වා වැඩි වෙලා තිබුණා. කපුටු'කූඩෙයි හෙලිකොප්ටරෙයි වෙනුවට ඇත්තම බස්'එකක් සහ ලොරියක් ලැබුණා. ඒත් 2009දි ලබපු අත්දැකීම් එක්ක සසඳද්දි අවුරුදු 3ක් ගත'වෙලත් මේ ක්‍රියාවලියෙ නං කිසිම දියුණුවක් වෙලා තිබුණෙ නෑ. වෙලා තිබුණෙ,' නාට්‍යකරුවෝ, ප්‍රේක්ෂකයෝ සහ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන සේවකයෝ යන තුන්'ගොල්ලටම මේක මාර වැඩක් වගේ පේන්න/දැනෙන්න පොලිටිකල් අයිසිං පාරක් වැදිලා තිබුණු එක විතරයි. ඒ මදිවට 2012 වෙද්දි අර යොවුන් පාර්ලිමේන්තුවෙ හිපාටුවොංගෙ ගඳ මේ හැම තැනකම පැතිරිලා තිබුණා. පත්තු කරපු පොල්තෙල් පහන් වලටවත් ඒ රස්නෙ කැපිල'ගියේ නෑ.
"අත්තානං" නාට්‍යත් එක්ක රට'පුරා අහු'මුළු වල රිංගන්න ලැබුණු මේ චාරිකාව, නගරෙ සැපට හැදිච්ච හරකට ජීවන අත්දැකීම් ගොඩක් එකතු කලා. නමුත් අපි හැමෝම ලබපු අත්දැකීම් එකිනෙකාට සාපේක්ෂයි. සමහරුන්ට මේ ගමන ඉතාම සාමන්‍යයි. ඔක්කොටම වඩා සල්ලි කීයක්'හරි එකතු කරගන්න ලැබෙන එක, ගොඩක් අය මේ ගමනට කැමැත්තෙන් එකතු වෙන්න හේතුවක්. ඔය අතරෙ මේ වැඩේ "පට්ට ඩ්‍රැමටික් ආර්ට්" එකක් වුණු දෙතුන්'දෙනෙකුත් හිටියා.
හහ් හා....
ඔහොම තමයි ඉතිං...
සාආආආ....පේක්ෂයි !!!
ප.ලි.
* ලංකාව වගේ රටවල මෙව්වා මේ වගේ උනාට, මනසින් දියුණු මිනිස්සු ජීවත් වෙන රටවල නාට්‍ය යනු අතිවිෂිශ්ට කලා මාධ්‍යක් (High Value Art) බව කරුණාවෙන් සලකන්න.
* Gladiator ප්‍රේමය _ ( නැරඹුවා'ද..??? ) ලිපියේ නාට්‍යක් තත්වාකාරයෙන් රූපගත කරන ආකාරය ගැන කෙටි සටහනක් තියෙනවා. ඒ ආකාරයට නොව, ආධුනික කැමරා ශිල්පියෙක් විසින් රූපගත කල "අත්තානං" නාට්‍යයේ වීඩියෝවක් පහත ලින්කුවෙන් නැරඹිය හැකියි.(එම වීඩියෝවෙන් "අත්තානං" නාට්‍යයේ සැබෑ රූපය සමඟ ගොනු'වූ යටිපෙල ප්‍රක්ෂේපණය වන්නේ අවම වශයෙන් බව සලකන්න.)
"අත්තානං" කෙටි නාට්‍යය
Saturday, October 5, 2013
ජීවිතය ජාල'ගත කර කෙලවා'ගැනීම : Disconnect
ගාල්ල-කොළඹ අධිවේගී මාර්ගය විවෘත වෙලා මාස දෙකකට විතර පස්සෙ මුල්'වරට හරක ඒ පාරෙන් ගාලු ගියා. යන අතරමගදි මනුස්සයෙක් අඩි දෙකක්වත් උස නැති යකඩ වැටෙන් පැනලා එළුවො තුන් දෙනෙකුත් පන්නගෙන, දක්කගෙන පාර මාරු උනා. අපි සාමන්‍යයෙන් පාර මාරු වෙද්දි එන වාහනේට නවතින්න අතින් සංඥා කරනවා වගේ, මේ මනුස්සයත් හරකට අත දික්'කරගෙනයි පාර මාරු උනේ.
ලෝකෙ කොහේ උනත් අලුත් දෙයක් සමාජගත වෙද්දි, ඒ වෙනස සාමාන්‍යකරණය වෙන්න ටික කාලයක් ගතවෙනවා. ඒක හැටි. හැබැයි ලංකාව වගේ රටවල ඛේදවාචකය තමයි සියළු අලුත්වීම් සිදුවෙන හැම අවස්ථාවකදිම, මිනිස්සු(සමාජය) ඒ වෙනසට මුහුණදිය හැකි මානසික මට්ටමට හා දැනුම් මට්ටමට වඩා දශක කීපයක් පිටුපසින් සිටීම.
උඩිං කියපු සිද්දිය වගේ සිද්දි ඕන'තරං මේකට උදාහරණ විදිහට දක්වන්න පුළුවං. අධිවේගී මාර්ගය විවෘත කරපු දවස් වල ඒකෙ'යන වාහන වලට ගල් ගහපු මිනිස්සුත් හිටියා. ඒ වගේ සිද්දි දිහා බලද්දි'නං හිතෙන්නෙ අපි දශක ගානක් නෙමෙයි, අවුරුදු සිය'ගානක් පිටිපස්සෙන් ඉන්නව කියල.
" ඇයි එහෙම වෙන්නෙ ? " කියන ප්‍රශ්නෙට තියෙන්නෙ වචන 3ක් උනාට, උත්තරේ නං මලලසේකර ඩික්ෂ්නරිය පුරවන්න තරං දිගයි. ඉතිං හරකට ඕනෙ ඒ ගැන කියන්න නං නෙමෙයි.
පහුගිය දවසක හරක Disconnect කියන ෆිල්ම් එක බැලුව. මේ වෙනකොට ලෝකයේ සිටින්නේ තාක්ෂණය සමග ජීවත් වෙන මිනිස්සු නොව තාක්ෂණය තුල ජීවත් වෙන මිනිස්සුයි. සයිබර්'අවකාශය අපේ ජීවිතයේ එක් කොටසක් වෙනවාට වඩා, අපි සයිබර්'අවකාශය තුල ජීවත් වෙන පිරිසක් වෙලා. ඒ වගේ ජීවිත තවත් අයගේ ගොදුරු බවට පත්වෙන්නෙ කොහොමද කියන එක, ඉතාම සංවේදීව Disconnect ඇතුලෙ කතාබහ කරනව. මේ ෆිල්ම් එක මහා සිනමා කාව්‍යක් නෙමෙයි. බලන අය රූප'භාෂාවේ හරඹ හෝ රූප කියවන ආකාරය දැනගෙන ඉන්න ඕන නෑ. හරකට අනුව මේක ඉතාම වැදගත් චිත්‍රපටියක් වෙන්නෙ ඒ'නිසයි. බලන අය බුද්ධිමත්ව ඒක තමන්ගෙ ජීවිතයට අදාල කරගන්න. කිසිම දෙබසක් මග අරින්න එපා. ඒවගේම තිරයේ දිස්වෙන chat lines සියල්ල කියවන්න.(ඉක්මණින් කියවන්න අමාරු නම් pause කරමින් හෝ..) මොකද ඒ කතාව ඇතුලෙ ඉන්නෙ අපි'අපිමයි. ඒ අපේ ජීවිතයයි.
තවමත් ලංකාවෙ වැඩි පිරිසක් සයිබර්'අවකාශය හෝ සමාජ ජාල පාවිච්චියෙන් තොරයි. හැබැයි තව අවුරුදු කීපයක් තුල ඒක කනපිට හැරෙන බව නං සහතිකයි. මේ ලිපියෙ මුල්'හරිය වෙන විදිහකට ලියවුනෙත් ඒ නිසයි. Discunnect'හි කතාකරන ඛේදවාචකය, ඉස්සරහට අපේ සමාජය ඇතුලෙ දහ'දොලොස් ගුණයක් වඩා බරපතලව සිද්ද වෙන්න පුළුවං බව හරකට හිතෙන්නෙත් ඒ මුලිං කියපු කරුණු නිසාමයි.
මෙන්න Disconnect චිත්‍රපටියේ torrent link එක.
හැමෝම බාගෙන බලපල්ලා...

- Disconnect (867mb bluray copy)
- Disconnect (382mb copy) : (මේ පිටපත හොඳද කියල නං දන් නෑ. හැමෝම මේ ෆිල්ම් එක බැලීම වඩා වැදගත් නිසා මේ ලින්ක් එකත් දැම්මා. උඩ එක බාන්න ලෝබයි වගේ නං මේකවත් බාගෙන බලන්න)
Subscribe to:
Posts (Atom)